• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

උපයෝගිතා කොමිසමයි ලංවිමයි යුද්ධයක! සභාපතිට එරෙහිව ඉංජිනේරුවෝ කැරැල්ලක් ගහයි!

August 30, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
ලයිට් කපන්නේ නෑ කියලා කංචන කියන කතාව වැඩිය ගණන් ගන්න එපා!
Share on WhatsAppShare on Facebook

මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක විසින් මාධ්‍ය වෙත සිදුකරන ප්‍රකාශ සම්බන්ධව ලංවිම ඉංජිනේරුවන්ගේ සංගමය නිවේදනයක් නිකුත්කර තිබෙනවා. ඒ, එහි සම ලේකම් ධම්මික විමලරත්නගේ අත්සනින්.

ඔවුන් පවසන්නේ පසුගිය කාලය තුළ සමාජ මාධ්‍ය මෙන්ම අනෙකුත් මාධ්‍ය තුළ විදුලිබල මණ්ඩලයෙහි සේවකයින්ගේ වැටුප් හා ප්‍රතිලාභ සම්බන්ධයෙන් වැරදි මත සමාජ ගත වන බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය විසින් නිරීක්ෂණය කළ බවයි. එම ක්‍රියාවලිය විදුලි ඉංජිනේරුවන් ඇතුළු ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින් කෙරෙහි සමාජයේ අප්‍රසාදයක් හා වෛරයක් ඇති කිරීම සඳහා ඇතැම් පාර්ශවයන් විසින් සංවිධානාත්මකව සිදුකරන ලද ක්‍රියාවලියක එක් පියවරක් ලෙස ඔවුන් සලකනවා.

දැනට ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන් ඇතුළු ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින් වෙත ලබාදෙන සියලු වැටුප් හා වරප්‍රසාද ඔවුන් විසින් සිදු කරන විශේෂිත වූ කාර්යයන් මෙන්ම ඒ වෙනුවෙන් ලබාගෙන ඇති විශේෂිත නිපුණතාවයන් පදනම් කොට අනෙකුත් ආයතන වල එවැනි වූ කාර්යයක් සඳහා සිදුකරන ගෙවීම් හා සමගාමීව ලබා දී තිබෙන බවයි ඉංජිනේරු සංගමය කියන්නේ. මහජන උපයෝගීතා කොමිසම මඟින් මෑතක දී නිකුත් කරන ලද විදුලි අය ක්‍රමය පිළිබඳ තීරණය දැනුම් දීමේ වාර්තාව මගින් පවා විදුලිබල මණ්ඩලයේ සේවක වැටුප් කලාපයේ සම්මත අගයන් තුළ පවතින බව පැහැදිලිව දක්වා තිබූ බව ඔවුන් පවසනවා.

“විදුලිය සමඟ ජිවිත අවධානමෙන් දිවා රෑ අව් වැසි නොතකා මහජනයාට අඛණ්ඩ විදුලි සැපයුමක් ලබා දීමට කැප වෙන ලංවිම සේවකයින්ගේ කැපවීමට නිගා කරමින් මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා විසින් සේවක වැටුප් හා වරප්‍රසාද සම්බන්ධයෙන් දිගින් දිගටම සිදු කරන ජනතාව නොමග යවන සුළු ප්‍රකාශ පිළිබඳව ලංවිම සමස්ත සේවකයින් වෙනුවෙන් අපගේ දැඩි අප්‍රසාදය පළකර සිටිමු.

ඔහුගේ ප්‍රකාශයක් හේතුවෙන් දැනට සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහකට ලක් වී ලංවිම විශ්‍රාම ක්‍රමය මෑත කාලයේ ආරම්භ වුවක් නොවන අතර 1980 කාලයේ සිට පැවත එන්නකි. එමෙන්ම EPF සමඟ ලංවිම මෙන් දෙගුණයක් පමණ විශ්‍රාම වැටුපක් ලබා දෙන රාජ්‍ය ආයතන ගණනාවක් ඇත. ජනක රත්නායක මහතා සදහන් කළ ආකාරයට ඒ පිළිබඳව අධ්‍යනයක් සිදු කිරීමට අවශ්‍ය නම් එවැනි රාජ්‍ය ආයතන ලැයිස්තුවක් පවා ලබා දීමට අපට හැකිය. මෙය පුද්ගලික අංශයේ ආයතන වලට පවා ආගන්තුක කාරණයක් නොවේ.

