• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රනිල් එනකොටම විකිලීක්ස් එළියට දාපු ජාත්‍යන්තර රහස…

August 1, 2022
in Exclusive
Reading Time: 6 mins read
A A
රනිල් එනකොටම විකිලීක්ස් එළියට දාපු ජාත්‍යන්තර රහස…
Share on WhatsAppShare on Facebook

ලංකාවට ආධාර දෙන්න එපා යැයි රනිල් ජපානයට කියයි. ‘රනිල් කියන්නේ ඇමෙරිකන් හිතවාදියෙක්’
-විකිලීක්ස් රහස් හෙළි කරයි

‘දහවලට රාජාලි ඇස්ය. රාත්‍රියට බකමූණු ඇස්ය. ලෙහෙසියෙන් මේ ස්ථානය හරහා යන කිසිවකුට ගැලවෙන්න නම් බැරිය. මෙම සුවිශේෂ ස්ථානයේ වගතුග අපට ඇසෙන්නේ එතෙර සිටය. එහෙත් එම ආයතනයට කිසි විටෙකවත් නිශ්චිත මූලස්ථානක් නැත. රාජාලියකු හෝ බකමූණකු හෝ ලෙස මුළු මහත් ලෝකය දෙසම පැය 24 පුරා දෙනෙත් දල්වාගෙන සිටීම එම සුවිශේෂ සංස්ථාවේ සිරිතය. කෙසේ හෝ ලෝකයේ බොහෝ රටවල සිට මෙම ආයතනයේ කටයුතු සිදු කෙරෙන්නේ බොහෝ දැඩි තීක්ෂණ අවබෝධයකින් යුක්තව, එනම් ඔවුන් බොහෝ අවධානයෙන් යුතුව පැය 24 පුරාම අපගේ ශ්‍රී ලංකාව දෙසද දෙනෙත් දල්වාගෙන සිටියි. මෙයට වසර කිහිපයකට පෙර එලෙස සිදුවුණු සුවිශේෂ සිදුවීමක් ගැන මෙලෙස වගතුග හෙළිවන්නට ගත්තේ මෙයට දින කිහිපයකට පෙරදීය. ශ්‍රී ලංකාව මෙන්ම ලෝකයේ බොහෝ රටවල්ද මහත් විශාල ආන්දෝලනයකට පත්කළ මෙම වගතුග කුමක්ද?

විකිලීක්ස් යන්න මෙම සුවිශේෂ ආයතනයේ නාමය වෙයි. ලෝකය පුරා තිබෙන විවිධ ආන්දෝලනාත්මක තොරතුරු සහ රහස් බොහෝ සත්‍ය ලෙස සහ ගැඹුරින් සොයා බලා ලොවට ඉදිරිපත් කිරීම මෙම ජාත්‍යන්තර ආයතනයේ ක්‍රියාවලිය වෙයි. ඒ අනුව මේ සිදුවීම උද්ගතව ඇත්තේ 2007 වසරේදීය. එනම් මෙයට හරියටම වසර 15කට ඉහතදී සිදුවී ඇති මෙම සිදුවීම ගැන ඉතා දීර්ඝ විස්තරයක් පළකරනු ලැබුවේ මෙයට දින කිහිපයකට ඉහතදීය. ඒ අනුව එකල විපක්ෂ නායක ධුරයෙහි රනිල් වික්‍රමසිංහ කටයුතු කළේය. එකල පාලක පක්ෂය වූයේ ප්‍රකට රාජපක්ෂවරුන්ගේ රජයයි. මේ අනුව එකල විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ එවක පැවැති ජපාන රජයෙන් ඉල්ලා ඇත්තේ ශ්‍රී ලංකා රජයට කිසිදු ආකාරයකින් මූල්‍යාධාර ලබාදීම සිදු නොකළ යුතු බවයි. ශ්‍රී ලංකා රජය මගින් ජපාන රජයෙන් එවැනි මූල්‍ය ආධාර ඉල්ලා සිටියහොත් එම ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන ලෙස විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ එකල ජපාන රජයෙන් ඉල්ලීමක් සිදුකර ඇත.

