සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය ආණ්ඩුව දිගු කරන ඇමති කැරට් අල අනුභව කිරීමට සුදානම් නොමැති බවත් රට වෙනුවෙන් ප්‍රතිපත්තිගරුකව රට ගොඩනගන්න රජය කරන හොද දේවල්වලට පමණක් ඒකාබද්ධ වැඩපිළිවෙළක් යටතේ පාර්ලිමේන්තු කමිටු ක්‍රමය හරහා පමණක් සහයෝගය ලබා දෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
අද පෙරවරුවේ සිට යම් යම් සමාජ මාධ්‍ය ඔස්සේ සජබ මන්ත්‍රීවරුන් ආණ්ඩුවට එක්වන බවට යම් කණ්ඩායමක් විසින් සංවිධානාත්මකව ගෙන යන මාධ්‍ය මෙහෙයුම සම්බන්ධයෙන් සිය ප්‍රතිචාරය දක්වමින් විපක්ෂනායකවරයා මේ බව සදහන් කළේය.
රටේ ජීවත් වන ලක්ෂ 220ක් වූ ජනතාව අසීමිත දුකකින්, අසහනයකින් සිටින අවස්ථාවක මාධ්‍ය ක්ෂේත්රයේ සිටින සුළු කොටසක් විසින් ව්‍යාජ ප්රවෘත්ති සකස් කර එම ප්රවෘත්ති පුවත්පත්වල සහ පසුදා සිරස්තල කියන වැඩසටහන් හරහා කියවා ජනතාව තුළ රටේ ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය සම්බන්ධයෙන් යම් මතයක් ඇති කිරීමට උත්සාහ දරන බවත් එහි දී සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය සුපුරුදු බලකෑදර ලාභ අපේක්ෂා දේශපාලන ගමනක යන බවට වන පුවතක් නිර්මානය කරන ඇති බවත් එම පුවත සහමුලින්ම අසත්‍ය බවත් ඒ මහතා පැවසීය.
1% ක් වන ජඩ මාධ්‍ය දියත් කරන කුමන්ත්රණවලට ජනතාව හසු නොවන ලෙසත් සමහරු අද කපුටන් සමග කුමන්ත්රනය කර කපුටු වෙබ් අඩවිවල විවිධ කටකතා ස්ථාපිත කර රටේ පොදු ජනතාව නොමග යවන නාග රාජ මාධ්‍ය ව්‍යාපෘතියත නිරතව ඇති බවත් ඒ මහතා පැවසීය.
නාග රාජය මාධ්‍ය ව්‍යාපෘතිය හරහා ඔවුන් පසුගිය ජනාධිපතිවරණ කාලයේ කැළණි රජමහා විහාරයත්, සම්බුද්ධ ශාසනයත් තුට්ටු දෙකේ දේ්ශපාලන වෙන්දේසියකට දමා දේශපාලන වාසි වෙනුවෙන් කටයුතු කළ බවද විපක්ෂ නායකතුමා පැවසීය.
සර්වපාක්ෂික ආණ්ඩුව හරහා ඇමති ධුර 70ක් පමණ ගජ මිතුරන්ට බෙදා දෙන සූදුවට සම්බන්ද නොවන බවද ඒ මහතා පැවසීය.










