ලබන 11 වැනිදා ලංකාවට පැමිණීමට නියමිතව තිබූ චීන යුආන් වැන්ග් 5 නෞකාවේ සංචාරය කල් දමන ලෙස ආණ්ඩුව විසින් දැනුම් දී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
නැව මුල් කරගෙන මතුව ඇති ජාත්‍යන්තර අර්බූදය හේතුවෙන් ආණ්ඩුව මෙම ඉල්ලීම චීන රජයෙන් කර ඇති බව වාර්තා වේ.
මෙම නෞාකාව පැමිණීම සම්බන්ධයෙන් ඉන්දීය රජය පමණක් නොව අමෙරිකානු ආණ්ඩුවද ශ්‍රී ලංකා රජයට නිල විරෝධය ප්‍රකාශ කොට තිබිණ.
ඒ අනුව ලංකා රජය චීන රජයට මෙම දැනුම් දීම සිදු කොට ඇති බව දැනගන්නට තිබේ.










