• About us
  • Contact us
Wednesday, June 17, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රට විශාල අර්බූදයකට තල්ලු වෙනවා! අපි ලෑස්ති වෙමු රනිල්වයි එයාව ගෙනාපු අයවයි ගෙදර යවන සටනට! ජවිපෙ ප්‍රකාශයක්! (VIDEO)

August 24, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
මේ අරගලය දේශපාලනිකයි! මේක නිර්දේශපාලනීකරණය වෙන්න බෑ! පාගමනකින් කොළඹට ඇවිත් අපි මේ අරගලයේ දේශපාලන නායකත්වය ගන්නවා! (VIDEO)
Share on WhatsAppShare on Facebook

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගෙන ඉන්න ඕන කෙනා දැන් රටේ ජනාධිපති වෙලා යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසීය.

ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙසේද කියා සිටියේය.

“සාමකාමී අරගලයේ නියැලුණු පිරිස් දඩයම් කිරීමට රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත දිගටම යොදා ගන්නවා. එහි වඩාත් ගැඹුරු පියවරක් තබමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ඇතුළු තව දෙදෙනෙක් මේ පනත යටතේ දින 90ක් රඳවා ගැනිමේ නියෝග ලබාදී තිබෙනවා. මේක ඉතාම බරපතළ කාරණයක්. මේ විදිහට අත්අඩංගුවට ගත් බොහෝ දෙනෙකුට අධිකරණය ඇප දුන්නා. සමාජවාදී ශිෂ්‍ය සංගමයේ රංගල දේවප්‍රිය සහෝදරයාටත් ඇප දෙන්නේ මේ නිසයි. ඒ නිසාම අධිකරණයට ඉදිරිපත් නොකිරීමටම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදා ගන්නවා. රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ඇතුළු පිරිසක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගැනීමට ගෙන තිබෙන තීන්දුව වහාම හකුලා ගන්නා ලෙස ජාතික ජන බලවේගයේ අපි බලකරනවා. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හකුලා ගන්නා ලෙසත් අත්අඩංගුවට ගෙන සිටින සියලුදෙනා වහාම නිදහස් කරන ලෙසත් ආණ්ඩුවට බල කරනවා.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිකම දාලා ගිය පසු රනිල් වික්‍රමසිංහ ටෙම්පරියක් අදින්නේ. මේ ටෙම්පරි ජනාධිපති කඹේ කඩාගත් ගොනා වගේ හතර අතේ අනින්න පටන්ගෙන තිබෙනවා. ජන බලය ගැන, ව්‍යවස්ථාවේ අයිතිය ගැන, මේ නීති රීති පාවිච්චි කිරීමේ හැකියාව ගැන, ජාත්‍යන්තරව එන අප්‍රසාදය ගැන කිසිම හැඟීමක් නැතිව හතර අතේ අනින්න පටන්ගෙන තිබෙනවා. මේක හොඳටම ඇති දැන්. වහාම නවත්වන්න කියලා බලකරනවා. එසේ නොකළොත් ඉක්මනින්ම රනිල් වික්‍රමසිංහටත් ගෝඨාභය රාජපක්ෂ ගිය පාරේම යන්න වෙනවා. බොරු චෝදනා මත, පොලිසිය සොයාගත් නාමලේඛන මත, පින්තූරය පත්තරේ දමා රටවටේ තුන්දහසක් පමණ අත්අඩංගුවට ගත්තා. අතිශය බහුතරයකට අධිකරණයේ ඇප දුන්නා. ඇප නොදුන් පිරිසකුත් ඉන්නවා. තිස්සමහාරාම ප්‍රදේශයේ 22නෙක් පමණ ඇප නොදී රඳවාගෙන ඉන්නවා. පොදු දේපළ පනත යටතේ බොරු චෝදනා මත ඔවුන් රඳවාගෙන ඉන්නේ. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගත යුත්තේ රනිල් වික්‍රමසිංහවයි. විශාල ජනතාවක් මිය ගිය පාස්කු ත්‍රස්තවාදී ප්‍රහාරය එල්ල කරන විට රනිල් වික්‍රමසිංහ අගමැති. එය වළක්වා ගැනීමේ වගකීම ඔහුටත් තිබුණා. මේ ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම පිළිබඳව රනිල් වික්‍රමසිංහගෙන් ප්‍රශ්න කරන්න ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදාගත යුතු වෙනවා. හරිනම් රැඳවුම් නියෝග යටතේ රඳවාගෙන ඉන්න ඕනෑ රනිල් වික්‍රමසිංහව. මහ බැංකු බැඳුම්කර වංචාව සිදුකිරීමත් ත්‍රස්තවාදී ක්‍රියාවක්. ඒකෙ මහ මොළකරු රනිල් වික්‍රමසිංහ බව හෙළි වී තිබෙනවා. එහෙම නම් ඒ සම්බන්ධයෙනුත් රඳවාගෙන ප්‍රශ්න කරන්න ඕනෑ. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන ඉන්න ඕන මිනිහා ජනාධිපති වෙලා අයිතිවාසිකම් වෙනුවෙන් උද්ඝෝෂණය කරන ජනතාව මර්දනය කරනවා. මෙය වහාම නැවැත් විය යුතුයි.

