• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gurudawa

රාජපක්ෂවරුන්ගේ කුණු අදින සර්වපාක්ෂික කුණු ලොරිය! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

August 6, 2022
in Exclusive, Gurudawa
Reading Time: 8 mins read
A A
රාජපක්ෂවරුන්ගේ කුණු අදින සර්වපාක්ෂික කුණු ලොරිය! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
Share on WhatsAppShare on Facebook

‘හොඳ මොළ තියෙන දේශපාලනඥයන් ආණ්ඩුවෙත් ඉන්නවා. විපක්ෂයෙත් ඉන්නවා. මේක බූරු කාඩ් සෙල්ලමක් නෙවෙයි. මේක රට කෙළින් කටින් හිටුවන උත්සාහයක්…’

මේ, ග්‍රීසියේ අධිකරණ ඇමැති එරට විධායක අගමැති සහ විපක්ෂ නායක සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මුහුණට මුහුණලා හමුවීමට පෙර මාධ්‍යයට කළ ප්‍රකාශයය.

‘අපිට මේ සර්වපාක්ෂික දේශපාලන ගනුදෙනුවෙන් කිසි දෙයක් ඕනෑ නැහැ. මිනිසුන්ට බඩගින්න දැනෙන විට අරගල කිරීම ස්වභාවිකයි. ඔවුන්ට වෙනසක් අවශ්‍යයි….’

මේ, ග්‍රීසියේ මවක් අගමැති සහ විපක්ෂ නායක අතර හමුවට පෙර මාධ්‍යයට කී කතාවය.

‘සර්වපාක්ෂික ආණ්ඩුවක පළමු කොන්දේසිය ඔබ ඉවත් විය යුතුයි…’

එරට විපක්ෂ නායකයා කීවේ එපමණය.

‘මම අතිවිශාල ජන වරමකින් ආවේ. ඔබ සර්වපාක්ෂික ආණ්ඩුවට එක්වෙන්න. මම ඔබට අගමැතිට නොදෙවැනි ඇමැති ධුරයක් දෙන්නම්…’

මේ අගමැති, විපක්ෂ නායකට කළ යෝජනාවය.

‘ඔබ යටතේ සර්වපාක්ෂික ආණ්ඩු බැහැ. නිර්පාක්ෂික අගමැති කෙනෙක් පත්කරන්න. අපි දෙන්නම ඔහු යටතේ ඇමැති ධුර භාරගෙන ග්‍රීසියේ ආර්ථික අර්බුදය ජයගන්න මූල්‍ය අරමුදලේ පැකේජය ගමු. ඊට පස්සේ ඡන්දයකට යමු…’

මේ, විපක්ෂ නායකයා කළ යෝජනාවය. විපක්ෂ නායකගේ යෝජනාව හරි බව අගමැතිගේ ආණ්ඩුවේ ඇමැතිවරුද පිළිගත්හ.

‘ඔබ පසුපසට වෙන්න, රට පෙරට තියන්න…’

මේ හැමෝම එක්වී අගමැතිට කළ බලපෑමය.

අද ලංකාව එදා ග්‍රීසිය වගේ බංකොලොත් වුණු රටකි. ග්‍රීසිය ඒ බංකොලොත් බවෙන් මුදාගත්තේ නිර්පාක්ෂික අගමැතිවරයෙක් යටතේ සර්වපාක්ෂික ආණ්ඩුවක් හදලාය.

‘ඔබ පසුපසට වෙන්න, රට පෙරට තියන්න…’

අද සර්වපාක්ෂික ආණ්ඩු හදන්න කතා කරන රනිල්ට මේ ටික කියන්න කවුරුත් නැද්ද?

රනිල්ට ඒ කතාව දැනෙන්න කිව්වේ සරත් ෆොන්සේකාය.