පාර්ලිමේන්තුව විසින් විශේෂිත වූ අරමුණක් වෙනුවෙන් ස්ථාපිත කර ඔවුනට පවරා ඇති බලතල ප්‍රකාරව ස්වාධීනව කටයුතු කළ යුතු කොමිෂන් සභාවක සභාපතිවරයකු ලෙස ජනක රත්නායක මහතා විසින් සිදුකරන මෙවැනි වගකීම් විරහිත ප්‍රකාශ අපි තරයේ හෙලා දකිමු. මහජන උපයෝගීතා කොමිෂන් සභාව සිදු කළ යුතුව ඇත්තේ තමන්ගේ නියාමනයට යටත් වන ආයතන තුල යම් අනර්ථදායක කටයුත්තක් සිදු වේ නම් ඔවුන්ට පැවරී ඇති පුළුල් බලතල භාවිතා කර එය නිවැරදි කිරීම මිස එම ආයතන පිලිබදව සාවද්‍ය තොරතුරු සමාජගත කරමින් සමාජයේ අපකීර්තියක් ඇති කිරීම නොවන බව අපි අවධාරණය කර සිටිමු.

අපගේ කලාපයද ඇතුළුව ලෝකයේ අනෙකුත් රටවල මෙවැනි කමිෂන් සභා ඉතා ගෞරවනීය ආකාරයෙන් ක්‍රියාත්මක වන අතර ඒවායේ සාමාජිකයෙක් විනිසුරුවරයන්ගේ තත්ත්වයෙහිලා කටයුතු කරයි. එබැවින් මහජන උපයෝගීතා කොමිෂන් සභාව පිහිට වූ මුල් කාලයෙන් පසු එහි සාමාජිකයින් මෙන්ම ජේෂ්ඨ කාර්ය මණ්ඩලයේ සාමාජිකයින්ට එම ගෞරවනීය තත්වය ආරක්ෂා කිරීමට නොහැකි වීම පිළිබඳව අපගේ කණගාටුව ප්‍රකාශ කර සිටිමු.

කෙසේ වෙතත් අප දීර්ඝ කාලයක් තිස්සේ අප විසින් පෙන්වා දුන් මෙවැනි බාරදූර තනතුරු සඳහා නිසි සුදුසුකම් සහිත වගකිවයුතු වෘත්තිකයින් තෝරා ගැනීමේ වැදගත්කම තවදුරටත් සනාථ කිරීම පිළිබඳව ජනක රත්නායක මහතාට අපගේ ස්තුතිය පුද කර සිටින අතර අප සංගමය ගරු ජනාධිපතිතුමා ඇතුළු රජයෙන් ඉල්ලා සිටින්නේ බලශක්ති ක්ෂේත්‍රය ප්‍රතිව්‍යූහගත කිරීමට සූදානම් වන මෙම තීරණාත්මක අවස්ථාවේ එම ක්ෂේත්‍රය අගාදයකට වැටීම වැලැක්වීම සදහා මහජන උපයෝගීතා කොමිෂන් සභාවද නිසි පරිදි ප්‍රතිව්‍යූහගතකරණයට ලක් කරන ලෙසයි” යනුවෙන් එම නිවේදනයේ සඳහන් වෙනවා.

SendShareShare
Previous Post

IMF නියෝජිතයන් අද සජිත් හමුවෙයි! මූල්‍ය අර්බූදයට විසඳුම් හොයයි! (PHOTOS)

Next Post

පොලිස් දින සැමරුම ගැන ලියූ පුවතක් ගැන අහන්න වෙබ් කර්තෘවරයෙක් සීඅයිඩියට කැඳවයි!

MORE NEWS

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Exclusive

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

යාපනය – වවුනියාව බස් එකක් ඇතුළේ විශාල නයෙක්! මගීන් බසයෙන් බැස සීසීකඩ දුවයි! Sri Lanka Latest News
Exclusive

කැළණියේ නයා මදිවාට මෙන්න තවත් නයෙක්! VIDEO I Sri Lanka Latest News

දරුවන් පාසලට දාගන්න ඉල්ලා ඉසුරුපායට ඇවිත් සත්‍යග්‍රහ කරපු ගුරුවරුන්ට අගමැති හරිනි සැර පාඩමක් උගන්වයි! ඉල්ලන දේ දෙන්න බැරි හේතුව තේරෙන බාසාවෙන්ම කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඡන්ද කාලෙ නම් හරිනි කිව්වේ දේශපාලඥයන්ට ඉස්කෝලවල උත්සවවලට එන්න දෙන්නෙ නෑ කියලා! දැන් කියනවා ප්‍රදේශයේ මන්ත්‍රීවරයාට පාසලේ උත්සවවලට යන්න පුළුවන් කියලා..! VIDEO I Sri Lanka Latest News

