රජය නියම කර ඇති පාලන මිල ගණන් යටතේ බිත්තර අලෙවි කළ නොහැකි බව බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.
සිය කර්මාන්තය පවත්වාගෙන යාමට මෙන්ම ප්‍රවාහන කටයුතු සඳහා ඉන්ධන වැඩි වශයෙන් අවශ්‍ය බැවින් ඒ සඳහා වැය කෙරෙන මුදල් හමුවේ බිත්තර මිල පහල දැමිය නොහැකි බවයි ජාතික සත්ත්ව නිෂ්පාදකයන්ගේ සංගමයේ සුජීව ධම්මික මහතා සදහන් කළේ.










