• About us
  • Contact us
Wednesday, June 17, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රැට්ටගේ පස්සෙන් පන්නන්නේ අගවිනිසුරුවරිය පස්සෙ පැන්නූ දඩ බල්ලන්මද?

August 24, 2022
in Exclusive, News
Reading Time: 3 mins read
A A
රැට්ටගේ පස්සෙන් පන්නන්නේ අගවිනිසුරුවරිය පස්සෙ පැන්නූ දඩ බල්ලන්මද?
Share on WhatsAppShare on Facebook

මේ වසරේ ජනවාරි පෙබරවාරි මාසයන්හි යම් කෙනකු ඔබෙන් ‘රැට්ටා’ හඳුනනවාදැයි ඇසුවේ නම් ඔබ නිසැකවම උඩබිම බලනු ඇත. ඊට හේතුව එකල්හි ‘රැට්ටා’ නොහොත් රතිඳු සේනාරත්න හඳුනාගෙන සිටියේ සමාජ මාධ්‍යවල සැරිසරන තරුණ තරුණියන් කිහිප දෙනකු පමණක් වීමය. එහෙත් අද රැට්ටා යනු ලංකාවේ සිනමා නළුවෙක් ගායකයෙක් තරමට ජනප්‍රිය චරිතයකි. ගාලුමුවදොර අරගලයට නායකත්වය දුන් කිහිපදෙනාගෙන් කෙනකු වන රැට්ටා මෙතරම් ප්‍රකට චරිතයක් වනුයේ අරගලකරුවෙක් වීම නිසාම නොව ඔහු කොටු කරන්නට, නැතහොත් හිරේ විලංගුවේලන්නට ආණ්ඩුව කළ කී දේවල් නිසාය. රැට්ටා පසුපස ලුහුබැඳ ආ මර්දනය කොතෙක්ද යත් අරගලය පටන්ගත් දා සිට කොටුව පොලීසිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙන්ම මැගසින් බන්ධනාගාරයද ඔහුට ගෙදර තරමටම හුරු පුරුදු තැන් විය.

ගාලුමුවදොර අරගලය විසිර ගොස් සතියකටත් පසු අරගලකරුවෙක් ගැන කතාකරනුයේ අහවල් දේකටදැයි ඔබට සිතෙන්නට පුළුවන. එහෙත් අරගලයේ නරඹන්නන් වූ අයට මිස ඊට දායක වූවන්ට සහ එහි පීඩනය ඍජුව එල්ලවූ ආණ්ඩුවට තවමත් අරගලය සක්‍රීයය. එහෙයින් අරගලකරුවන් හඹා යෑම මෙන්ම ඔවුන් කොටුකරන්නට දැල් එළීමද තවමත් නතරව නැත්තේය. මේ දිනවල සිදුවන්නේ පෙර වැරදිවලට අරගලකරුවන් දඩයම් කිරීමය. පෙර වැරදි නැති අයට වැරදි හදා දඬුවම් කිරීමේ උත්සාහයද ආණ්ඩුවේ පාර්ශ්වයෙන් අතහැර නැත. අද අප රතිඳු සේනාරත්න නොහොත් රැට්ටා ගැන කතා කරනු‍යේ පෙර නිර්මිත වැරදි නමැති උගුලේ ඔහු හසුකරන්නට ඊයේ පෙරේදා ආණ්ඩුව ගත් දෙකයි පනහේ උත්සාහයක් නිසාය.

අප්‍රේල් 09 වැනිදා ආරම්භවූ අරගලය මැයි 09, ජූනි 09 සහ ජූලි 09 ජයග්‍රහණ අත්කරගෙන අගෝස්තු 09 වැනිදා වන විට විසිර යන තැනට පත්වීම පිටුපස ඇති තිර කතාව ලියැවෙන්නේ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමත් සමගය. විරුද්ධවාදීන් නොහිතන මොහොතක නොසිතන අවිවලින් පහරදීමේ දේශපාලන න්‍යාය පරතෙරට දැන සිටි රනිල් වික්‍රමසිංහ අදටත් කතා කරන්නේ අරගලකරුවන් වෙනුවෙන් සම්බන්ධීකරණ කාර්යාලයක් විවෘත කරන්නටය. ඒ මදිවාට ඔහු අගමැති වූ වහාම අරගලයට පහසුකම් සපයන්නට කොළඹ නගරාධිපතිනියගේ ප්‍රධානත්වයෙන් කමිටුවක්ද පත්කරන්නේය. ඒ සියල්ල කරන අතරතුර අරගලය දියකරන්නට ඒ තුළින්ම ආයුධ සොයාගන්නට ඔහු සමත් වන්නේය. විවිධාකාරයේ සමාජ තුළ සහ සංවිධාන නියෝජනය කරන පෘථග්ජන මිනිස් පොදියක්වූ අරගලය තුළ සිටි කණ්ඩායම් එහෙට මෙහෙට කිරීමට අමතරව කටකතා ඕපාදූප වැනි පොදු මිනිහාගේ ඔළුවට වදින ප්‍රවාද සමාජගත කිරීම වික්‍රමසිංහ න්‍යාය විය. දියෙන් උපන් ලුණු දියේ දියවී යන්නා සේ අරගලය, අරගලකරුවන් මගින්ම දියකරන්නට ආණ්ඩුව කටයුතු ආරම්භ කළේය. අරගලය එන්.ජී.ඕ. වැඩක් බවත්, අරගලකරුවන්ට ඩොලර් කුට්ටි ලැබෙන බවත් සමාජගත කිරීම එහි එක් අංගයකි.

