හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ‘ස්මාර්ට් ශ්‍රී ලංකා” නමින් ව්‍යාපෘති රැසක් අරඹා ඊට ලක්ෂ 5000ක් වෙන් කර තිබුණද ඒ කිසිදු ව්‍යාපෘතියක් අවසන් නොකර අතරමග නතර කර ඇති බව වාර්තා වේ.
මෙහිදී විශේෂ ව්‍යාපෘති 20ක් හදුන්වා දී ඒවා නියාමනය කිරීම සඳහා පමණක් ජනාධිපති කාර්යාලයීය අතිරේක ලේකම්වරුන් 18 දෙනකු පත් කර සිටි බව ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සිදු කරනු ලබන පරීක්ෂණයකදී හෙළිවී තිබේ.
ස්මාර්ට් ශ්‍රී ලංකා ව්‍යාපෘතියට ප්‍රචාරය ලබා ගැනීම සඳහා දිවයින පුරා සවි කළ දැවැන්ත ප්‍රචාරක කටවුට් සඳහා පමණක් රුපියල් ලක්ෂ 500කට ආසන්න මුදලක් වැය කොට ඇති බවද වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් දැනට සිදු කෙරෙන පරීක්ෂණවලදී ජනාධිපති මාධ්‍ය ඒකකයේ හිටපු නිලධාරීන් කිහිප දෙනකුගෙන් ප්‍රශ්න කිරීමට කටයුතු සූදානම් කර ඇති බවද දැනගන්නට ඇත.










