අත්අඩංගුවට ගනු ලැබූ ජාතික හෙළ උරුමයේ නායක හිටපු ඇමැති පාඨලී චම්පික රණවක මහතා කොළඹ අපරාධ කොට්ඨාසය වෙත රැගෙන ගොස් තිබේ.
එමෙන්ම මේ වනවිට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාද කොළඹ අපරාධ කොට්ඨාසය වෙත පැමිණ ඇති අතර තවත් එජාප මන්ත්‍රිවරුන් රැසක් එහි පැමිණ ඇති බව වාර්තා වේ.
මීට අමතරව කොළඹ රැදී සිටින සියලුම එජාප මන්ත්‍රීවරුන් මේ වනවිට අපරාධ කොට්ඨාසය වෙත පැමිණෙමින් සිටින බවද දැනගන්නට තිබේ.
2016 සිදුව ඇති රිය අනතුරක් සම්බන්ධයෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කොට ඇත.