මීටා මාසයකට පමණ පෙර රැට්ටා, ඩිලාන් සහ කෝණාර යන අරගලකරුවන් තිදෙනකුගේ බැංකු ගිණුම්වලට රුපියල් ලක්ෂ එකසිය පනහ බැගින් ලක්ෂ හාරසිය පනහක මුදලක් විදෙස් රටකින් ලැබුණු බවට ප්‍රවෘත්තියක් සමාජගත විය. ගෙඩිය පිටින් අතේ රෝලක් වූ එකී ප්‍රවෘත්තිය සුළඟේ වේගයෙන් සමාජගත විය. අරගලයට සහාය දුන් පිරිස් මේ පට්ටපල් බොරුව දොරේ හඬින් සහ බෙරේ හඬින් වෙන් කරගන්නා සේ හඳුනාගත්තද සාමාන්‍ය ජනයා මේ පුවතින් යම් තරමකට කම්පා විය. ඊට ප්‍රධාන හේතුව වනුයේ එන්.ජී.ඕ. යනු රට කන්නට ආ යකුන් රැලක් බවත්, ඔවුනට ‘විදේශීය බලවේග’ ඩොලර් පොම්ප කරන බවටත් මෙරට බංකොලොත් දේශපාලනඥයන් සාමාන්‍ය ජනයාට ලණුවක් ගිල්ලවා ඇති බැවිනි. තමන්ගේ ලොකු පුතා මෙන්ම බාල දුවද අරගලයේ සිටියදී පවා ඇතැම් වැඩිහිටියෝ අරගලය එන්.ජී.ඕ. වැඩක් දැයි සැක කළහ.

කෙසේ වෙතත් අරගලකරුවන් තිදෙනකුගේ බැංකු ගිණුම්වලට රුපියල් ලක්ෂ 450ක් බැර වූ පුවත සමාජගත වූ වේගයටම එය අසත්‍ය බව සමාජගත වූයේ නැත. බොහෝ පුවත්පත් පිටු කාලක පුවතක් පළකර තනි කොලමකින් නිවැරදි කරන්නට යාම නිසා මේ අසත්‍ය පුවත ප්‍රචාරය කළ අයගේ මහන්සිය වතුරේ ගියා යැයි පැවැසිය නොහැක. ඒ ලද වාසියෙන් දිරිමත්වූ ඔවුහු තවත් එවැනිම පුවතකට අරඅඳිමින් සිටී. ඒ රැට්ටාගේ බැංකු ගිණුමට යහළු මිනිසෙක් ලවා රුපියල් මිලියන පහක් තැන්පත් කිරීම මගිනි. තම ගිණුමට නාඳුනන පාර්ශ්වයක් රුපියල් ලක්ෂ පනහක් තැන්පත් කර ඇති බවට පෝස්ටුවක් සිය සමාජ මාධ්‍ය ගිණුමේ පළකරන රැට්ටා එම මුදල තමාගේ නොවන බව පවසා තිබුණද ඉන් එහා ගිය යමක් තවමත් සිදුව නැත. එහෙත් හෙට අනිද්දා ආණ්ඩුව මේ පිළිබඳ විමර්ශනයක් ආරම්භ කළහොත් අප ඊට පුදුම විය යුතු නැත.