මෙම සිදුවීම වන විටදී එකල ජපානයේ රජය වූයේ ප්‍රකට අගමැතිවරයකු වූ ෂින්සෝ අබේගේ රජය වන අතර ඔහු වසර 10ක් පුරා ජපානයේ අගමැති ධුරය දැරීය. පසුගියදා ඔහු සාහසිකයකුගේ වෙඩි පහරින් මරණයට පත්විය. ජපානයේ නාරා නගරයේ පැවැති යම් දේශපාලන රැලියකදී මෙම ඝාතකයා ඈත දුරක සිට තුවක්කුව මානමින් වෙඩි පහර කිහිපයක් එල්ල කළෙය්. සින්සෝ අබේ යනු ජපානයේ සහ ලෝකයේ රටවල් රැසක් තුළ බොහෝ ජනප්‍රියත්වයට පත්ව සිටි නායකයෙකි. ඔහු විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේද ඉතා සමීප මිතුරකු විය. එහෙයින් ඔහුගේ අවමංගල උත්සවය ජපානයේදී පැවැත්වෙන විටදී ශ්‍රී ලංකාව තුළද ශෝක දිනයක් නම් කෙරිණි. ඔහු පසුගියදා ඝාතනයට ලක්වන විට 67 වැනි වියෙහි පසුවිය.

‘විකිලීක්ස් – දැනට ශ්‍රී ලංකාවේ අලුතින් පත්වී සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ එදා 2007 වසරේදී විපක්ෂ නායකවරයාව සිටියදී ජපානයෙන් ඉල්ලා ඇත්තේ ශ්‍රී ලංකාවට ලබාදෙන මූල්‍යමය සහ ආර්ථික ආධාර ලබාදීම නවතාදමන ලෙසයි. එහෙත් එකල මේ උපදේශනය සඳහා ජපාන රජය ප්‍රතිචාර දක්වමින් කියා ඇත්තේ ශ්‍රී ලංකා නායකයන්ගේ විනාශකාරී ක්‍රියා සහ පැහැරහැරීම් සඳහා ජනතාවට දඬුවම් ලබාදීම සිදු නොකළ යුතු බවයි. 2007 ජුනි 05 වැනිදා ශ්‍රී ලංකාවේ ජපාන විශේෂ නියෝජිත යසුෂි අකාෂි ශ්‍රී ලංකාවට පැමිණෙන විට එය ඔහුගේ 14 වැනි ශ්‍රී ලංකා සංචාරය විය. එහෙත් ඔහු එම සංචාරයේදී විශේෂයෙන්ම නිරීක්ෂණය කර ඇත්තේ එවිට ශ්‍රී ලංකාව තුළ තිබුණු සර්ව අශුභවාදී සහ දෙකඩවීමේ සවරූපයයි. එහෙත් ඔහුගේ පෙර සංචාරයන්හිදී එවැනි තත්ත්වයක් දැක තිබුණේ නැත. ජුනි 08 වැනිදා තානාපතිවරුන් සමග පැවැති හමුවේදී යසුෂි අකාෂි ඒ බව ප්‍රකාශ කර තිබිණි. කෙසේ හෝ ඔහුගේ එම සංචාරයේ අවසන් කාලයේදී ඉතා අල්ප වශයෙන් සර්වශුභවාදී තත්ත්වයකට පත්වුණා. මෙවැනි වටපිටාවක් යටතේදී තමයි එවක ශ්‍රී ලංකාවේ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා යසුෂි අකාෂි මහතාගෙන් ඉල්ලා ඇත්තේ ශ්‍රී ලංකාවට කිසිදු ආකාරයක ආර්ථික හෝ මූල්‍ය ආධාරයක් ලබාදෙන්නට එපා කියලා. එවැනි ආධාර ලබාදීම් සිදුකෙරෙන්නේ නම් ඒවා වහාම නවතා දමන ලෙසත් ඔහු ඉල්ලීමක් කර තිබුණා. එහෙත් එවිට යසුෂි අකාෂි මහතා රනිල් වික්‍රමසිංහ මහතාට බොහෝ අවධාරණාත්මකව ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාවේ නායකයන්ගේ අපරාධකාරී ක්‍රියා සහ පැහැරහැරීම් හේතුවෙන් (Acts of commissions and omissions) ශ්‍රී ලංකාවේ මහජනතාවට දඬුවම් පැමිණවිය නොහැකි බවය. එසේම මෙම සිදුවීම ගැන වගතුග යසුෂි අකාෂි මහතා විසින් පසුව ප්‍රසිද්ධ මහජන පුනර්කථනක් ලෙසද කිහිප වතාවක් සිදුකරන ලදී….’

