ශ්‍රී ලංකා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පත්වීම පිළිබඳව සුබපැතුම් පළ කර ඇති අතර, ස්ථාවරත්වය ගෙන ඒම සඳහා සහ ශ්‍රී ලංකාව මුහුණ දී සිටින වත්මන් අර්බුදවලින් ගොඩ ඒම සඳහා ඔහුගේ නායකත්වය තීරණාත්මක වනු ඇති බව පෙන්වා දී තිබේ.
රටේ අර්බුදය විසඳීම සඳහා ජාතික උපාය මාර්ගයක් සකස් කිරීමට ජනාධිපතිවරයාගේ කැපවීම සාදරයෙන් පිළිගන්නා බවද ජගත් මහලේකම්වරයා පෙන්වා දී ඇත.










