ගෝල්ෆේස් විරෝධතාවය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයන් සිදු කළ ස්කොට්ලන්ත ජාතික තරුණිය Kayleigh Fraser අතුරුදහන්ව ඇති බව වාර්තා වේ.
ඇයගේ වීසා බලපත්‍රය අවලංකු කර ඇති බවත් අගෝස්තු 15 වන දිනට පෙර රටින් පිටවන ලෙසත් ආගමන විගමන දෙපාර්තමේන්තුව මින් පෙර දැනුම් දී තිබිණ.
ආගමන විගමන දෙපාර්තමේන්තුව සදහන් කළේ මෙතෙක් ඇය රටින් පිටුවහල් වී නොමැති බවයි.
රැඳී සිටි ස්ථානයේද ඇය මේ වන විට නැති බව වාර්තා වේ.
ඒ අනුව ස්කොට්ලන්ත ජාතික Kayleigh Fraser සොයා විමර්ශන ආරම්භ කර ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.
අදාළ තරුණිය මේ වනවිට මෙරට රැඳී සිටින අතර ඇය සිය භාරයට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරමින් සිටින බවද ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.










