2022 ජුලි 09 වැනි දින පැවති මහජන නොසන්සුන්තාව අතරතුර කොළඹ කොටුවේ පිහිටි ජනාධිපති නිල නිවසට අනවසරයෙන් ඇතුළු වී දේපළවලට හානි කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
එක් සැකකරුවෙකු ජනාධිපතිවරයාගේ නිවසේ තිබූ රෙදි මදින අයන් එකක් සොරකම් කර ඇති බව පොලීසිය සඳහන් කළේය.
ජනාධිපති නිල නිවසේ රැඳී සිටීමේ චෝදනාව මත කොළඹ 14, කළුබෝවිල සහ රුක්මල්ගම ප්රදේශවල සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
ජනාධිපති නිල නිවසේ තිබූ රෙදි මදින ස්ත්රික්කයක් සොරකම් කිරීමේ චෝදනාව මත කොළඹ 13 ප්රදේශයේ පදිංචි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා කොම්පඤ්ඤවීදිය පොලිසිය වෙත භාරදී තිබේ.