බද්ද 14%කින් අඩු කරගැනීම හොඳයි! හැබැයි 30%ක් වැඩියි! අපනයන කඩාවැටීමේ අවදානමක් තියෙනවා! ඒ වගේම අමෙරිකාව අපේ ආයෝජකයන්ට කතාකරනවා! ඒ ආයෝජකයො අමෙරිකාවට ගියොත් අපේ ආර්ථිකය කඩන් වැටේවි! රස්සා නැතිවේවි! ඒ නිසා ආයෝජකයන්ට සහන දෙන්න වේවි! ඒ වගේම අපි චීනය-ඉන්දියාව-රුසියාව එක්ක වැඩිපුර ගනුදෙනු කරන්න ගියොත් තවත් 10%ක අමතර බද්දක් වැටෙනවා! ඒ නිසා ආණ්ඩුව රාජ්‍යතාන්ත්‍රිකව කටයුතු කරන්න ඕනෑ! IMF එකත් එක්ක වහාම කතා කරන්න! මහාචාර්ය අමින්ද මෙත්සිල 30%ක බද්දේ කවුරුත් නොදකින පැත්ත පෙන්වා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මහබැංකුවේ තීරණයෙන් රට තවත් අමාරුවේ? VIDEO I Sri Lanka Latest News

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News

Load More
දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Exclusive

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

"මාලිමාවේ බලය අඩුවෙමින් ජවිපෙ ශක්තිමත් වෙනවා" - මාලිමා න්‍යායචාර්ය නිර්මාල් දේවසිරි. Sri Lanka Latest News

Read more
යාපනය – වවුනියාව බස් එකක් ඇතුළේ විශාල නයෙක්! මගීන් බසයෙන් බැස සීසීකඩ දුවයි! Sri Lanka Latest News

කැළණියේ නයා මදිවාට මෙන්න තවත් නයෙක්! VIDEO I Sri Lanka Latest News

දරුවන් පාසලට දාගන්න ඉල්ලා ඉසුරුපායට ඇවිත් සත්‍යග්‍රහ කරපු ගුරුවරුන්ට අගමැති හරිනි සැර පාඩමක් උගන්වයි! ඉල්ලන දේ දෙන්න බැරි හේතුව තේරෙන බාසාවෙන්ම කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

ඡන්ද කාලෙ නම් හරිනි කිව්වේ දේශපාලඥයන්ට ඉස්කෝලවල උත්සවවලට එන්න දෙන්නෙ නෑ කියලා! දැන් කියනවා ප්‍රදේශයේ මන්ත්‍රීවරයාට පාසලේ උත්සවවලට යන්න පුළුවන් කියලා..! VIDEO I Sri Lanka Latest News

බද්ද 14%කින් අඩු කරගැනීම හොඳයි! හැබැයි 30%ක් වැඩියි! අපනයන කඩාවැටීමේ අවදානමක් තියෙනවා! ඒ වගේම අමෙරිකාව අපේ ආයෝජකයන්ට කතාකරනවා! ඒ ආයෝජකයො අමෙරිකාවට ගියොත් අපේ ආර්ථිකය කඩන් වැටේවි! රස්සා නැතිවේවි! ඒ නිසා ආයෝජකයන්ට සහන දෙන්න වේවි! ඒ වගේම අපි චීනය-ඉන්දියාව-රුසියාව එක්ක වැඩිපුර ගනුදෙනු කරන්න ගියොත් තවත් 10%ක අමතර බද්දක් වැටෙනවා! ඒ නිසා ආණ්ඩුව රාජ්‍යතාන්ත්‍රිකව කටයුතු කරන්න ඕනෑ! IMF එකත් එක්ක වහාම කතා කරන්න! මහාචාර්ය අමින්ද මෙත්සිල 30%ක බද්දේ කවුරුත් නොදකින පැත්ත පෙන්වා දෙයි! VIDEO I Sri Lanka Latest News

මහබැංකුවේ තීරණයෙන් රට තවත් අමාරුවේ? VIDEO I Sri Lanka Latest News

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.