මහාපරිමාණ හාල් මෝල් හිමියන් කිහිප දෙනකු විසින් කාලයක් පුරා පවත්වාගෙන යන සහල් මාෆියාව බිද හෙලීමට ආණ්ඩුව තීන්දු කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ සහල් මෝල් හිමියන්ට වී ලබා දීම සඳහා රජය කෝටා ක්‍රමයක් හඳුන්වා දීමට සැලසුම් කර ඇත.
ලබන කන්නයේ සිට මෙම වැඩපිළිවෙළ ආරම්භ කරන අතර ඒ හරහා මහාපරිමාණ හාල් මෝල් හිමියන් කිහිප දෙනකුට පමණක් නොව කුඩා හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන්ටද අනිවාර්යයෙන්ම වී ගබඩා කර තබා ගැනීමට අවස්ථාව ලබා දීමට නියමිතය.
සහල් මිල විශාල වශයෙන් ඉහළ ගොස් තිබියදී ආණ්ඩුව පාලන මිලක් පැනවූවද එම මිලට සහල් ලබා දීමට මහාපරිමාණ සහල් මෝල් හිමියන් කටයුතු නොකිරීම මේ සදහා හේතු වී තිබේ.
ලංකාවේ සහල් මිල පාලනය කරන විශාලතම මෝල් හිමියන් තිදෙනා වන්නේ හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සොයුරු ඩඩ්ලි සිරිසේන මහතාගේ අරලිය සහල් සමාගමත්, සිරිපාල ගම්ලත් මහතාගේ නිපුණ සහල් සමාගමත්, මිත්‍රපාල මහතාගේ නිව් රත්න සමාගමත්ය.










