• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනාධිපතිතුමාගේ කතාවයි ක්‍රියාවයි අතර ලොකු වෙනසක් තියෙනවා! හදිසි නීතිය දඩමීමා කරගෙන මර්දනය පටන් අරන්! මුදලිගේලාව වහාම නිදහස් කරන්න! සජබ මහලේකම්ගෙන් සැර නිවේදනයක්!

August 20, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
රනිල්ට ගෝ හෝම් වෙන්න‌ දෙයක් නෑ! ගිය ජන්දෙදි මිනිස්සු එයාව ‌ගෝ හෝම් කළා! එයා එක්ක ඇමැතිකම් කරන්න යන්න අපේ පක්ෂයේ කවුරුත් නෑ! යනවානම් ඉතින් ඔළුවෙ අමාරුවක් තියෙන කෙනෙක් තමයි! සජබ මහලේකම් ප්‍රකාශයක් කරයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

වසන්ත මුදලිගේ මහතා අත්අඩංගුවට ගෙන රදවා තබා ගැනීමට විරෝධය පළ කරමින් සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබංඩාර මහතා නිවේදනයක් නිකුත් කොට ඇත.

එම නිවේදනය මෙසේය.

සමකාමී පෙළපාලියක සහ විරෝධතාවක නියැලුණු අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුන්ට පොලිසිය විසින් එල්ල කළ කදුලු ගෑස් සහ ජල ප්‍රහාරය තරයේ හෙලා දකිමු. ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව තමා කියන දේ සහ ක්‍රියාවට නංවන දේ අතර බරපතළ පරස්පරයක් තිබෙන බව යළිත් වතාවක් තහවුරු කොට ඇත. උද්ඝෝෂණය විසුරුවා හැරීමෙන් නොනැවතී සිසුන් පිරිසක් අත්අඩංගුවට ගැනීමත් අන්තරේ කැදවුම්කරු වසන්ත මුදලිගේ සිසුවා ඇතුළු තවත් කිහිප දෙනෙක් රැඳවුම් නියෝග මත අත්අඩංගුවේ තබාගැනීමත් සමගි ජන බලවේගය දැඩි ලෙස හෙළා දකිමු.

ගරු ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතදීත් දිගින් දිගටම අවධාරණය කළේ සාමකාමී විරෝධතා උද්ඝෝෂණ සඳහා කිසිදු බාධාවක් නොකරන බවයි. නමුත් සිදු වෙමින් පවතින්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහ ජාත්‍යන්තර සම්මුතීන් මඟින් වගකීම සහ වගවීමට ලක් වන භාෂණය නිදහසේ රැස්වීම විරෝධතා පැවැත්වීම වැනි ප්‍රජාතන්ත්‍රීය අයිතීන් හදිසි නීතිය දඩමීමා කර ගනිමින් මර්දනය කරන ආකාරයයි. මෙම මර්දනය සඳහා කිසිදු සාධාරණ හේතුවක් ඉදිරිපත් කිරීමට ආණ්ඩුව අපොහොසත් වී ඇත.

මෙම විරෝධතාවය තුළ විරෝධතාවය නියැලුණ සිසුන් ඉල්ලා සිටියේ වහාම විශ්වවිද්‍යාල විවෘත කරන ලෙසත් රටේ ජනතාවට ජීවත්වීම සඳහා සුදුසු ආර්ථික වැඩපිළිවෙළක් සකස් කරන ලෙසත් නිදහසේ ජීවන වෘත්තීන් කරගෙන යාම සඳහා වන බාධකවලින් රට මුදා ගැනීමට පියවර ගන්නා ලෙසයි. එම ඉල්ලීම් පිළිබඳව කිසිදු ප්‍රතිචාරයක් නොදක්වන ආණ්ඩුව ක්‍රියාවට නැංවූ මර්දනය තුළ පැහැදිලි වන්නේ මෙම ක්‍රියාවලිය තුළ සැඟවුණු න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක බවයි. මේ සියල්ල අදෘශ්‍යමාන හස්තයක් මඟින් මෙහෙය වන බව අපි විශ්වාස කරමු. මෙවැනි ක්‍රියාදාමයන් තුළින් උත්සහ දරණුයේ සමාජය තුළ බිය ඇති කරමින් ආණ්ඩුවට එරෙහි විරෝධතාවයන් නිර්වින්දනය කිරීම බව ඉතාමත් පැහැදිලිය.

ආණ්ඩුවේ ඉදිරි න්‍යාය පත්‍රය තුළ ක්‍රියාවට නංවනු ලබන බොහෝ වැඩ පිලිවෙළ සමාජය තුළ බරපතළ ආතතියක් නිර්මාණය කරන බව පෙනෙන්නට තිබේ. එමෙන්ම ජනතාව විසින් ප්‍රතික්ෂේප කළ දේශපාලනඥයින් සහ දේශපාලකයින් යළිත් වහසිබස් දොඩමින් පුනරාගමනයක් සිදුකරන බවද පැහැදිලිය. මේ සියල්ල ජනතා විරෝධය සහ කෝපය අවුලුවන සුළු ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයේ බලය තහවුරු කර ගන්නා පියවර මිස රටේ මූලික අර්බුද වලට විසඳුම් ලබා නොදෙන ඒවා බව පැහැදිලිය.

හදිසි නීතිය වහාම අහෝසි කරනවා යැයි ප්‍රකාශ කළ ජනාධිපතිතුමා අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් දිස්ත්‍රික්ක හතකට ත්‍රිවිද හමුදාව කැඳවීම තුළද දකින්නේ ප්‍රකාශය සහ ක්‍රියව අතර පරස්පරයයි. රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් කප්පාදු කරන එමෙන්ම ව්‍යවස්ථාවෙන් සහතික කොට ඇති නන්වැදෑරුම් නිදහස යටපත් කරන සියලු ක්‍රියාවලි වහාම හකුලා ගන්නා ලෙස අපි ආණ්ඩුවට බල කරමු. එමෙන්ම රඳවා ගැනීමේ නියෝග මත අත්අඩංගුවේ පසුවන ශිෂ්‍ය ක්‍රියාධරයින් වහාම නිදහස් කරන ලෙස ද ජනාධිපතිතුමා ප්‍රමුඛ ආණ්ඩුවට කියා සිටිමු.

ගරු ජනාධිපතිතුමා සර්ව පාක්ෂික සහයෝගය රටේ අර්බුද විසඳීමට ඉල්ලා සිටින්නේ අවංක අභිලාෂයන් පෙරදැරිකරගෙන නම් මෙවැනි ක්‍රියා තුළින් එවැන්නක් ඉටුකරගත නොහැකි බව පෙන්වාදෙනු කැමැත්තෙමු.

රංජිත් මද්දුමබංඩාර (පා.ම.)
මහ ලේකම්,
සමගි ජන බලවේගය.

SendShareShare
Previous Post

රනිල් දිස්ත්‍රික්ක 25ටම හමුදාව කැඳවයි!

Next Post

රඳවා තබා ගැනීම ජාත්‍යන්තර නීතියට පටහැනියි! ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය මුදලිගේ වෙනුවෙන් පෙරට එයි!

MORE NEWS

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

Load More
සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

නියමිත කාලය අවසන් වන ලබන සැප්තැම්බරයේ තමන් විශ්‍රාම යන බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.Sri Lanka Latest News

Read more
බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.