• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Holiday

සීතලට උණුසුම් වෙන්න හොඳම තැන ලංකාව

December 19, 2019
in Holiday
Reading Time: 1 min read
A A
සීතලට උණුසුම් වෙන්න හොඳම තැන ලංකාව
Share on WhatsAppShare on Facebook

ලෝක අංක එකේ සංචාරක ආකර්ෂණය දිනාගත් රටවල් අතරේ අපේ පුංචි ලංකාවට හිමි වෙන්නෙත් ප්‍රමුඛ තැනක්. ඒත් පසුගිය අපේ්්‍රල් 21 වැනිදා සිදුවුණු අවාසනාවන්ත සිදුවීම් පෙළ හින්දා අපේ රටේ සංචාරක ව්‍යාපාරයට දැවැන්ත පහරක් එල්ල වුණා. ඒ වෙලාවේ ලංකාවට ඇවිත් හිටපු සංචාරකයන් විශාල පිරිසක් ආපසු යන්න ගියා වගේම ලංකාවට එන්න හිටපු බොහෝ දෙනෙක් තමන්ගේ සංචාර අවලංගු කළා. ඒත් මේ වෙද්දී ඒ තත්ත්වය නැවත වරක් හොඳ අතට හැරෙමිනුයි තියෙන්නේ. ලෝකය වටේ ඉන්න සංචාරකයන් මේ වෙද්දී ටික ටික ලංකාවට එන්න පටන් අරගෙන.
මේ අතරේ ලංකාවේ සංචාරක ව්‍යාපාරයට ඉතාම සුබවාදී කාරණාවකුත් පසුගිය දින කිහිපයේදී අහන්න ලැබුණා. ඇමෙරිකා එක්සත් ජනපදයේ බොහොම ජනප්‍රිය මාධ්‍ය ජාලයක් වෙන ඹී් ඔධෘ්ශ වෙබ් අඩවිය මේ ශීත සෘතුවේ සංචාරයට සුදුසු ගමනාන්ත අතරින් අංක එකට අපේ පුංචි ලංකාව තෝරා ගැනීම තමයි ඒ කාරණය. ඩුබායි, වියට්නාම්, ආර්ජන්ටිනා වැනි ලෝකයේ ජනප්‍රිය සංචාරක ගමනාන්ත බොහොමයක් අතරින් අංක එක ලංකාවට ලැබුණු එක ජාත්‍යන්තරයේ අපි ලබපු විශාල ජයග්‍රහණයක් විදියට හඳුන්වන්න පුළුවන්.
ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු ලෝකයේ උත්තර ධ්‍රැවයට ආසන්න රටවල් බොහොමයකට මේ වෙද්දී ශීත සෘතුව උදා වෙලා. ශීත කාලයට උණුසුම් රටවල් කරා සංචාරය කිරීම ලෝකයේ සංචාරයට ළැදි බොහෝ දෙනාගේ පුරුද්දක්. ඒ හින්දා ඹී් ඔධෘ්ශ අපිට ලබා දුන්න ගෞරවය ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට සෘජු බලපෑමක් එල්ල කරන දෙයක් බව අමුතුවෙන් කියන්න ඕනැ නැහැ. සිත් ඇදගන්නා පිරිසුදු වෙරළ තීරයන්ගෙන් යුත්, විචිත්‍රවත් ඉතිහාසයකින් පැවත එන ආගන්තුක සත්කාරයට ළැදි ජනතාවක් ජීවත් වෙන රටක් හැටියට තමයි ඔවුන් ශ්‍රී ලංකාව හඳුන්වා දී තිබුණේ. සීගිරි පර්වතය මුදුනට නැඟීම වගේම දඹුලු විහාරය නැරඹීමත් ශ්‍රී ලංකාවට පැමිණෙන අයෙක් අනිවාර්යයෙන්ම සිදු කළ යුතු බවත් ඔවුන් සඳහන් කරලා තිබුණා. ශ්‍රී ලංකාව පිළිබඳ පළ කර තිබූ සටහන සඳහා යොදා ගෙන තිබුණෙත් සීගිරි පර්වතයේ ඡායාරූපයක් වීමත් විශේෂයි.
ලෝකයේ අංක එකේ සංචාරක ගමනාන්ත 20ක් යොදා ගනිමින් සිදු කර තිබූ මේ තෝරා ගැනීමේ දෙවැනි තැන හිමිවෙලා තිබුණේ ගැලපගස් දිවයිනට. එහි තෙවැනි තැන ඩුබායි නගරයටත්, සිවුවැනි තැන වියට්නාමයේ හැනෝයි නගරයටත් හිමි වෙලා තිබුණා. ආර්ජන්ටිනාවේ බුවනස් අයර්ස් නගරයට පස්වැනි තැන හිමිව තිබූ එම ලැයිස්තුවේ හයවැනි තැන ශාන්ත ලුසියා දිවයිනටත්, හත්වැනි තැන තායිලන්තයේ කෝ සමූයි දිවයිනටත් හිමිව තිබුණා. පේරු රාජ්‍යයේ ලීමා නගරයට, ශාන්ත කයිට්ස් දිවයිනට සහ බෙලිසියට පිළිවෙළින් එම ලැයිස්තුවේ අටවැනි, නවවැනි සහ දහවැනි ස්ථාන හිමි වෙලා තිබුණා. ලොව උතුරු කෙළවරේ රටවල් ශීත සෘතුවේ සංචාරය කරන ප්‍රධාන ගමනාන්තයක් වන ඕස්ටේ්‍රලියාවේ සිඞ්නි නගරය මෙම ලැයිස්තුවේ 19 වැනි තැනට පත්ව තිබීමත් විශේෂත්වයක්.
කොහොම වුණත් මේ ලැබුණු ගෞරවය ඉදිරියටත් රැක ගන්න එක තියෙන්නේ අපේ අතේ. මොකද ආගන්තුක සත්කාරයට ළැදි ජනතාවක් ජීවත් වෙන රටක් විදියට ලෝකය ඉදිරියේ අපිට ලැබිලා තියෙන වටිනාකම රැක ගන්න එක අපි හැමෝගෙම සාමූහික වගකීමක් කියන එකත් මතක් කරන්න ඕනෑ.

SendShareShare
Previous Post

ලෙඩ ගොඩකට ගුණදෙන මුරුංගා

Next Post

චම්පික රිමාන්ඩ්

MORE NEWS

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News
Holiday

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News
Exclusive

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුද්දේ අන්තිම කැලෑ කොලම… සිරිපා සමය ඇරඹුනා ප්ලාස්ටික් නම් අරන් එන්න එපා I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අලි ඇතුන්ට නම් තියන්නේ කොහොමද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

යාල් ආගන්තුක සංචාරකයා ඒ ගමනත් අවසන් කරයි… සංචාර ලැයිස්තුවේ ඉතිරි වුණේ මුලතිව් විතරයි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලංකාවේ පළමුවරට සත්තුන්ට ප්‍රතිකාර කූඩුවක් I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.