• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හෘදය සාක්ෂියට එකඟව වගකීමෙන් කටයුතු කරන්න! ඕනෑම කණ්ඩායමක වැරදි ක්‍රියා නිසා ආර්ථික අර්බුදය උග්‍රවීම වැළැක්විය නොහැකියි! මහබැංකුවෙන් යළිත් නිවේදනයක්!

July 30, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වත්මන් ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

වත්මන් ආර්ථික දුෂ්කරතා සහ පීඩාවන් ජයගැනීම සඳහා සියලුම පාර්ශ්වකරුවන්ගෙන් සැලකිය යුතු සහ සාමූහික උත්සාහයක් අවශ්‍ය බව මහ බැංකුව නැවත අවධාරණය කර ඇත.

ජාතිය ඉක්මනින් යථා තත්ත්වයට පත්වීමට සහ මෙම අර්බුදයෙන් ශක්තිමත්ව නැගීසිටීම සඳහා හෘද සාක්ෂියට එකඟව වගකීමෙන් යුතුව කටයුතු කිරීමත්, මෙම අවශ්‍ය මොහොතේදී නොපිරිහෙලා සහාය දැක්වීමත් සැමගේ යුතුකමක් බව ද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

– උපුටාගැනීම –

මෙතෙක් පැවති දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණ දීම සඳහා ආර්ථිකයේ සියලුම පාර්ශ්වකරුවන් “සාධාරණ ලෙස ක්‍රියාකිරීමේ” වැදගත්කම

රජය සහ මහ බැංකුව මහජනතාව මත පවතින ආර්ථික දුෂ්කරතාවන් අඩු කිරීම සඳහා විවිධ ක්‍රියාමාර්ග ගනිමින් සිටී. වත්මන් අර්බුදයට සහ එහි ප්‍රතිඵලයක් ලෙස පවතින දුෂ්කරතාවලට දායක වන එක් ප්‍රධාන සාධකයක් වනුයේ බැංකු පද්ධතිය තුළ විදේශ විනිමය ද්‍රවශීලතාව නොමැතිකමයි. විදේශ විනිමය ද්‍රවශීලතාවයේ හිඟය ඉන්ධන ඇතුළු අත්‍යවශ්‍ය ආනයන සැපයීමට බලපා ඇත. බැංකු පද්ධතිය තුළ ප්‍රමාණවත් විදේශ විනිමය ද්‍රවශීලතාවයක් සහතික කිරීම සඳහා, අපනයන ඉපැයීම් රුපියල්වලට පරිවර්තනය කිරීමේ අවශ්‍යතා පැනවීමට මහ බැංකුවට සිදුවිය. තවද, විදේශ විනිමය පිටතට ගලායාම අධෛර්යමත් කිරීම සඳහා රජය සහ මහ බැංකුව විසින් ඇතැම් ආනයන හා ගෙවීම් ක්‍රම මත සීමා පැනවීම සහ ආන්තික අවශ්‍යතා හඳුන්වාදීම් මෙන්ම, අවිධිමත් විදේශ විනිමය වෙළඳපොළ හරහා ගමන් නොකර විධිමත් බැංකු පද්ධතිය වෙත විදේශ විනිමය ගලා ඒම දිරිමත් කිරීම වැනි ක්‍රියාමාර්ගයන් ගෙන ඇත. මෙම නියාමන ක්‍රියාමාර්ගවල සාර්ථකත්වය සහ අපේක්ෂිත ප්‍රතිඵල ලබාගැනීමේ හැකියාව රඳා පවතින්නේ වෙළෙඳ ප්‍රජාවේ සහ බැංකු පද්ධතියෙන් ලැබෙන සහයෝගය සහ සහයෝගීතාවය මතය. කෙසේ වෙතත්, ඇතැම් වෙළෙඳපොළ පාර්ශවකරුවන් මෙම රෙගුලාසිවලට සම්පුර්ණයෙන්ම අනුකූල නොවන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අවධානයට ලක්ව ඇත. එවැනි ක්‍රියාවක් අඛණ්ඩව කරගෙන ගියහොත්, දුෂ්කර හා අසාමාන්‍ය තත්වයන් යටතේ සියලුම පාර්ශ්වකරුවන්ගෙන් බලාපොරොත්තු වන ‘සමසේ විඳ දරා ගැනීමේ’ සදාචාරාත්මක වගකීම යටපත් කරන අතරම, දුෂ්කර කාලවලදී රජයෙන් අපේක්ෂා කරන සහයෝගය ජනතාවට අහිමි වනු ඇත.