දැන් ඔබ මේ කතාවේ නිසි හැරවුම් ලක්ෂ්‍යයට පැමිණ ඇත. එනම් ඉහත ඔබට ලියා තැබුවේ අද අප කතා කරනු ලබන පුවතේ සැබෑම අර්ථකථනයයි. ‘විකිලීක්ස්’ ජාත්‍යන්තර ආයතනය මගින් ප්‍රකාශයට පත්කරන ලද සත්‍ය තොරතුරු ප්‍රකාශනයෙහි එසේ සඳහන් වෙයි. එකල 2007 වසරේදී මෙම සිදුවීම ගැන මුලින් වැදගත් අදහස් ප්‍රකාශ කර තිබුණේ එවක ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිවරයා ලෙස කටයුතු කළ රොබට් ඕ. බ්ලේක් මහතා විසිනි. කෙසේ හෝ වසර 15කට පසුව නැවත මෙම සිදුවීම කරළියට පැමිණියේ රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති වීමෙන් පසුවය. එවිට විකිලීක්ස් ආයතනය තමන්ගේ නාමය යටතේම පසුගියදා නිල ප්‍රකාශයක් සිදුකර තිබිණි. ඔවුන්ගේ ට්විටර් ගිණුම හරහා මෙය ප්‍රකාශ වීමෙන් පසුව දෙස් විදෙස් පාර්ශ්ව තුළ මහත් ආන්දෝලනයක් හටගත්තේය. මෙම වර්ගගත කරන ලද රහසිගත කේබල් පණිවුඩය මුලින්ම ලබාදී ඇත්තේ එවක ශ්‍රී ලංකාවේ සිටි ඇමෙරිකානු තානාපති රොබට් ඕ. බ්ලේක් විසින් යැයි මාධ්‍ය වාර්තා හෙළිකර සිටියි. ජපාන විශේෂ නියෝජිත යසුෂි අකාෂි විසින් සම සභාපති තානාපතිවරුන් සඳහා එකල පැවැත්වූ සාකච්ඡාවකදී රනිල් වික්‍රමසිංහ සිද්ධිය ගැනද කරුණු හෙළිවූ බව එකල ඇමෙරිකානු තානාපතිවරයා ප්‍රකාශ කර ඇත. එකල ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජපාන විශේෂ නියෝජිතයා සමග සාකච්ඡා කරන ලද තවත් කරුණු කිහිපයක්ද ඉහත කේබල් පණිවුඩයට අන්තර්ගතවී තිබුණද එම තොරතුරු අලුතින් එවන ලද විකිලීක්ස් පණිවුඩයේ නැත. එහිදී විශේෂ අවධානයට ලක්කර ඇති කරුණ වන්නේ වත්මන් ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ඉහත විස්තර කළ අතීත සිදුවීම පමණක්ය. එය ප්‍රධාන පුවත බවට පත්වී තිබීම විශේෂත්වයකි.

2007දී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් සිදුකළ මෙම භාරදූර ප්‍රකාශයට එකල තම විරුද්ධත්වය සහ පිළිකුල වැඩිපුරම ප්‍රකාශ කළේ රාජ්‍යතාන්ත්‍රික පාර්ශ්ව විසිනි. මෙම සිදුවීම මුලින් හෙළිකළ එකල ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිවරයා වූ රොබට් ඒ. බ්ලේක්, 2006 වසරේ සිට 2009 වාර්ගික යුද්ධය අවසාන වන තෙක්ම තානාපති ධුරය දැරීය. ඔහු මෙරට සිටි ප්‍රකට සහ කීර්තිමත් රාජ්‍යතාන්ත්‍රිකයකු වූ අතර විදෙස් තානාපති ධුර දැරීමට පෙර ඔහු ඇමෙරිකාවේ රාජ්‍ය සහකාර ලේකම්වරයකු ලෙස කටයුතු කළේය. ඔහු දැනට 64 වැනි වියෙහි පසුවන අතර ඇමෙරිකානු ආයතන කිහිපයක තනතුරුද දරයි. ශ්‍රී ලංකාවේ තානාපති ධුරය දරන සමයේදී මෙරට වාර්ගික යුද්ධය අවසාන කිරීම සඳහා මහත් කැපකිරීමක් සිදුකළ රාජ්‍ය තාන්ත්‍රිකයකු ලෙස ඔහු ප්‍රකටය. ඒ අතරම ශ්‍රී ලංකාවේ ජපාන නියෝජිතයා වූ යසුෂි අකාෂිද ජපානයේ සිටි ප්‍රධාන පෙළේ රාජ්‍යනාත්ක්‍රිකයෙකි. ශ්‍රී ලාංකික වාර්ගික යුද්ධය අවසාන කිරීමත්, ශ්‍රී ලංකාවේ ආර්ථිකය නගාසිටුවීමත් සඳහා ඔහු මහත් මෙහෙවරක් කළේය. ජපානයේ හිටපු අගමැති ෂින්සෝ අබේගේ පරිපාලනය යටතේ කටයුතු කළ ඔහු දැනට 91 වැනි වියෙහි පසුවෙයි.

