ඉන්ධන පිරවුම්හලක ඉන්ධන ලබාගැනීමට පොලීමේ සිටි අයෙකු ඊයේ (10) දින හදීසියේ ඇති වූ අසනීපයක් හේතුවෙන් මිය ගොස් ඇතිය යාපනයෙ පොලීසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ, යාපනය පොලිස් වසමේ කොක්කුවිල් ප්‍රදේශයේ පිහිටි ඉන්ධන පිරවුම්හලක දී වන අතර, මිය ගිය පුද්ගලයා ඉන්ධන ලබාගැනීම සඳහා පෝලිමේ පැමිණ QR කේතය ලබාදීමට ගිය අවස්ථාවේදී එකවරම බිම ඇද වැටී තිබේ.
අසල්වාසීන් විසින් එම පුද්ගලයා යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කළ ද, ඒ වන විටත් මිය ගොස් ඇතැයි රෝහල් වෛද්‍යවරුන් පැවසූහ.
මියගිය පුද්ගලයාට ඉන්ධන පෝලිමේ සිටි අවස්ථාවේදී ඇති වූ හෘදයාබාද තත්වයක් හේතුවෙන් මිය යන්නට ඇතැයි පොලීසිය සැක පල කරන අතර මළසිරුර පශ්චාත මරණ පරික්ෂණය වෙනුවෙන් යාපනය ශික්ෂණ රෝහලේ තැන්පත් කොට ඇත.
මෙලෙස මිය ගොස් ඇත්තේ යාපනය පුන්නාලෙයි කඩ්ඩුවාන් ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි එස්. රූබන් නැමත්තෙකු වන බවටද පරික්ෂණ සිදුකරන යාපනය පොලීසිය වැඩිදුරටත් පැවසීය.










