• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සිංගප්පූරුවේ ගෝඨා කලබලේ එයිද? යයිද? නවතීයිද?

July 25, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
සිංගප්පූරුවේ ගෝඨා කලබලේ එයිද? යයිද? නවතීයිද?
Share on WhatsAppShare on Facebook

‘ඔහු අනෙක් ශ්‍රී ලාංකිකයන් මෙන් සාමාන්‍ය පුද්ගලයකු නොවෙයි. ගෝඨාභය රාජපක්ෂ කියන්නේ දේශපාලනික වශයෙන් විවිධාකාර ලෙස හෙළිදරව් වූ පුද්ගලයෙක්. ඔහුට එරෙහිව තිබුණු දේශපාලනික අර්බුද, ජනතා අර්බුද සියල්ලම ලෝකය දන්නවා. එහෙම කෙනකු ඇයි අපි දැන් සිංගප්පූරුවට ගෙන්වාගෙන මෙහි නවාතැන් දෙන්නේ? ගෝඨාභය රාජපක්ෂ වැනි අයකු මේ රටේ සිටීම ගැන අපි සෙසු ලෝකයට සහ ජාත්‍යන්තර ප්‍රජාවට දෙන පණිවුඩය කුමක්ද? මෙය සත්‍ය ලෙසම බැරෑරුම් ප්‍රශ්නයක් නිසායි, මම මේ ගැන කතා කරන්න තීරණය කළේ. කවුරු හෝ කෙනකු මේ ප්‍රශ්නය ගැන මේ වෙලාවෙ කතාකළ යුතුයි. ගෝඨාභය රාජපක්ෂ කියන පුද්ගලයා සත්‍ය ලෙසම අපට අනවශ්‍යයි. ඔහු වහාම මේ රටින් පිටකරන්න. ඇයි ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරයා තම ඉල්ලා අස්වීම සිදුකිරීමට සිංගප්පූරුවම තෝරා ගත්තේ? මෙම දේශපාලකයාට එරෙහිව දරුණු අරගල ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකයේ තවත් රටවල් රැසකම පැවැත්වුණා. කෙසේ හෝ ඔහු ශ්‍රී ලංකාවෙන් පැනගොස් මාලදිවයිනට පැමිණි විටදී එම රට තුළද උද්ඝෝෂණයන් පැවැත්වුණා. ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ බැංකු ගිණුම්වල තොරතුරු සිංගප්පූරුවේ ජනතාවට හෙළිකරන ලෙස අපි ඉල්ලා සිටිනවා. ඒ අතරම ඔහු වහාම මෙම රටින් පිටමං කිරීමට කටයුතු කරන්න…’

මෙම අමුතුම ආකාරයේ වගතුග ඇසෙන්නේ කොතැනකින්ද? එසේම එලෙස ප්‍රකාශ කර සිටින්නේ කවුරුන්ද? මෙම කතාන්දරය ඇසෙන්නේ සිංගප්පූරුවෙනි. එනම් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පසුගියදා ශ්‍රී ලංකාවෙන් මාලදිවයිනට පැනගොස් එතැනින් නැවත වරක් සිංගප්පූරුවට පැන ගියේය. මෙම මොහොතේදී ඔහු සිටින්නේ සිංගප්පූරුවේය. පසුගියදා සිංගප්පූරුවේදී පැවැති මහජන විරෝධතා රැස්වීමකදී ඉහත ප්‍රකාශය සිදුකර ඇත්තේ සිංගප්පූරුවේ සිටින එක්තරා තරුණ දේශපාලකයකු විසිනි. දැනට 34 වැනි වියෙහි පසුවන ද්‍රවිඩ සම්භවයක් ඇති සිංගප්පූරු ජාතිකයකු වන ප්‍රභූ රාමචන්ද්‍රන් නමැති ඔහු, එරට පිහිටුවා ඇති ‘ජනතා හඬ’ පක්ෂයේ ප්‍රබල සාමාජිකයෙකි. මොහු 2020 සිංගප්පූරු මහ මැතිවරණයටද තරග කළ තරුණ දේශපාලකයකු විය. ඔහු මෙයට දින කිහිපයකට ඉහතදී මෙම ප්‍රකාශය සිදුකළේ සිංගප්පූරුවේ පිහිටුවා තිබෙන මහජන විරෝධතා සහ අදහස් ප්‍රකාශ කිරීමේ මහජන මධ්‍යස්ථානය වන ‘ස්පීකර්ස් කෝනර්’ තුළදීය. මෙය සිංහලෙන් අර්ථවත් කළ හැක්කේ කථිකයන්ගේ කේන්ද්‍රය ලෙසිනි. ශ්‍රී ලංකාවේ හෝ ලෝකයේ බොහෝ රටවල හෝ සිදුකෙරෙන ආකාරයට සිතූ සිතූ ස්ථානවලදී ජනතා අරගල සිදුකිරීමට සිංගප්පූරුව තුළ හැකියාවක් නැත. එනම් එය සම්පූර්ණයෙන්ම නීතියෙන් තහනම්ය. එහෙයින් එවැනි විරෝධතා ඉදිරිපත් කිරීමට විශේෂිත ස්ථානයක් සිංගප්පූරුවේ රජය විසින් ‘ස්පීකර්ස් කෝනර්’ නමින් ස්ථාපනය කර ඇත. එය සිංගප්පූරුවේ ‘හෝලිම් උද්‍යානය’ තුළ පිහිටුවනු ලැබුවේ වසර 2000දීය.