‘එයා ජාතික ලැයිස්තුවෙන් ඇවිත් පොහොට්ටුවේ ඡන්ද 134කින් ජනාධිපති වෙලා, අගමැති කෙනකුත් පත්කරගෙන අපිට කියනවා සර්වපාක්ෂික ආණ්ඩු හදන්න එන්න කියලා…’

ඇත්ත කතාව මේකය. රනිල් පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් පත්වෙච්ච ජනාධිපතිය. අගමැති දිනේෂ්, රාජපක්ෂලාගේ සේවකයෙකි. එහෙව් ජනාධිපතිගෙයි, එහෙව් අගමැතිගෙයි යටතේ හදන ආණ්ඩුවක් සර්වපාක්ෂික නොවේ. ඒක ඒකපාක්ෂික ආණ්ඩුවකි.

‘මොකක්ද මේ ඒකපාක්ෂික ආණ්ඩුව…’

මේක ඒකපාක්ෂික ආණ්ඩුවකුත් නොවේ. මේක රාජපක්ෂලාගේ පව් අදින සර්වපාක්ෂික කුණු ලොරියකි. නගර සභාවේ කුණු ලොරිය මිනිසුන්ගේ කුණු අදිනවා වගේ මේ සර්වපාක්ෂික ලොරිය අදින්නේ රාජපක්ෂලාගේ කුණුය.රනිල් ජනාධිපති වෙන්න කලින් මේ රටේ ප්‍රධාන විපක්ෂය වූ ස.ජ.බය, ජ.වි.පෙ. පමණක් නොව එක මන්ත්‍රී ආසනයක් හිමි එ.ජා.ප.යේ රනිල්ද කීවේ මේ ආර්ථික අර්බුදය රාජපක්ෂලාගේ නිර්මාණයක් බවය. මේ ආර්ථික අර්බුදයට වගකිව යුත්තේ රාජපක්ෂලා බවත්ය. මිනිසුන් මේ අරගලය පටන්ගත්තේ රාජපක්ෂලා හොරකම් කළ සල්ලි රටට යළි ලබාගන්නටය. අරගලය සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන්න කීවේ රාජපක්ෂලා හොරකම් කළාය කී සල්ලි හොයා රාජපක්ෂලාට දඬුවම් දෙන්නටය. රාජපක්ෂලා ජනාධිපතිකම් අගමැතිකම් අතහරින්න බය නැති වුණත් හිරේ යන්න බය විය. ඔවුන් වහාම රනිල් ජනාධිපති කොට දිනේෂ්ව අගමැති කළේ සර්වපාක්ෂික වැඩේ හබක් කරන්නටය. දැන් රනිල් ජනාධිපති වී, දිනේෂ් අගමැති වී පෙන්වන්නේ ආර්ථික අර්බුදයට හේතුව රාජපක්ෂලා නොව, අරගලයේ නායකයන් වූ මුදලිගේ, පැතුම් කර්නර් සහ රැට්ටා කියාය. රට බංකොලොත් වූයේ අරගලකරුවන් ජනාධිපති කොඩිය සොරකම් කළ නිසා කියාය. රට විනාශ වුණේ අරගලකාරයෝ ජනාධිපතිගේ පුටුවේ අසුන්ගත් නිසා කියාය. ජනාධිපතිගේ බියර් වීදුරු හොරකම් කළ නිසා කියාය.

‘එතකොට රාජපක්ෂලා….?’

රාජපක්ෂලා දැන් හොරකම් කරලාත් නැත. රට බංකොලොත් කරලාත් නැත.

‘එතකොට විපක්ෂයේ සමහරු සර්වපාක්ෂික ආණ්ඩුවකට කඩේ යන්නේ රාජපක්ෂලාගේ කුණු හෝදන්නද…?’

ලංකාවේ ජාතික ආණ්ඩු, සර්වපාක්ෂික ආණ්ඩු ගැන හැමදාම කතා කරන්නේ බලයේ සිටින පක්ෂය ශක්තිමත් වී විපක්ෂය දුර්වල කරන්නටය.

