• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

චීන නැවට ලංකාවට එන්න ඉඩ දීම හෙළාදකිනවා! අමරපුර සංඝ සභාව දැඩි නිවේදනයක් නිකුත් කරයි!

August 5, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
චීන නැවේ අර්බූදය දරුණු වෙයි! අද හෝ හෙට අමෙරිකාව ලංකා ආණ්ඩුවට දැඩි විරෝධය ප්‍රකාශ කරන්න සූදානම් වෙයි? EXCLUSIVE
Share on WhatsAppShare on Facebook

ලංකාව බරපතළ අර්බූදයකට පත්ව ඇති මේ මොහොතේ චීන සන්නිවේදන නෞකාවකට හම්බන්තොට වරායට පැමිණීමට ඉඩ ලබා දීම දැඩිව හෙළා දකින බවත්, මේ හේතුවෙන් තවත් ජාත්‍යන්තර අර්බූදයකට රට තල්ලු විය හැකි බවත් ශ්‍රී ලංකා අමරපුර ශ්‍රී සම්බුද්ධ ශාසනෝද්‍ය සංඝ සභාවේ මහානායක හිමියන් වන අතිපූජ්‍ය වස්කඩුවේ මහින්දවංශ හිමියෝ සදහන් කර සිටිති.

නිවේදනයක් නිකුත් කරමින් උන්වහන්සේ පෙන්වා දෙන්නේ මෙම නෞකාව හේතුවෙන් ලෝකයේ විවිධ රටවල්වල උණුසුම් තත්ත්වයක් මතු වී ඇති බවකි.

එම නිවේදනය මෙසේය.

චීන යුධ නෞකාව ලබන බදාදා හම්බන්තොට වරායට

අතිපූජ්‍ය ආචාර්‍ය වස්කඩුවේ මහින්දවංශ මහානාහිමි

ශ්‍රී ලංකාව ලෝක සිතියමේ භූ විෂමතාවෙන් කුඩා ඉඩක් ගත් දිවයිනක් ලෙස ස්ථානගත වුවද එය සමුද්‍රීය වශයෙන්, ජාත්‍යන්තර දේශපාලනික සාධක මත මෙන්ම ස්පර්ශ අස්පර්ශ උරුම විසංතුලනයෙන් ද ලෝකයට ම අභියෝගාත්මක තරඟයක් දෙන සුවිශේෂී රටක් බව ලොව පුරා විද්වතුන් විවිධ කෘති ඔස්සේ අනාදිමත් කලක පටන් මත ජනගත කොට ඇත. එනිසා ම කුඩා දිවයිනක් වුවද ශ්‍රී ලංකාව කෙරෙහි ඇති ලෝක අවධානය සුළුපටු නැත. ලෝකයට ඇතිවන ගැටලු අතර සංක්‍රමණයත් ආක්‍රමණයත් ප්‍රබල අවධානයක් දිනාගන්නා ගැටලු සහගත අවස්ථාවන් වන අතර එහිදී ඇතැම් සංක්‍රමණයන් ආක්‍රමණ වෙස් ගැනීමත්, ඇතැම් ආක්‍රමණ සංක්‍රමණ වෙස් ගැනීමත් මෙහිදී ව්‍යාකූල තත්ත්වයක් සේ හුවාදැක්වීම පහසු ය. කෙසේ නමුදු ලෝක ඉතිහාසයේ මෙන්ම ශ්‍රී ලංකා ඉතිහාසයේ ද ආක්‍රමණ සේම සංක්‍රමණ අඩු නොවන තරම් ඇති නිසාවෙන් අප ද එවැනි දේ පිළිබඳ නිරන්තර අවධානයෙන් පසුවීම වඩා වටිනා බව සිතිය හැක.

මහජන චීනය, භූගෝලීය වශයෙන් සේම ජාත්‍යන්තර සබඳතා ඔස්සේ ද තම බලාත්මක වපසරිය විතරණය කරගැනීමට උත්සුක වන ලොව ප්‍රධානතම රාජ්‍යයක් ලෙස කාගේත් අවධානය නොඅඩුව ලබන බව අවිවාදිත ය. ටිබෙට් දේශයේ සිදුකළ මිලේච්ඡ මානව සංහාරයත් සමග සිතා බැලීමේ දී ඉතිහාසය නොදත්, ලෝකය පිළිබඳ කියැවීමක් අඩු ශ්‍රී ලාංකික බහුතරයක් මිනිසුන් එනිසාවෙන් ම චීන සුභාවිතාව, සහයෝගය සේම පරිත්‍යාග පිළිබඳ අදටත් වඩා එළඹ සිටි සිහියෙන් නෙත සිත යොමු කිරීම නුවණට හුරු වන්නේ ටිබෙටයටත් වඩා කුඩා හුදකලා දූපතක් ලෙස අප ලබා ඇති අවදානම ඉහළ බැවිනි. ස්වදේශික විදේශික ජනතාව පිළිබඳ සමානාත්මතාවයෙන් සිතාබැලීමටත්, සංග්‍රහ කිරීමටත් ධාර්මිෂ්ට පාලනයක් සහිත රාජ්‍යයක් කිසි ලෙසකත් පසුබට නොවන අතර, පක්ෂග්‍රාහී නොවී ස්වාධීනව සිතා බැලීමේදී ලොව අනෙක් රටවලට සාපේක්ෂව චීනය කිසිදිනෙක චීන වැසියන් කෙරෙහි තරම් අනෙක් කිසිඳු ජාතියක් වෙනුවෙන් ප්‍රමුඛත්වයක් දක්වනු දැකීමට ලැබී නැති බව ද සත්‍යයකි. එසේ නම් ලාංකික අප වෙනුවෙන් නිරන්තයෙන් ලබාදෙන මූල්‍ය ණය පහසුකම් සේම භූගෝලීය වශයෙන් තර කරගන්නා තදැති සබඳතා ද මෙහිදී වැඩි අවධානයක් යොමුකොට අප විසින් සුපරික්ෂණය කළ යුතු නොවන්නේදැයි සිතීම කාලෝචිත ය.