රනිල් වික්‍රමසිංහ අගමැති වෙනකොට කීව කතා ගොඩක් තිබෙනවා. ජාත්‍යන්තරය දිනාගන්න පුළුවන් කෙනා බව කීවා. දැන් සිදුවී තිබෙන්නේ ලෝකයේ තානාපතිවරුන් මානව හිමිකම් සංවිධාන හැම එකකින්ම ඔහුගේ ක්‍රියාකාරකම් ගැන කනස්සල්ල පළකරමින් ඉන්නේ. එයා රට වට්ටනවා. සැප්තැම්බර් මාසයේ රැස්වන ජිනීවා මානව හිමිකම් කොමිෂමට විශාල ඉඩක් හදනවා අපේ රටට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්න. මේ බව රනිල්ට තේරෙන්නේ නැත්නම් තේරෙන අය නතර කරන්න කියලා උපදෙස් දෙන්න ඕනෑ. එහෙම නැත්නම් ජනතාව ලැහැස්ති වෙන්න ඕනෑ ඉක්මනින්ම පාරට බැහැලා රනිල්වයි රනිල්ව පත්කළ පාර්ලිමේන්තුවයි පළවා හැර ජනතාවගේ අයිතිවාසිකම් රකින ආණ්ඩුවක් හදන්න. ජාත්‍යන්තරය දිනාගන්නවා කිවූ කෙනා රට විනාශ කිරීම සම්බන්ධයෙන් වෙන උත්තරයක් නැහැ. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මානව විරෝධී කියලා ලෝකය පුරාමත් විශාල සංවාදයක් තිබෙනවා. මේක හඳුන්වා දුන් කාලයේ ඉඳලාම ජනතා විමුක්ති පෙරමුණේ අපිත් ප්‍රගතිශීලී සංවිධානත් විරුද්ධ වුණා. අද ජාතික ජන බලවේගය බල කරන්නේ මේක අහෝසි කරන්න.

