රාජ්‍ය දේපළවලට හානි කළ බව පවසමින් අරගලකරුවන් අත්අඩංගුවට ගත්තද, එවක දින 52 ආණ්ඩුව සමයේ පාර්ලිමේන්තු දේපළවලට සිදුකළ මහා විනාශය සම්බන්ධයෙන් එකදු පොහොට්ටු මන්ත්‍රීවරයකු හෝ අත්අඩංගුවට ගෙන නැතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසනවා.
පසුගියදා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් හෙතෙම මේ අදහස් පළ කළා.