ශ්‍රී ලංකාවේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අදාළව විකිලීක්ස් ජාත්‍යන්තර විමර්ශන ආයතනය විසින් හෙළිකරන ලද පුවත ගැන මේ වන විට පාර්ශ්ව ගණනාවක් තම අදහස් ප්‍රසිද්ධියට පත්කර ඇත. මෙහිදී වත්මන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මෙසේ ප්‍රකාශ කර ඇත.

‘අපගේ රටේ ඇතැම් පිරිසක් විශ්වාස කරන්නේ බැරෑරුම් තීරණ ගත හැකි එමෙන්ම එම තීරණ නිවැරැදි යැයි සැලකිය හැකි ජනාධිපතිවරයෙක් අපට සිටිනවා යනුවෙනි. එයට කදිම අපූරු උදාහරණයක් තමයි මේ තියෙන්නේ. ජපානයෙන් ශ්‍රී ලංකාවට ලබාදෙන අරමුදල් ප්‍රතික්ෂේප කරන ලෙස ඉල්ලමින් මෝඩ දේශපාලන ලකුණක් ලබාගැනීමට ඔහු උත්සාහ කර තිබෙනවා…’ – සජිත් ප්‍රේමදාස

මේ අතර ශ්‍රී ලංකාවේ වාර්ගික යුද්ධය සමයේදී මෙරට යුද හමුදාපතිවරයා ලෙස කටයුතු කළ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාද මෙම සිදුවීමට ට්විටර් පණිවුඩයක් මගින් මෙලෙස ප්‍රතිචාර දක්වා ඇත.

‘ශ්‍රී ලංකා යුද හමුදාව ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාව, සිවිල් ආරක්ෂක බළකාය සහ පොලිසිය, ත්‍රස්තවාදයට එරෙහි සටනේ යෙදී සිටින මොහොතක රටට එරෙහිව ජපාන රජයෙන් මෙවන් ඉල්ලීමක් එවක විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළේද? එසේ නම් එය රටට එරෙහි දේශද්‍රෝහි ක්‍රියාවක් නොවේද? බලය ලබාගැනීම වෙනුවෙන් රටට, ජනතාවට එරෙහිව ඕනෑම ක්‍රියාවක් කිරීමට රනිල් වික්‍රමසිංහ මහතා පසුබට නොවන බවට මෙය කදිම උදාහරණයක් නොවේද? රාජපක්ෂලා සමග බාල දේශපාලන ඩීල් සහ කූට උපක්‍රම හරහා බලය ඩැහැගත් රනිල් වික්‍රමසිංහ, සිය බලය රැකැනීමට රටට එරෙහි ඕනෑම දේශද්‍රෝහී ක්‍රියාවක් සිදුකිරීමට පසුබට නොවනු ඇති බවට මෙය කදිම සාක්ෂියක් බව රටේ සියලු පුරවැසි ජනතාව තේරුම්ගත යුතුය. ජනබලයක් හෝ ජනමතයක් නොමැති දේශද්‍රෝහී රනිල් වික්‍රමසිංහට, ශ්‍රී ලංකාවේ ජනාධිපති ලෙස කටයුතු කිරීමට කිසිදු සදාචාරාත්මක අයිතියක් නැති බව ජනතාව එක හඬින් කියා සිටිය යුතුය…’