මෙම අදහස් දැක්වීමට ආසන්නතම නිමිත්ත ලෙස එළඹෙන 10 වැනිදා හම්බන්තොට බලා සේන්දු වන අති දැවැන්ත චීන නාවික හමුදා යුධ නෞකාව සැලකීම වරදක් නැතැයි සිතේ.

කොළඹ වෙළෙඳ අග නගරය තරමට ම ප්‍රමුඛ ප්‍රබල ගොඩනැගිලි සහ ඉදිකිරීම් සේම ප්‍රමුඛ ආයතන ද ඉදිකළ වාණිජ නගරයක් ලෙසින් හම්බන්තොට ඉකුත් රාජ්‍ය කාලයන්හි සුපෝෂිත නමුදු ජාතික වශයෙන් එම පුරවරයේ සිදුවන වටිනාකමක් ඇතැයි සිතිය හැකි කිසිඳු ව්‍යාපෘතියක්, උත්සවයක් දැකීමට නොලැබීම මත චීන රාජ්‍යය ඒ කෙරෙහි දක්වන උනන්දුව සහ භාවිතාව පිළිබඳ සැක ඉපදීම සාවද්‍ය නොවේ. ටිබෙට් බෞද්ධ සංහාරය සේම කොමියුනිස්ට් සංහාර තවමත් අවසානයක් දැක නොමැති පසුබිමක පාරිශුද්ධ ධර්මය රැකී ඇති ප්‍රබලතම රටක් වන ශ්‍රී ලංකාව මිලේච්ඡ කොමියුනිස්ට්වාදයේ මීළඟ දිගුකාලීන ගොදුර වී ඇත්නම් ඒ වෙනුවෙන් සුදුසු පියවර ගැනීමට අප අවදියෙන් පසුවීම දේශප්‍රේමීත්වය ප්‍රකට කරවන්නකි. එනිසා ”සම්මා වායාම” නමින් ඔවුන් විසින්ම හදුන්වන මෙම ව්‍යායාමය කුමන රාජ්‍යයේ සුවතාව වෙනුවෙන් සිදුවන්නක් ද සේම, මින් කවුරුන් නොමග යන්නේ දැයි සෙවීම අපගේ වගකීමක් සේම මහත් අයිතිවාසිකමකි. විශේෂයෙන්ම අද දවසේ පවා මෙම ”සම්මා වායාම” නම් වැඩසටහන යටතේ හම්බන්තොට ප්‍රාදේශීය පවුල් දෙදහසකට පමණ බෙදාදෙන වියළි සලාක පරිත්‍යාගයන් සේම, දහසක් පාසැල් දරුවන් වෙනුවෙන් ලබාදෙන ලිපි ද්‍රව්‍ය සහ පාසැල් උපකරණ බෙදාදීමේ පිළිවෙළ ද යම් සැකයකට තුඩුදෙන කරුණක් වනුයේ මහජන චීනයේ කොමියුනිස්ට් හමුදාව ටිබෙටය ආක්‍රමණයට පැමිණෙන විටත් 1950 වර්ෂයේ දී මෙලෙසින්ම ඔවුන්ගේ පළමු ප්‍රයත්නය වූයේ ටිබෙට් වැසියන්ට රසකැවිලි බෙදාදෙමින් ඔවුන් නොමග යැවීම වීම ය.