රනිල්ගේ යහපාලන ආණ්ඩුව කාලයේ මේක වෙනස් කර, වෙනත් පනතක් ගේන බවට ප්‍රචාරය කළා. අද මේ පනත පුද්ගලික පළිගැනීම් සඳහා යොදා ගන්නවා. රනිල්ට පුළුවන්නම් ත්‍රස්තවාදය කියන්නේ මොකක්ද කියලා ප්‍රසිද්ධියේ අර්ථකථනය කරන්න කියලා අභියෝග කරනවා. ආණ්ඩු විරෝධී මර්දනය කිරීම සඳහාම ගෙන ආ මේ පනතින් එක්දහස් නවසිය අසූ ගණන්වල අපි හොඳටම බැටකෑවා. රනිල් වික්‍රමසිංහලා උත්සාහ කරන්නේ රාජපක්ෂලා සන්තෝෂ කර ජනතාවගෙන් පළි ගන්න. පරණ ඇමති මණ්ඩලයම පත්කරගෙන ඒ ගොල්ලෝ එකතුවෙලා පරණ ගමනම යන්න උත්සාහ කරන්නේ. ජනතාව දී තිබෙන පුංචි විරාමය තුළ ඔයගොල්ලෝ ඔය තරම් දේවල් කරන්න උත්සාහ කරනවා නම්, ජනතාව ඉක්මනින්ම ඔයගොල්ලන්ට උත්තර දෙනවා. නීතිඥ සංගම්, ප්‍රජාතන්ත්‍රවාදී සංවිධාන, සහ මේ රටේ ජනතාව රනිල්ලාට මේ අපරාධ කරන්න ඉඩදී මේ ගමන යනතුරු ඇස් පියාගෙන ඉන්නේ නැහැ. මේ ගමන නතර කරන්න ජාතික ජන බලවේගය හැටියට කළ හැකි උපරිම දේ කරන බවට සහතිකයක් අපි ජනතාවට දෙනවා.

අවුරුදු ගණනාවක් අවස්ථා කිහිපයකදී අගමැතිකමවත් හරියට කරන්න බැරි පුද්ගලයෙකුට ජනාධිපතිකම ලැබුණාම අශ්වයන්ට අං ආවා වගේ වෙලා. අපේ ගුරුවරයෙක් වන වී.අයි ලෙනින් මර්දනයේ අයට පැහැදිලි දෙයක් කියා තිබෙනවා. “බයිනෙත්තු බොහෝ දේවල් සඳහා ප්‍රයෝජනවත් විය හැකි නමුත් ඒ මත ඉඳගැනීම සඳහා නොවේ” කියලා. රනිල් හදන්නේ බයිනෙත්තු උඩ ඉඳගන්න. මිනිසුන්ගේ ඇත්ත ප්‍රශ්න වෙනුවෙන් අරගල කරන අවස්ථාවක ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදාගෙන බිය වැද්දීමෙන් නවත් වන්න බැහැ. ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් දෙනවා වෙනුවට අරගල කළ අයගේ පිටුපස පන්නනවා. නමුත් ජනතාවට නැගී සිටීම හැර වෙනත් විකල්පයක් නැහැ. ජනතාවගේ සහයෝගය වත් නැති ටෙම්පරියක් අදින ජනාධිපති මේ දේවල් කරලා ඉතිහාසයේ නරකම තත්වයට මුහුණ දෙන්න වන බව මතක් කරනවා. අපි ජනතාවට කියන්නේ ඔවුන්ගේ ප්‍රශ්න විසඳිය හැකි පාලනයක් රනිල් වික්‍රමසිංහත් ඔහුව පත්කළ පාර්ලිමේන්තුවත් ඉවත් කර ගොඩනඟා ගත යුතු බවයි. ජනතාව පීඩාවට පත් කළ හොරු ටික අධිකරණය ගෙන ආ හැටි පාලනයක් පිහිටුවා ගන්න, මර්දනයට එරෙහි පාලනයක් පිහිටුවා ගන්න අත්වැල් බඳගමු කියලා ඉල්ලා සිටිනවා. වසන්ත මුදලිගේ ඇතුළු සියලු දෙනා වහාම නිදහස් කරන ලෙසත්, අපි නැවත වරක් බලකරනවා.”

SendShareShare
Previous Post

රැට්ටගේ පස්සෙන් පන්නන්නේ අගවිනිසුරුවරිය පස්සෙ පැන්නූ දඩ බල්ලන්මද?