1998 චන්ද්‍රිකා ජනාධිපතිනිය යුද්ධය අවසන් කර දේශපාලන විසඳුමක් දෙන්න ජාතික ආණ්ඩුවක් හදමු කීවාය. වැඩි දවසක් ගියේ නැත. යූ.ඇන්.පී.යේ විජයපාල මෙන්ඩිස්, නන්ද මැතිව් ඇතුළු පිරිසක් චන්ද්‍රිකාගේ ආණ්ඩුවට එක්වී ඇමැති ධුර භාරගත්හ.

චන්ද්‍රිකා ආයෙත් 2000දී වාර්ගික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් ලෙස පැකේජය ගෙන එන්න ජාතික ආණ්ඩුවක් හදමු කීවාය. වැඩි දවසක් ගියේ නැත. රොනී ඩි මෙල්, මර්වින් සිල්වා, සරත් කෝන්ගහගේ ඇතුළු පිරිසක් චන්ද්‍රිකාගේ ආණ්ඩුවට එක්වූහ.

2002 අගමැති වූ රනිල්ද උතුරට සාමය ගෙන එන්න ජාතික ආණ්ඩුවක් හදමු කීවේය. ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේලා රනිල් සමග හොරෙන් සාකච්ඡා කරද්දී චන්ද්‍රිකා රනිල්ගේ ආණ්ඩුව විසුරුවාලනු ලැබුවාය.

2006 මහින්ද එවක විපක්ෂ නායක රනිල් විදේශගත වන තෙක් සිට යූ.ඇන්.පී. නියෝජ්‍ය නායක වූ කරුට ලියුමක් ලියමින් වාර්ගික ප්‍රශ්නය විසඳන්න ජාතික ආණ්ඩුවක් හදමු යැයි යෝජනා කළේය. කරු ඇතුළු යූ.ඇන්.පී. මන්ත්‍රීවරු 17ක් මැති ඇමැතිකම් ගෙන ආණ්ඩුවට එක්වූහ.

2015 මෛත්‍රිපාල ජනාධිපති වී ජාතික ආණ්ඩුවක් හදන්න ශ්‍රී.ල.නි.ප.යට ආරාධනා කළේය. ශ්‍රී.ල.නි.ප. පිරිසක් ගොස් මෛත්‍රි-රනිල් ආණ්ඩුවේ ඇමැතිකම් ගත්හ.

‘ඉතින් මේ ජාතික ආණ්ඩුවලින් රටට වෙලා තියෙන සෙත මොකක්ද…?’

සෙත වෙලා තියෙන්නේ රටට නොව විපක්ෂයේ ඉන්න ඇමැතිකම්වලට කෙළ හලන මන්ත්‍රීවරුන්ටය. ජාතික ආණ්ඩුවල අවසන් ප්‍රතිඵලය ජනාධිපතිවරු සහ ආණ්ඩුව ශක්තිමත් වී විපක්ෂය දුර්වල වී ශක්තිමත් වූ ජනාධිපතිවරුන් සහ ආණ්ඩුව ජනතාවට දුක් දීමය.

‘රනිල්ගේ සර්වපාක්ෂික ආණ්ඩුවත් ඒකමද…?’

රනිල්ගේ සර්වපාක්ෂික ආණ්ඩුවට ඕනෙත් ඒකමය. පොහොට්ටුවට ඕනෙත් ඒකමය. පොහොට්ටුව සර්වපාක්ෂික ආණ්ඩු එපා කියා රනිල් ජනාධිපති කොට දිනේෂ්ව අගමැති කරගත්තා නම් රට ගොඩගන්නා හැටි පොහොට්ටුවම කරල පෙන්වන්න ඕනෑය. සර්වපාක්ෂික ආණ්ඩුවක් ඕනෑ කියලා විපක්ෂයේ කවුරුන් හෝ රනිල්-දිනේෂ්-රාජපක්ෂ හවුල් ආණ්ඩුවට යනවා නම් ඒ යන්නේ ඇමැති කටු සූප්පන්න මිස රට ගොඩනගන්නට නොවේ. මේ රට බංකොලොත්කමින් ගොඩගන්න වුවමනාව පළමුවෙන්ම තිබිය යුත්තේ ආණ්ඩු බලය හිමි පක්ෂයටය.

