පානදුර, හිරණ ප්‍රදේශයේදී කාන්තාවක් පැද වූ මෝටර් රථයක ගැටී 13 හැවිරිදි පිරිමි දරුවෙකු මියගොස් තිබේ.
පොලීසිය සඳහන් කළේ, අදාළ මෝටර් රථය පාලනය කර ගැනිමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන වෙළෙඳසැලක් අසළ පාපැදියක් මත සිටි දරුවාගේ ගැටී ඇති බවය.
මියගොස් ඇත්තේ, හිරණ, පිංවල ප්‍රදේශයේ පදිංචි දරුවෙකි.
එම දරුවා 9 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකි.