තත්ත්වය එසේ වුවද හොඳ හොඳ අඩව් අල්ලන්නේ එළිවෙන ජාමෙට යැයි කිව්වා සේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ තවත් අපූරු කතාවක්ද විකිලීක්ස් පුවත් විමර්ශන අඩවිය හෙළිකර ඇත. මෙම ප්‍රකාශ සිදුකරනු ලබන්නේද ශ්‍රී ලංකාවේ සිටි ඇමෙරිකානු තානාපතිවරයකු විසිනි. චන්ද්‍රිකා බණ්ඩාරනායක රජය යටතේ 2000 වසරේ සැප්තැම්බර් 27 වැනිදා ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිවරයා ලෙස පත්ව ආ ඈෂ්ලි විල්ස් මහතා එකල මෙම ප්‍රකාශය සිදුකර තිබිණි. 2001 වසරේදී රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයට පත්වූ අතර, චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනිය 1994 සිට 2005 දක්වා බලයේ සිටියාය. එසේම රනිල් වික්‍රමසිංහ 2001 සිට 2004 දක්වා අගමැති ධුරය දැරුවේය. ඈෂ්ලි විල්ස් ඇමෙරිකානු තානාපතිවරයා විසින් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ගැන මෙම ප්‍රකාශය සිදුකර ඇත්තේ 2003 මැයි 29දා බව විකිලීක්ස් පුවත් අඩවිය සඳහන් කරයි. මෙම ප්‍රකාශය තානාපතිවරයා විසින් සිදුකර ඇත්තේ වොෂින්ටන් නුවර රාජ්‍ය පරිපාලනය වෙතය. එහෙත් එම ප්‍රකාශය පසුකාලීනව විකිලීක්ස් වෙබ් අඩවියට අන්තර්ගත වී ඇත්තේ රහසිගත ප්‍රකාශයක් ලෙසිනි. ඈෂ්ලි විල්ස් තානාපතිවරයා රනිල් වික්‍රමසිංහ නමැති අගමැතිවරයා ගැන මෙසේ ලියා තබා ඇත.

‘2001 අගභාගයේදී බලයට පත්වූ දා සිට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය ඇමෙරිකාව දෙසට හැරවීමට පියවර ගෙන තිබෙනවා. වික්‍රමසිංහගේ ඇමෙරිකානු ගැති දැක්ම සහ අදහස් ඔහු තුළ කාලයක් පුරා තිබෙන්නක්. එසේම එම දර්ශනය ඔහුගේ පවුල්වල ක්‍රියාකාරීත්වය තුළද තිබුණු දෙයක් වනවා. නිදසුනක් ලෙස 1970 සිට 1980 දශකවල ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරය දැරූ ඔහුගේ මාමා වන ජේ.ආර්. ජයවර්ධන මහතාත් ඇමෙරිකාව සමග බොහෝ සමීප සබඳකම් පැවැත්වූවා. ශ්‍රී ලංකාවේ වාමාංශිකයන් විසින් ජේ.ආර්. ජයවර්ධන හඳුන්වනු ලැබුවේ ‘යැංකි ඩිකී’ යන අන්වර්ථ නාමයෙනුයි. රනිල් වික්‍රමසිංහ මහතාට ඇමෙරිකානු දේශපාලනය සහ ඉතිහාසය ගැන ඉතා හොඳ දැනුමක්ද තිබෙනවා. ඇමෙරිකාවේ සිවිල් යුද්ධය ගැන සහ ඇමෙරිකානු නීතිය ගැනද ඔහුට අවබෝධයක් තිබෙනවා. ඔහුගේ ඇමෙරිකානු ගැති අදහස් නිසා ඔහු බොහෝ විට සිතන්නේ ශ්‍රී ලංකාව විදේශ ප්‍රජාවගෙන් ආධාර උපකාර ලබාගත යුතු යැයි කියායි…’

මෙම රහසිගත ප්‍රකාශය පසුගිය කාලයේ විකිලීක්ස් දත්ත ගබඩාව තුළින් සොයාගෙන ප්‍රකාශයට පත් කළේ ‘කලම්බු ටෙලිග්‍රාෆ්’ මාධ්‍ය ආයතනය මගිනි. එහි සිරස්තලය වූයේ ‘Ranil is a yankee, like his uncle’ (රනිල් යනු ඔහුගේ මාමා වැනිම යැංකියෙකි) යන්නය. ලෝකයෙහි ‘යැංකි’ ලෙසින් හඳුන්වන්නේ ඇමෙරිකානු ජාතිකයන්ය. කෙසේ හෝ මෙම සිදුවීම එක්තරා අපූරු හාස්‍යමය රසයක් මවන එකක්ද විය.

