ඉකුත් ජනාධිපතිවරණ සමයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා ඉලක්ක කර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මාධ්‍ය ඒකකය විසින් සකස් කරන ලද මඩ වීඩියෝවක තොරතුරු අනාවරණය කර ගැනීමට ආණ්ඩුව සමත්ව ඇති බව දැනගන්නට තිබේ.
එම තොරතුරුවලට අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධ කර ජනාධිපතිවරණයේ අවසන් දින කිහිපය තුළ ප්‍රචාරය වූ අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මගින් නිකුත් කළ බව කියන වීඩියෝව සම්පූර්ණයෙන්ම සකස් කර ඇත්තේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මාධ්‍ය ඒකකය විසින් බවට සොයාගෙන තිබේ.
මෙම තොරතුරු තහවුරු කර ගත් වහා එම මාධ්‍ය ඒකකයේ සිටි සියලුම සාමාජිකයන් ඉවත් කොට නවතම කණ්ඩායමක් ඊට අනුයුක්ත කිරීමට ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගෙන ඇති බව දැනගන්නට ඇත.
එමෙන්ම අදාළ ව්‍යාජ වීඩියෝව සකස් කළ පුද්ගලයන් සොයා වහාම විමර්ශනයක් ආරම්භ කරන ලෙසටද වගකිව යුතු ආයතන වෙත උපදෙස් නිකුත් වී ඇති බවද දැනගන්නට තිබේ.