මෙවැනි පසුබිමක් තුළ, ජාතියේ යහපත උදෙසා සියලු රෙගුලාසිවලට අනුකූල වීම දැඩි ලෙස නිරීක්ෂණය කිරීමට හැකි වන පරිදි ගත හැකි සෑම පියවරක්ම ඉදිරියේදීත් ගන්නා බව ආර්ථිකයේ සියලුම පාර්ශ්වකරුවන්හට නැවත අවධාරණය කිරීමට මහ බැංකුව අපේක්ෂා කරයි. රෙගුලාසිවලට අනුකුල නොවන ක්‍රියාවක් හඳුනාගනු ලැබුවහොත්, අදාළ නීතිමය විධිවිධාන තුළ දැඩි ක්‍රියාමාර්ග ගනුලැබෙනු ඇත.

අපනයන ආදායම් අධීක්ෂණ පද්ධතිය (EPMS) සහ සමස්ත දේශසීමා අතර ගනුදෙනු සහ දේශීය විදේශ මුදල් ගනුදෙනු අධීක්ෂණ පද්ධතියක් වන ජාත්‍යන්තර ගනුදෙනු වාර්තාකරණ පද්ධතිය (ITRS) හරහා විදේශ විනිමය ගනුදෙනු අධීක්ෂණය කිරීමේ හැකියාව මහ බැංකුව විසින් සවිමත් කර තිබීම ද සුවිශේෂී කරුණකි. මෙම පද්ධතීන් මඟින් විදේශ විනිමය ගලා ඒම සහ පිටතට ගලායාම පිළිබඳ නිරන්තර අධීක්ෂණය සඳහා පහසුකම් සලසයි. තවද, යම් අක්‍රමිකතා හඳුනාගැනීමට විගණන ආයතන වැනි ස්වාධීන වෘත්තීයමය ආයතනවල සහාය ද ලබා ගැනේ.

එබැවින්, දැනට පවතින රෙගුලාසිවලට අනුකූලව කටයුතු කරන ලෙස බලපත්‍රලාභී බැංකු සහ වෙළෙඳ ප්‍රජාව වෙතින් ඉල්ලා සිටින අතර, අතිශය අභියෝගාත්මක තත්ත්වයන් යටතේ ආර්ථිකයේ සියලුම පාර්ශවකරුවන්ට අවශ්‍ය සහය ලබාදීමට රජය සහ මහ බැංකුව දරන ප්‍රයත්නයන්ට දායක වන ලෙසද ඉල්ලා සිටී. නියමිත කාල සීමාව තුළ සියලුම අපනයන ආදායම නැවත මෙරටට ගෙන්වා ගැනීමටත් රෙගුලාසිවලට අනුකූලව ඉතිරි ඉපැයීම් බැංකු පද්ධතිය හරහා රුපියල්වලට පරිවර්තනය කරන ලෙසත් අපනයන වෙළෙඳ ප්‍රජාවට නියම කර ඇත. විදේශ විනිමය ගනුදෙනු සම්බන්ධයෙන් වන සියලුම රෙගුලාසි දැඩි ලෙස පිළිපැදීම සහතික කරන ලෙස බැංකු ප්‍රජාවගෙන් ඉල්ලා සිටී.

රජය සහ මහ බැංකුව නුදුරු කාලීනව ආර්ථික පීඩනයන් සමනය කිරීමට අවශ්‍ය විදේශීය මූල්‍ය සුරක්ෂිත කිරීම සඳහා අඛණ්ඩ උත්සාහයන් ගනිමින් සිටී. ආර්ථික ගැලපුම් වැඩසටහනක් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කෙරෙන සාකච්ඡාවල කැපී පෙනෙන ප්‍රගතියක් දක්නට ඇත. නීති සහ මූල්‍ය උපදේශකයන්ගේ සහාය ඇතිව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක වෙමින් පවතී. ආර්ථිකයේ දිගුකාලීන ව්‍යුහාත්මක ගැටලු මඟහරවා ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට රජය සහ මහ බැංකුව කැපවී සිටී.