‘ඔන්න අරගලයට කන් දීලා අපේ ජනාධිපතියි, අගමැතියි දෙන්නම අයින් වුණා. දැන් අපි විපක්ෂයට කියනවා අපි සාකච්ඡා කරලා හැමෝටම පිළිගන්න පුළුවන් ජනාධිපති කෙනෙක් අගමැති කෙනෙක් පත්කර ගමු….’

රට ගොඩනගන්න අවංක වුවමනාවක් තියෙනවා නම් ඒ කතාව පොහොට්ටුව කිව යුතුය. අද වෙලා තියෙන්නේ පොහොට්ටුව ජනාධිපති, අගමැති පත්කරගෙන රට ගොඩගන්න ඇමැතිකම් ගන්න වරෙල්ලා යැයි විපක්ෂයට කීමය. ඔවුන් නොකියා කියන්නේ රාජපක්ෂලාගේ කුණු අදින ලොරියට දක්ෂ කම්කරුවන් අවශ්‍ය බවය.

රනිල්ව ජනාධිපති කළේ රාජපක්ෂලාගේ පවු සඟවලා කුණු අදින්න බව ලංකාවට පැමිණි ඉන්දීය සාමසාධක හමුදාවේ ප්‍රධානියකු වූත්, ලංකාව පිළිබඳ විශ්ලේෂණාත්මක ලිපි ලියන කර්නල් හරිහරන්ගේ අලුත්ම ලිපියේ මේ කොටස කියවන විට පැහැදිලිය.

‘රනිල්, රාජපක්ෂවරුන්ගේ සෙවණැල්ල හරහා පාර්ලිමේන්තුවේ බහුතර සහායක් හිමි කරගෙන තිබේ. රනිල්ගේ ආණ්ඩුව රාජපක්ෂවරුන්ගේ වැරැදි හොයන්න නීතිය පාවිච්චි නොකරනු ඇතැයි සිතීම සාධාරණය. රාජපක්ෂලා පසුගිය වසර දෙක තුළ තමන්ට එරෙහිව යහපාලන ආණ්ඩුව පවරා තිබූ නඩු ෆයිල් වසාදැමූ අතර, ඊළඟ මැතිවරණය තෙක් ඒවා යළි විවෘත නොවනු ඇත. මේ සියල්ලටත් වඩා යහපාලන ආණ්ඩුවේ අගමැති රනිල්ගේ බැල්ම නිසා රාජපක්ෂවරුන්ට එරෙහි දූෂණ චෝදනා විභාග වීම අඩපණ විය…’

හරිහරන් කියන්නේත් රාජපක්ෂලා රනිල්ව පත්කර ගත්තේ ආයේ හිරේ යන්න බැරි නිසා කියාය. එහෙම බලන කොට සර්වපාක්ෂික ආණ්ඩුවට එක්වන ඕනෑම විපක්ෂ මන්ත්‍රීවරයෙක් එක් වන්නේ රාජපක්ෂලාගේ කුණු අදින්න බව සක් සුදක් සේ පැහැදිලිය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

රනිල් කරන්න යන්නේ මොනවාද? අරගලය ඉවරෙටම ඉවරද? අරගලය ඊළඟට ගහන්න යන අලුත්ම ගේම මොකද්ද? අරගලයේ මහමොළකරු කුමාර් මහත්තයා විශේෂ හෙළිදරව්වක! (VIDEO)

Next Post

සිගරැට්වලට හරියට බදු ගහපු නැති ඇමැතිවරු කවුද? වත්මන් මුදල් ඇමැති සිගරැට්වලට හරියට බදු ගහයිද? දුම්කොළ සමාගම් ආණ්ඩුවේ බදුවලින් කනෙන් රිංගන්නේ කොහොමද?

MORE NEWS

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මඟින් සිදුකරනු ලබන විමර්ශනවලට අදාළව සැකකරුවකු ලෙස අත්අඩංගුවට ගෙන රැඳවුම්...

Read more
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.