එනිසා ම රටක් බිඳවැටීම වෙනුවෙන් රාජ්‍ය පාලනයට සේම මහජනයාට ද පැවරෙන වගකීම සිහි කැඳවීම මෙහිදී වටී. ආසන්නතම වශයෙන් අප රටේ පවා උඩරට රාජ්‍ය පාලනය කෙතරම් නම් දරුණු වුවත් එහි හැරවුම්ලක්ෂයන් පිළිබඳ හැදැරීමේ දී කිරීමේදී ඉංග්‍රිසීන්ගේ ආක්‍රමණ විධි සහ සැලසුම් පැහැදිලි පාඩමක් වර්තමානයට ඉතුරු කොට ඇත. සියලු භෞතික සටන් අසාර්ථක වූ පසු ඉංග්‍රිසීන් මෙරටට ගෙන්වූ ජෝන් ඩොයිලි නම් උපාධිධාරී නිළධාරියා පළමුවෙන්ම මෙරට මිනිසුන් සමග සුහදත්වය වඩවාගත් බව මූලාශ්‍රගත ය. රසකැවිලි, මධ්‍යසාර මෙන්ම භික්ෂූන් වහන්සේ වෙනුවෙන් පවා දුන් නේකවිධ සංග්‍රහ දානයන් නිසා පාක්ෂික හොඳ හිත දිනූ ඔහු රජවාසල අරක්කැමියා හිතවත් කොට ගෙන පරිත්යාග සේ නිබඳව යැවූ මධ්‍යසාර නිසාවෙන් සිහිවිකල් වූ රජුගේ ප්‍රචණ්ඩත්වයත්, මධ්‍යසාරයෙන්ම විතැන් මානසිකත්වයත් නිසා ජනයාගේ අව සිහියත් හේතු වී සිහසුනේ රැඳී සිටි මිලේච්ඡ පාලකයා වෙනුවට ලංකාව වෙනත් රටක යටත් විජිතයක් වීමේ මාර්ගය එළිපෙහෙළි කළේය. එනිසාවෙන්ම මේ ඓතිහාසික සාධක මත පැහැදිලි කියැවීමක් ඇති කරගැනීම මෙහිදී වඩා වටිනා බව හුවාදක්වනු කැමැත්තෙමි

අතීතයේ පටන් ශ්රී ලංකාව විදෙස් සතුරු ආක්රමණිකයින්ගේ ගොදුරක් බවට පත්වූයේ අදක්ෂ පාලකයන්ගේ රාජ්ය පාලනයේ දුර්වල බවත්, ඉන්පසුව සිහසුනට පත් අනුප්රාප්තික රූකඩ රජවරුන්ගේ අත්දැකීම් හීනතාවය මත ඔවුහු බලලෝභී ආත්මාර්ථකාමීන් වීමත් නිසා ය.

තුරඟ පාලනය වෙනුවෙන් ආනයනය කළ අසුන් රැගෙන වෙළෙඳාමේ පැමිණි දෙබෑයන් පවා මෙරට දී රජුන් වූවේත්, වෙළෙඳ නායකයෙක් ලෙසින් නාවික පරිමාණයෙන් පමණක් බලවත්ව සිටි නමුත් සූක්ෂම ව්‍යාජත්වයකින් පාලන මෙහෙයුම් සැලසුම් කළ එල්ලාල, එළාර නමින් දශක හතරකටත් වැඩි කළක් මෙරට අගනුවර රජකම් කළෙත් ඊට බොහෝ කලකට පසුව පවා යුරෝපීය දේශයන් වෙත අප යටත්ව සිටියේත් ඉහත සඳහන් කළ පාලන තන්ත්‍රයේ බලලෝභය සහ අනුවණ ගති නිසාවෙන් බව හොඳින් ම දන්නා අප මෙවැනි ජාත්‍යන්තර ගණුදෙණු, සංක්‍රමණ මෙන්ම සුහදතා පිළිබඳ පරීක්ෂාවෙන් පසුවීම නුවණට වඩා ඖචිත්‍ය ක්‍රියාවකි.

චීනයේ ලෝකාවරණ එකම මේඝය ඔවුන්ගේ ධනය සේම ආත්මර්ථයම වැඩුණු ජාත්‍යන්තරීය සබඳතා පමණක් බව අදටත් ටිබෙට් දේශය වැනි ප්‍රබල රාජ්‍යයක් අපට ඒත්තුගන්වන විටෙක තවත් ටිබෙට් දේශයක් නොවී, මෙම ”සම්මා වායාම”යන් වෙනුවෙන් සූදානම්ව ”සම්මා සති”යෙන් පසුවීමට තව තවත් මෙම කරුණු කාරණා පිළිබඳ රටවැසියන් කියැවීම, දැනුවත් වීම මෙන්ම අවබෝධයන් ලබාගැනීම මේ මොහොතේ අවස්ථානෝචිත ප්‍රයාණයක මුල් පියවර බව අවසාන වශයෙන් අවධාරණය කිරීම යහපත් ය.

05.08.2022

SendShareShare
Previous Post

රඹුක්කන වෙඩි තිබ්බා කියපු SSP කීර්තිරත්න එළියට එයි!

Next Post

මර්දනයට-හදිසි නීතියට-ත්‍රස්ත පනතට-පැහැර ගැනීම්වලට එරෙහිව හෙට හවස 3ට නුගේගොඩදී රැලියක්! තැන් 5කින් පෙළපාලි පටන් ගන්නේ 1ට! (VIDEO)

MORE NEWS

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.