• About us
  • Contact us
Tuesday, June 16, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජීවිතේම ෂෝට් වුණ කරන්ට් බිලේ අවනඩුව…

August 24, 2022
in Exclusive, News
Reading Time: 2 mins read
A A
ජීවිතේම ෂෝට් වුණ කරන්ට් බිලේ අවනඩුව…
Share on WhatsAppShare on Facebook

විදුලිය ගැන කිව්වම සුපුරුදු පරිදි අපිට ඇඟ කිලිපොළා යන ගතියක් දැනෙන්නට පටන් අරගෙන දැන් ටික කාලයක ඉඳන්. ඉස්සර මෙහෙම ඇඟ කිලිපොළා යන ගතියක් දැනෙන්නේ කරන්ට් එක වැදුණාම. ඒ නිසා අපි පුරුදු වෙලා හිටියා විදුලි උපකරණයක් ළඟට යනකොට බාටා දෙකක් දාගන්න. එහෙම නැත්නම් ආරක්ෂා වෙන්න. ගෙදර වයරිං කරනකොට ටිප් ස්විච් එකක් දාන්න, අර්ත් වයර් එකක් පොළොව යට වළලන්න. මේ හැම දේකින්ම අපි උත්සාහ කළේ අපේ ජීවිත පරිස්සම් කරගන්න. ඒත් අපි පරිස්සම් වෙන්න වෙන්න ලංකාවෙ විදුලිබල මණ්ඩලය සහ වෙනත් ආයතන තමන්ට දැනෙන ආකාරයට හිතුවක්කාර ආකාරයට මේ සියලු ප්‍රශ්න විසඳමින් ඉන්න බව තමයි අපට දැන් පේන්න තියෙන්නේ. මේ මොහොත වන විට ගත්ත අලුත්ම තීන්දුවත් එක්ක ඉතා බරපතළ අර්බුදයකට මේ රට යමින් තියෙනවා. මේ වෙනකොට රටේ මිනිස්සු ඉන්නෙ කන්න බොන්න නැති තැනක. ජීවන වියදම ඉතා ඉහළ ගිහිල්ලා. ජීවන වියදමට සාපේක්ෂව ඛනිජ තෙල් ප්‍රශ්නයත් එක්ක මිනිස්සු හැදුවේ කොහොම හරි තෙල් ටික එකතු කරගන්න.

පහුගිය මාසෙ වෙනකොට බොහෝ විට සාමාන්‍ය මහජනතාවගේ දෛනික වියදම, මාසික වියදම ඉතා ඉහළ අගයකට ගියා. ඒකට හේතු වුණේ එක පැත්තකින් තෙල් ගහන්න සල්ලි පාවිච්චි කරන්න සිදුවුණා, ඒ වගේම ගෑස් ලංකාවට ආවත් එක්කම ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4,900ක මට්ටමට ගිය නිසා ඒ සඳහා විශාල වැයක් දරන්න සිදුවුණා. ඒ වගේම අපිට නොදැනුණත් පොහොර මිටිය රුපියල් 10,000ට ලැබුණාම කොහොම හරි පොහොර ටික ගන්න මිනිස්සු කලබලයෙන් වැඩ කළා. මේ ඔක්කොමත් එක්ක කරන්ට් බිල වැඩිවෙනවා වැඩිවෙනවා කිව්වට වැඩි වුණේ නෑ. ඒත්, නොහිතපු වෙලාවක මෙන්න දැන් ඡන්ද ප්‍රතිඵල ආවා වගේ විදුලි බිල වැඩිවෙලා. පළමු ඒකක 1 සිට 30 දක්වා පාවිච්චි කරන අයට, ඒ කියන්නේ අඩුම තරමින් විදුලි උපකරණයක් හරි ගෙදරක පාවිච්චි නොකරන අයට මේ බිලෙන් සලකලා තියෙන්නේ රුපියල් 2.50ක් වෙච්ච ඒකකය රුපියල් 8 දක්වා වැඩි කරලා. මේක කලින් සූදානම් වෙලා තිබුණේ රුපියල් 5.50 දක්වා වැඩි කරන්න. හැබැයි 5.50ට වැඩි කරන්න තිබුණු බිල, හිතාගන්න බැරි විදියට හදිසියේම රුපියල් 8 දක්වා ඉහළ නංවලා තියෙනවා.

