විශේෂ ඩෙංගු මර්දන දිනයක් ලෙස අද දිනය ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ, ඩෙංගු අධිවසංගත තත්ත්වයක් ඇතිවීමේ අවදානම සැලකිල්ලට ගෙනයි.
ඉකුත් ජනවාරි මාසයේ සිට මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 43,000 කට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා.
ජූලි මස පළමු දින 21 තුළදී පමණක් ඩෙංගු රෝගීන් 8,000 ක් වාර්තා වී ඇති බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.
ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඉන්දික වීරසිංහ පෙන්වා දුන්නේ නිවාස පරිශ්‍රවලට වඩා පොදු ස්ථාන, කර්මාන්ත ශාලා හා ඉදිකිරීම් පරිශ්‍රවල මදුරුවන් බෝවීමේ වැඩි ප්‍රවණතාවක් දක්නට ලැබෙන බවයි.










