ඉදිරි මහමැතිවරණය ඉලක්ක කර එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛව පුළුල් නව සන්ධානයක් ගොඩනගා ජයග්‍රාහී ගමනක් ආරම්භ කරන බව සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ජනාධිපතිවරණ පරාජයෙන් පසුව පළමු වරට කොලොන්නාව ප්‍රදේශයේ ජනතාව හමුවෙමින් ප්‍රේමදාස මහතා මේ බව පැවසීය.
මෙම හමුවට එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ට අමතරව ජාතික හෙළ උරුමයේ නායක පාඨලී චම්පික රණවක මහතා ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.