රුපියල් 30ක් වුණු මාසේ සඳහා විදුලිය ලබාදීම වෙනුවෙන් විදුලිබල මණ්ඩලය අපෙන් අයකරපු මුදල ඒ කියන්නේ 1 සිට 30 දක්වා ඒකක පාවිච්චි කරපු අයට තිබුණු මුදල රුපියල් 120 සිට 290 දක්වා ඉහළ ගියා. 31 සිට 60 දක්වා ඒකකයක් පාවිච්චි කරන අයට, ඒ කියන්නේ ඒකක 31 සිට 60 දක්වා ප්‍රමාණයක් නිවෙසේ පාවිච්චි කරන ඉතා සාමාන්‍ය ප්‍රමාණයේ විදුලිය පරිභෝජනයක් කරන අයගේ ඒකකයක මිල රුපියල් 4යි ශත 85කටයි කලින් තිබුණේ. නමුත් දැන් ඒ මිල රුපියල් 10 දක්වා වැඩි වෙලා. ඒ කියන්නේ දෙගුණයකටත් වඩා වැඩි ප්‍රමාණයක්. රුපියල් 60ක් වුණු මාසික අයකිරීම රුපියල් 240 දක්වා හතර ගුණයකින් වැඩි කරන්න විදුලිබල මණ්ඩලය කටයුතු කරලා තියෙනවා. 61 සිට 90 දක්වා ඒකක පාවිච්චි කරන සාමාන්‍ය නිවෙසක අයට මේ රුපියල් 10ක් වුණු ඒකකයක මිල රුපියල් 16 දක්වා වැඩිවෙන කොට මාසික අයකිරීම රුපියල් 90 සිට රුපියල් 360 දක්වා ආයෙත් හතර ගුණයකින් වැඩි කරන්න රජය පියවර අරගෙන තියෙනවා. 91 සිට සාමාන්‍යයෙන් යම් ප්‍රමාණයක විදුලි පරිභෝජනයක් සහිත වැඩිම විදුලි පරිභෝජනය සිදුවන ආකාරය ඒ කියන්නේ ලංකාවේ නිවාසවල වැඩිම අයකිරීම සිදුවෙන්නේ මේ කාණ්ඩයේ. මේ කාණ්ඩයේ ඒකකයක මිල රුපියල් 27.75කටයි තිබුණේ. ඒත් දැන් ඒ මිල රුපියල් 50 දක්වා ඉහළ නංවන්න රජය පියවර අරගෙන. මාසික අයකිරීමේ ගාස්තුව රුපියල් 480ක් විදියට තිබුණු එක රුපියල් 960 දක්වා දෙගුණයකින් වැඩිකරලා තියෙනවා.

ඉන් පස්සේ තිබුණේ ඉහළම ඒකකය වුණේ 180ට වැඩි ඒකක ප්‍රමාණයක් පාවිච්චි කරන නිවාස කියන කාණ්ඩය. ඒ කාණ්ඩයට රුපියල් 45 සිට රුපියල් 75 දක්වා වැඩි කිරීමකුත්, මාසික ඒකකයට අයකිරීම රුපියල් 540 සිට 1,500 දක්වා ඉහළ නංවලා. දැන් මේ සියල්ලම මිනිසුන්ගෙ ඔළුවට කඩන් වැටෙන්නයි පටන් අරගෙන තියෙන්නේ. හැබැයි මේ විදුලි බිල සඳහා අපි විසින් ලබාදෙන තැන්පතු මුදලක් තියෙන බව අපි කලිනුත් ලිපිවල කිව්වා. මේ ගැන අපි කතා කරපු විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ජාතික ලේකම් සංජීව ධම්මික මහත්තයා ඉතාම හොඳ පැහැදිලි කිරීමක් කළා. අපි ඉදිරියටත් බලාපොරොත්තු වෙනවා එතුමා සමග මේ ගැන කතා කරන්න. ඔහු කියනවා රුපියල් බිලියන 15ක් මාසික තැන්පතු මුදල විදියට අපෙන් ලබාගෙන තියෙනවා කියලා. මේ බිලියන 15 ආයෙත් පාරිභෝගිකයන්ට ගෙවන්න කියලා ඒගොල්ලන්ට නඩු කියන්න සිදුවුණු බවත් ඔහු කියනවා. ඒත් දැන් විදුලිබල මණ්ඩලය කියනවා එහෙම ගෙවන්න සල්ලි නෑ කියලා. හැබැයි මේ ජනතාව මත බර පැටෙව්වට පස්සේ ජනතාවට දරාගන්න බැරි වෙනකොට විදුලි බිල ගෙවාගන්න බැරි වෙනකොට ඒකෙන්වත් අඩුම තරමින් මේ මිල අඩුකරනවා නම් ඒක සහනයක් වෙයි කියලයි සංජීව මහත්තයලා රජයට මතක් කරන්නේ. ඒ වගේම ඔවුන් ඉතා හොඳ ප්‍රශ්නයක් අහනවා. ඒ තමයි මාසික ගාස්තුවක් අයකරන්නේ මාසයක් සඳහා නිශ්චිතව විදුලිය ලබාදීමට. ඒ කියන්නේ මාසයේ දවස් 30 හෝ 31 නැත්නම් 28 පැය 24 බැගින් හැම තත්පරේකම කරන්ට් එක දෙන්න තමයි මේ විදියේ බිලක් අය කරන්නේ. ඒත් සතියේ එක දවසක පැය 3ක් විදුලිය කපනවා කියලා කියන්නේ සාමාන්‍යයෙන් දවසෙන් අටෙන් එකක් විදුලිය නෑ. දවසෙන් අටෙන් එකක් කියලා කියන්නේ දළ වශයෙන් දවස් 23ක් 24ක් විතරක් තමයි විදුලිය ලබාදෙන්නේ. ඒ කියන්නේ දවස් 7ක 8ක ප්‍රමාණයක් විදුලිය ලබාදෙන්නේ නෑ. එහෙම නම් කොහොමද මේ මාසික ගාස්තුව අය කරන්නේ? නිශ්චිත විදුලිය ලබා නොදෙන ආයතනයක් කොහොමද ඒක අයකරන්නේ කියලා ඔවුන් ප්‍රශ්න කරනවා. ඒ ප්‍රශ්නවලට උත්තර දෙන්න තරම් මේ ආණ්ඩුව අවංක නෑ කියලා අපි දන්නවා. කොහොම නමුත් ඔවුන් අහන ප්‍රශ්නයට උත්තර දෙන්න මේ ආණ්ඩුවට ලෑස්ති වෙන්න වෙනවා. විදුලි පාරිභෝගිකයන්ගේ සංගමය කියන විදියට අපට නඩු කියන්න බෑ මේ සම්බන්ධව. නඩු කියන්න අපට සල්ලි නෑ. ඒ නිසා පුළුවන් නම් විදුලි පාරිභෝගිකයො විදියට එක්කෙනා රුපියල ගානේ දෙන්න. ඔවුන් එහෙමයි ඉල්ලන්නේ. පුළුවන් නම් මේ වැඩේ කරමු. මේ උගුලෙන් ගොඩ යන්න නම්, මේ අර්බුදයෙන් ජය ලබන්න නම් වෙන විකල්පයක් නෑ. ඒක තමයි ඇත්ත.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