වත්මන් ආර්ථික දුෂ්කරතා සහ පීඩාවන් ජය ගැනීම සඳහා සියලුම පාර්ශ්වකරුවන්ගෙන් සැලකිය යුතු සහ සාමූහික උත්සාහයක් අවශ්‍ය බව මහ බැංකුව නැවත අවධාරණය කරයි. ඕනෑම පාර්ශ්වකරුවන් කණ්ඩායමක වැරදි ක්‍රියා නිසා ආර්ථික අර්බුදය උග්‍රවීම නොවැළැක්විය හැකි අතර එමඟින් පුළුල්ව පැතිරුණු අහිතකර බලපෑම් ඇති කරනු ඇත. ජාතිය ඉක්මනින් යථා තත්ත්වයට පත්වීමට සහ මෙම අර්බුදයෙන් ශක්තිමත්ව නැගී සිටීම සඳහා හෘද සාක්ෂියට එකඟව වගකීමෙන් යුතුව කටයුතු කිරීමත්, මෙම අවශ්‍ය මොහොතේදී නොපිරිහෙලා සහාය දැක්වීමත් සැමගේ යුතුකමයි.

– උපුටාගැනීම අවසන් –

SendShareShare
Previous Post

කිසිම දෙයක් කරගන්න බැරි, පරාද වෙච්ච එජාප පිරිස් තනතුරුවලට පත්කරනවා! ජනාධිපති උපදේශකයන් විදිහට දේශපාලන මරණ පත්කරන්න එපා! මෙහෙම පුළුවන්ද රට ගොඩදාන්න! (VIDEO)

Next Post

දින 52ක කුමන්ත්‍රණය වෙලාවේ රටේම උත්තරීතර තැන වෙච්ච පාර්ලිමේන්තුවේ සභා ගැබට හානි කළා! කිසිම කෙනෙක්ට දඬුවම් දුන්නේ නෑ! අද ජනපති මැදුරේ ස්විමින් පූල් එකේ සබන් ගාලා නෑවා කියලා නඩු දාන්න යනවා! මොන විහිළුවක්ද මේ! (VIDEO)

MORE NEWS

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව හර්ෂට විරුද්ධව ගේම් ගහන්නේ කාගේ වුවමනාවටද?
Exclusive

මහාභාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වීම මහා හොරකමක්! මේ සල්ලි හොයන්න වෙන්නේ නෑ! ගෙවන්න වෙන්නේ ජනතාවට! මුදල් අමාත්‍යංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ‘ඊමේල් සර්වර්’ එකකින්! අලුත් කරන්න උපදෙස් දුන්නත් කරලා නෑ! මහබැංකුවට වාර්තාව මේ දක්වා යවලත් නෑ! හර්ෂණගේ වාර්තාවේ ඇතැම් කරුණු මහබැංකුව පිළිඅරන් නෑ! නන්දලාලුත් වෙනම වාර්තාවක් දෙන්න ලෑස්තියි! මුදල් කමිටු සභාපති හර්ෂ සියල්ල හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

තවත් කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිද්ධ වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමයත් විරුද්ධයි! මහාධිකරණ නීතීඥ සංගමයත් විරුද්ධයි! දැන් කොළඹ මහේස්ත්‍රාත් නීතීඥ සංගමයත් විරුද්ධයි! විරෝධය මැද අනුර අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කරයිද? I Sri Lanka Latest News

මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News
Exclusive

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

Load More
පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව හර්ෂට විරුද්ධව ගේම් ගහන්නේ කාගේ වුවමනාවටද?
Exclusive

මහාභාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වීම මහා හොරකමක්! මේ සල්ලි හොයන්න වෙන්නේ නෑ! ගෙවන්න වෙන්නේ ජනතාවට! මුදල් අමාත්‍යංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ‘ඊමේල් සර්වර්’ එකකින්! අලුත් කරන්න උපදෙස් දුන්නත් කරලා නෑ! මහබැංකුවට වාර්තාව මේ දක්වා යවලත් නෑ! හර්ෂණගේ වාර්තාවේ ඇතැම් කරුණු මහබැංකුව පිළිඅරන් නෑ! නන්දලාලුත් වෙනම වාර්තාවක් දෙන්න ලෑස්තියි! මුදල් කමිටු සභාපති හර්ෂ සියල්ල හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

මහාභාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වීම මහා හොරකමක් බවත්, එය ගෙවීමට ජනතාවට සිදුවනු ඇති බවත් මුදල් කමිටු ලේකම් හර්ෂ ද...

Read more
තවත් කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිද්ධ වෙයි! VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමයත් විරුද්ධයි! මහාධිකරණ නීතීඥ සංගමයත් විරුද්ධයි! දැන් කොළඹ මහේස්ත්‍රාත් නීතීඥ සංගමයත් විරුද්ධයි! විරෝධය මැද අනුර අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කරයිද? I Sri Lanka Latest News

මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.