Next Post

පොලිසිය මාධ්‍ය හමු තියන තැන්වලට පැනලා හොයන එරංග එළියට ඇවිත් කියපු කතාව මෙන්න! (VIDEO)

MORE NEWS

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News
Exclusive

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

වාහන ‌රටින් ගෙන්වන්න පුලුවන් ගැසට් එක හෙට අනිද්දාම එළියට එනවා! ගේන්න පුලුවන් වාහන වර්ග-ඩොලරයට ආපහු වෙන්න යන දේ මෙන්න! Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව පාවිච්චි කරපු වාහන ගෙන්වීමේ කොමිස් එක අයින් කරයි! Vezel ලක්ෂ 20කින්-Wagon R ලක්ෂ හතාමාරකින්-Yaris ලක්ෂ 10කින් යළි ඉහළට? I Sri Lanka Latest News

මාංචු දැම්මෙ නෑ.. KDH වෑන් එකේ ගෙනිච්චා කියලා කට්ටිය ඇඬුවනේ..! ඔන්න අද අත් දෙකට මාංචු දාලා බන්ධනාගාර බස් එකෙන් යෝෂිත උසාවියට ගෙනාවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

යෝෂිත අත්අඩංගුවට ගනී! I Sri Lanka Latest News

නාමල් බැසිල්ලා ඔන්න වැඩ පටන් අරන්! රෝහිත-මහින්දානන්දත් වැඩට බැහැලා! (PHOTOS)
Exclusive

බැසිල් අත්අඩංගුවට ‌ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න! CIDයට නියෝගයක්! I Sri Lanka Latest News

කොළඹ නගරාධිපති පුටුවෙන් පටන් අරන් කතානායක පුටුව දක්වාම ගිය එම්.එච්. මොහොමඩ්ගේ 104 වැනි ජන්ම දිනය සමරයි! සජිත්ගෙන් විශේෂ කතාවක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

රටක් ලෙස මේ අමාරු මොහොතේ දේශපාලන වෙනස්කම්වලට ගරු කරමින් රට සුරක්ෂිත කිරීමට සැවොම එකතු වෙමු! කොස්ගොඩ සුභූති අනුනායක නාහිමිපාණන් වහන්සේගේ ආදාහන පුජෝත්සවයේදී විපක්ෂනායක සජිත්ගෙන් විවෘත ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

Load More
‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

වත්මන් රජය මැදපෙරදිග යුද්ධය පෙන්වා බොරතෙල් මිල වැඩි වූවා කියා මෙරට තෙල් මිල වැඩි කළත් අද වන විට බොරතෙල් බැරලයක...

Read more
මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

වාහන ‌රටින් ගෙන්වන්න පුලුවන් ගැසට් එක හෙට අනිද්දාම එළියට එනවා! ගේන්න පුලුවන් වාහන වර්ග-ඩොලරයට ආපහු වෙන්න යන දේ මෙන්න! Sri Lanka Latest News

ආණ්ඩුව පාවිච්චි කරපු වාහන ගෙන්වීමේ කොමිස් එක අයින් කරයි! Vezel ලක්ෂ 20කින්-Wagon R ලක්ෂ හතාමාරකින්-Yaris ලක්ෂ 10කින් යළි ඉහළට? I Sri Lanka Latest News

මාංචු දැම්මෙ නෑ.. KDH වෑන් එකේ ගෙනිච්චා කියලා කට්ටිය ඇඬුවනේ..! ඔන්න අද අත් දෙකට මාංචු දාලා බන්ධනාගාර බස් එකෙන් යෝෂිත උසාවියට ගෙනාවා! VIDEO I Sri Lanka Latest News

යෝෂිත අත්අඩංගුවට ගනී! I Sri Lanka Latest News

නාමල් බැසිල්ලා ඔන්න වැඩ පටන් අරන්! රෝහිත-මහින්දානන්දත් වැඩට බැහැලා! (PHOTOS)

බැසිල් අත්අඩංගුවට ‌ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න! CIDයට නියෝගයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.