මෙම වගතුග අතරේදී හෙළිවන තවත් අපූරු පුවතක්ද වෙයි. එනම් 2007දී ශ්‍රී ලංකාවට ආර්ථික ආධාර ලබා නොදෙන්නැයි ජපානයට පැවසූ රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායකවරයා 2015දී යහපාලන රජය යටතේදී අගමැති ධුරයට නැවත පත්වූ විට ජපානයෙන් ආර්ථික ආධාර ඉල්ලා සිටීමේ රහස් තොරතුරුද හෙළිවී ඇත. එනම් එවිට ඔහු ආර්ථික ආධාර පමණක් නොව, ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමටද ජපානයට ඉල්ලීම් කර ඇත. එසේම ඔහු එවක ජපාන අගමැති ෂින්සෝ අබේ හමුවීම සඳහා ජපානයට නිල සංචාරයක්ද සිදුකර ඇත. මෙම තොරතුරු එකල මාධ්‍ය රැසක පළවී තිබිණි.

දහවලට රාජාලියකු ලෙසත්, රාත්‍රියට බකමූණකු ලෙසත් රහස් ගොදුරු සොයන විකිලීක්ස් මාධ්‍ය විමර්ශන සංවිධානය මේ වන විට ලෝකයේ තියෙන ප්‍රධානතම රහස්‍ය තොරතුරු සෙවීමේ සිවිල් මාධ්‍ය ආයතනය ලෙස සැලකෙයි. 2006 ඔක්තෝබර් 04 වැනිදා ඇරඹි මෙම සංවිධානයට ඇත්තේ වසර 15ක පමණ කෙටි ඉතිහාසයකි. එසේ වුවද මේතාක් මිලියන ගණනාවක රහස්‍යමය පත්‍රිකා මෙම ආයතනය හරහා සම්බන්ධීකරණයවී ඇත. එසේ ලැබෙන විවිධ රහස්‍ය තොරතුරු ඔවුන් ප්‍රසිද්ධියට පත්කරනු ලබන්නේ දැඩි විමර්ශනයකින් යුතුව නීතිමය වටපිටාවක් යටතේය. දේශපාලනික, මූල්‍ය, අපරාධ, දූෂණ වංචා, යුද රහස්, මුදල් විශුද්ධිකරණ සහ තවත් ක්ෂේත්‍ර කිහිපයකම රහස් මිලියන ගණනාවක් මෙම ආයතනය සතුය. කිසිදු ආදායම් නොලබන, සමාජයීය මෙහෙවරක් උදෙසා මෙම ආයතනය කටයුතු කරයි. මෙම සංවිධානයට සම්බන්ධ විවිධ සුවිශේෂ මාධ්‍ය ක්‍රියාකාරීන් ලොව පුරා බොහෝ රටවල සිටියත් මෙම ආයතනයට නිසි මූලස්ථානයක් නැත. කෙසේ හෝ මුල් වරට 2006 වසරේදී මෙය ඇරඹී ඇත්තේ අයිස්ලන්තයේ යම් ස්ථානයකදීය.

‘විකිලීක්ස්’ සංවිධානයේ සුවිශේෂම පුවත හෙළිවන්නේ මෙතැනදීය. එනම් මෙම ජාත්‍යන්තර සංවිධානයේ නිර්මාතෘවරයා වන්නේ අද ලොව ප්‍රකට මාධ්‍යවේදියකු මෙන්ම මාධ්‍ය කතුවරයකු වන ඔස්ටේ්‍රලියානු ජාතික ජූලියන් අසාන්ජ් (Julian Assange)ය. 51 හැවිරිදි ඔහු ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වූ විමර්ශනාත්මක මාධ්‍යවේදියෙකි. කෙසේ හෝ ජූලියන් අසාන්ජ් පසුගිය කාලයේ බටහිර බලවතුන්ගේ යුද අපරාධ සහ යුද රහස් හෙළිකිරීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන සිරභාරයට පත්කරන ලදී. ඔහු මේ වන විට මහා බි්‍රතාන්‍යයේ සිර දඬුවම් විඳිමින් සිටියි.



ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

මහින්දට-බැසිල්ට රට යන්න බැරි එක තව දික්කරයි!

Next Post

රැට්ටාටත් තහනමක් වැටෙයි!

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.