දිවයිනේ ප්‍රදේශ රැසක සිදු කළ සොරකම් රැසකට සම්බන්ධ සැකකරුවන් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ, හෙරොයින් සමග පුද්ගලයින් දෙදෙනෙකු වැලිවේරිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි.
මේ සම්බන්ධයෙන් කළ වැඩිදුර විමර්ශනවලදී සැකකරුවන් දිවයිනේ විවිධ ප්‍රදේශවල ත්‍රිරෝද රථ, යතුරුපැදි සහ පා පැදි ඇතුළු දේපොළ සොරකම් කිරීම්වලට සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වී ඇත.
පොලීසිය ප්‍රකාශ කළේ, මෙම සැකකරුවන්ගෙන් කළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී තවත් සැකකරුවන් 03 දෙනෙකු ද අත්අඩංගුවට ගත් බවයි.
ඔවුන් ජා-ඇල, බියගම, කඩවත, කැලණිය, යක්කල, මහබාගේ, කොටුව, පෑලියගොඩ, මීගහවත්ත, රාගම සහ වැලිවේරිය ප්‍රදේශවල කොල්ලකෑම්වලට සම්බන්ධ බව හෙළි වී තිබේ.
සැකකරුවන් සන්තකයේ තිබී ත්‍රිරෝද රථ දෙකක්, යතුරු පැදි 10 ක් සහ පාපැදි 11 ක් පොලීසිය භාරයට ගෙන ඇති අතර ඔවුන් වැලිවේරිය, ගම්පහ සහ බලංගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන් ය.