රන්ජන්ට එක නීතියක්! පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ට තව නීතියක්ද? සජිත් ප්‍රශ්න කරයි! (VIDEO)

Next Post

රාජ්‍ය මර්දනයට එරෙහිව පක්ෂ-වෘත්තීය සමිති-සිවිල් සංවිධාන-කලාකරුවන් ඇතුලු විශාල පිරිසක් එකතු වෙයි! විපක්ෂ නායකත් සටනට එකතු වෙයි! (VIDEO)

MORE NEWS

විමල්-දිලිත්-ගම්මන්පිල ඇතුළු 6කට එරෙහිව CIDය පරීක්ෂණ පටන් අරන්! CIDය නොතීසි නිකුත් කරන්නැයි කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි! I Sri Lanka Latest News
Exclusive

විමල්-දිලිත්-ගම්මන්පිල ඇතුළු 6කට එරෙහිව CIDය පරීක්ෂණ පටන් අරන්! CIDය නොතීසි නිකුත් කරන්නැයි කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි! I Sri Lanka Latest News

කන්තලේ මොන්ටිසෝරියක ප්‍රශ්නයකට අත දාන්න ගිය මාලිමා ප්‍රාදේශීය සභා මන්ත්‍රී අනූනවයෙන් ගුටි නොකා බේරෙයි! කාන්තාවන්ට ‘තමුසෙලා’ කියලා බැනලා තව පොඩ්ඩෙන් එක මිටට ගුටි කනවා! VIDEO I Sri Lanka Latest News

ප්‍රදේශ රැසකට අනිද්දා පැය 15ක් වතුර නෑ! Sri Lanka Latest News
Exclusive

ගම්පහ පැති ගොඩකට පැය 19ක් වතුර නෑ! I Sri Lanka Latest News

මාලිමාවේ මන්ත්‍රීවරු දැන් බයවෙලා! මන්ත්‍රීවරු යයි කියලා පණ බයේ ආණ්ඩුව හදිසියේම පක්ෂ මාරු පනත ගේන්න යනවා! බොරු නොකියන-වැඩ කරලා පෙන්නපු සජිත්ගේ නායකත්වයෙන් අපි ලබන අවුරුද්දේ අලුත් ආණ්ඩුවක් පිහිටුවනවා! රෝහණගෙන් හොරොව්පොතානේදී අනාවැකියක්! VIDEO I Sri Lanka Latest News