කෙනෙකුගේ ගිණුමකට ලක්ෂ පනහක් වැනි විශාල මුදලක් බැර කිරීමේදී තැන්පත්කරුගේ අනන්‍යතාව පමණක් නොව තැන්පතු සඳහා හේතුවද හෙළිකළ යුතු වෙයි. මුදල් තැන්පත් කරන පෝරමයේ ඒ සඳහා වෙනමම කොටසක් වෙන්ව ඇත. අනන්‍යතාව හෙළි නොකොට මුදල් තැන්පත් කිරීමේ හැකියාවක් සාමාන්‍ය බැංකු ක්‍රමයේ නැත. එසේ නම් මේ ලක්ෂ පනහේ තැන්පතුව සාමාන්‍ය ක්‍රමයෙන් බැහැරව ගිය සුවිශේෂ එකක් විය යුතුය. එබැවින් දැන් ෂර්ලොක් හෝම්ස් පන්නයේ පරීක්ෂණයකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙ මහතුන්ට අවස්ථාවක් උදාවී ඇත්තේය. මාසයක පමණ සිට ජනාධිපතිගේ පුටුවේ වාඩිවූයේ කවුද, ගෙඋයනේ තණකොළ පොඩිකළේ කවුද වැනි සිල්ලර කරුණු පසුපස ලුහුබඳිමින් සිටින සී.අයි.ඩී.යේ නිලධාරීන්ට දැන් වඩාත් උනන්දුව දනවන පරීක්ෂණයක් සඳහා ඉඩ හසර විවරව ඇත්තේය. ‍රැට්ටාගේ ගිණුමට ලක්ෂ පනහක් දැම්මේ කවුද කියා සොයන්නට පැමිණිල්ලක් අවශ්‍යම නම් ඔහු අත්අඩංගුවට ගෙන පැමිණිල්ලක් නොකිරීමට හේතුව විමසා ඊටද නඩුවක් පැවරිය හැකිය. එහෙත් රැට්ටාගේ ගිණුමට බැරවූ අබිරහස් ලක්ෂ පනහේ තොරතුරු සොයන්නට ආණ්ඩුවට තවමත් වුවමනාවක් නැති සේය. ඇතැම් විට අරගලය යළි පණ ගසන දිනයක ෆීනික්ස් පක්ෂියා සේ මේ පරීක්ෂණද යළි ඇරඹෙන්නට පුළුවන.

අතීතයේ කෙනකුගෙන් පළිගන්නට හෝ ඔහු නැතිකර දමන්නට කළේ ඔහු සතු මුදල් පැහැර ගැනීමය. එහෙත් මේ කලියුගයේ මුදල් කොල්ලකා කරනවාට වඩා හානියක් මුදල් තැන්පත් කිරීමෙන් කළ හැකි බව අතීත උදාහරණවලින් දැනගත හැකිය. හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක, රාජපක්ෂ රෙජීමයේ අවශ්‍යතාවනට නම්‍යශීලී නොවන නිසා ඈ නෙරපීමට ඔවුනට අවශ්‍ය විය. එහෙ‍යින් කළ හැකි සෑම අවලාදයක්ම නඟමින් ඇයට පරිභව කළ රාජපක්ෂ හිතැත්තෝ අවසන් තුරුම්පුව වශයෙන් භාවිත කළේද මේ ආකාරයේ මුදල් තැන්පතුවකි. එහෙත් එදා ඔවුනට පොඩිපහේ වැරදීමක් සිදුවිය. ඔවුන් මුදල් තැන්පත් කර තිබුණේ අගවිනිසුරුවරියගේ වසා තිබූ බැංකු ගිණුමකටය. ඒ අනුව බලන කල අතින් මුදල් තැන්පත් කර හෝ අවශ්‍ය මිනිසුන් දඩයම් කිරීම රාජපක්ෂ තියරියේ කොටසකි. රැට්ටා පසුපස මේ ලුහුබඳින්නේ එදා අගවිනිසුරුවරිය පසුපස හඹා ගිය දඩබල්ලන්ම දැයි අපට නිකමට සැක සිතෙන්නේ එබැවිනි.

අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

කිරිපිටි-ඇඳුම් ආයිත්තම්-සපත්තු සෙරෙප්පු-හැඳි ගෑරප්පු-ටොයිලට් පේපර්ස්-ෂැම්පු ඇතුලු තවත් භාණ්ඩ 300ක් ගෙන්වීමත් නවතී!

Next Post

රට විශාල අර්බූදයකට තල්ලු වෙනවා! අපි ලෑස්ති වෙමු රනිල්වයි එයාව ගෙනාපු අයවයි ගෙදර යවන සටනට! ජවිපෙ ප්‍රකාශයක්! (VIDEO)

MORE NEWS

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News
Exclusive

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News
Exclusive

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News
Exclusive

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

Load More
ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News
Exclusive

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ තොරතුරු සහ දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ප්‍රදේශ 2723 ක් හදුනාගෙන ඇත. Sri Lanka Latest News එයින් වැඩිම...

Read more
මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.