ගලෙන්බිදුණුවැවේදී තරුණ කාන්තාවක් සජබ වේදිකාව හොල්ලයි! මුලින්ම අපි සජිත්ව ජනාධිපති කරලා ඉතුරු වැඩ ටික පටන් ගමු! කාන්තාවන්ගෙන් විශේෂ ඉල්ලීමකුත් කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගලෙන්බිදුණුවැවේදී තරුණ කාන්තාවක් සජබ වේදිකාව හොල්ලයි! මුලින්ම අපි සජිත්ව ජනාධිපති කරලා ඉතුරු වැඩ ටික පටන් ගමු! කාන්තාවන්ගෙන් විශේෂ ඉල්ලීමකුත් කරයි! VIDEO I Sri Lanka Latest News

සජිත් අභයාරාමයට ගිහින් හදිසියේම මුරුත්තෙට්ටුවේ හිමියන් හමුවූයේ ඇයි? කතා කළේ මොනවද? PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඉරාන-අමෙරිකා සාම ගිවිසුම ගැන විපක්ෂනායක සජිත්ගෙන් X පණිවුඩයක්! I Sri Lanka Latest News

Load More
විමල්-දිලිත්-ගම්මන්පිල ඇතුළු 6කට එරෙහිව CIDය පරීක්ෂණ පටන් අරන්! CIDය නොතීසි නිකුත් කරන්නැයි කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි! I Sri Lanka Latest News
Exclusive

විමල්-දිලිත්-ගම්මන්පිල ඇතුළු 6කට එරෙහිව CIDය පරීක්ෂණ පටන් අරන්! CIDය නොතීසි නිකුත් කරන්නැයි කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි! I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ඇතුළු හය දෙනෙකුට එරෙහිව අධිකරණයට අපහාස කිරීම...

Read more
කන්තලේ මොන්ටිසෝරියක ප්‍රශ්නයකට අත දාන්න ගිය මාලිමා ප්‍රාදේශීය සභා මන්ත්‍රී අනූනවයෙන් ගුටි නොකා බේරෙයි! කාන්තාවන්ට ‘තමුසෙලා’ කියලා බැනලා තව පොඩ්ඩෙන් එක මිටට ගුටි කනවා! VIDEO I Sri Lanka Latest News

කන්තලේ මොන්ටිසෝරියක ප්‍රශ්නයකට අත දාන්න ගිය මාලිමා ප්‍රාදේශීය සභා මන්ත්‍රී අනූනවයෙන් ගුටි නොකා බේරෙයි! කාන්තාවන්ට ‘තමුසෙලා’ කියලා බැනලා තව පොඩ්ඩෙන් එක මිටට ගුටි කනවා! VIDEO I Sri Lanka Latest News

ප්‍රදේශ රැසකට අනිද්දා පැය 15ක් වතුර නෑ! Sri Lanka Latest News

ගම්පහ පැති ගොඩකට පැය 19ක් වතුර නෑ! I Sri Lanka Latest News

මාලිමාවේ මන්ත්‍රීවරු දැන් බයවෙලා! මන්ත්‍රීවරු යයි කියලා පණ බයේ ආණ්ඩුව හදිසියේම පක්ෂ මාරු පනත ගේන්න යනවා! බොරු නොකියන-වැඩ කරලා පෙන්නපු සජිත්ගේ නායකත්වයෙන් අපි ලබන අවුරුද්දේ අලුත් ආණ්ඩුවක් පිහිටුවනවා! රෝහණගෙන් හොරොව්පොතානේදී අනාවැකියක්! VIDEO I Sri Lanka Latest News

මාලිමාවේ මන්ත්‍රීවරු දැන් බයවෙලා! මන්ත්‍රීවරු යයි කියලා පණ බයේ ආණ්ඩුව හදිසියේම පක්ෂ මාරු පනත ගේන්න යනවා! බොරු නොකියන-වැඩ කරලා පෙන්නපු සජිත්ගේ නායකත්වයෙන් අපි ලබන අවුරුද්දේ අලුත් ආණ්ඩුවක් පිහිටුවනවා! රෝහණගෙන් හොරොව්පොතානේදී අනාවැකියක්! VIDEO I Sri Lanka Latest News

ගලෙන්බිදුණුවැවේදී තරුණ කාන්තාවක් සජබ වේදිකාව හොල්ලයි! මුලින්ම අපි සජිත්ව ජනාධිපති කරලා ඉතුරු වැඩ ටික පටන් ගමු! කාන්තාවන්ගෙන් විශේෂ ඉල්ලීමකුත් කරයි! VIDEO I Sri Lanka Latest News

ගලෙන්බිදුණුවැවේදී තරුණ කාන්තාවක් සජබ වේදිකාව හොල්ලයි! මුලින්ම අපි සජිත්ව ජනාධිපති කරලා ඉතුරු වැඩ ටික පටන් ගමු! කාන්තාවන්ගෙන් විශේෂ ඉල්ලීමකුත් කරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.