කෙසේ හෝ ඉහත ප්‍රභූ රාමචන්ද්‍රන් විසින් මෙම සජීවී විරෝධයට අමතරව ෆේස්බුක් හරහාද විරෝධතා පෙත්සමක් ඉදිරිපත් කරමින් ජනතාවගෙන් අස්සන් ලබාගෙන ඇත. මොහුට සහාය දීම සඳහා එම පක්ෂයේම සාමාජිකයකු වන 68 හැවිරිදි ලියෝන්ග් සූ හියෑන් නමැත්තාද මෙම විරෝධතාව සඳහා සම්බන්ධ වී ඇත. කෙසේ හෝ ගෝඨාභය රාජපක්ෂ සිංගප්පූරුවට පැමිණි පසු යම් යම් පාර්ශ්ව විරෝධතා දැක්වීමට සැලසුම් කළද සිංගප්පූරු රජය එවිට වහාම ප්‍රකාශ කළේ කිසිදු පිටස්තර ස්ථානයක එම විරෝධතා සිදුකළ නොහැකි බවයි. අවශ්‍ය පාර්ශ්වයකට ඉහත නිල ස්ථානය වෙත ගොස් එම කටයුතු සිදුකළ හැකි බවද මුල සිටම නිවේදනය කළේය. මෙම විස්තර ටිකක් ඔබට ලියා තැබුවේ සිංගප්පූරුව යනු අතිශය පුදුමාකාර නීතියක් සහ සංවරයක් ඇති රටක් වීම හේතුවෙනි. තත්ත්වය එසේ වුවද ගෝඨාභය රාජපක්ෂට එරෙහිව පැවැති එම විරෝධතාව සඳහා ඉතා අල්ප පිරිසක් පමණක් සහභාගි වී ඇත. එයට හේතුව වන්නේද බොහෝ විට වත්මන් සිංගප්පූරු ජනතාව තමන්ගේ ඉදිනෙදා කටයුතු ඉතා බුද්ධිමත්ව හසුරුවා ගැනීමට උත්සාහ කරන පිරිසක් වීම නිසාය.

තත්ත්වය එසේ වුවද මෙවැනි සුළු උද්ඝෝෂණ හරහා හෝ සිංගප්පූරුව තුළ ගෝඨාභය රාජපක්ෂට එරෙහිව යම් හඬක් නැගෙන්නට ගත්තේය. කෙසේ හෝ මෙවැනි වටපිටාවක් යටතේ පසුගියදා එරට රජය ගෝඨාභය රාජපක්ෂ වෙත නිල වශයෙන් ප්‍රකාශ කර ඇත්තේ මූලික වශයෙන් සිංගප්පූරුව තුළ ගතකිරීමට ලබාදී ඇති දින 15ක කාලසීමාව නැවත දීර්ඝ නොකරන බවය. ඒ අනුව ඔහු එම කාලය තුළදී හෝ එම කාලය අවසානයේදී හෝ එරටින් පිටත්ව යායුතු බව ප්‍රකාශ කර ඇත. මේ බව ඔහු වෙත ප්‍රකාශ කර ඇත්තේ සිංගප්පූරු රජයේ දැනට සිටින ප්‍රබලතම සහ ජ්‍යෙෂ්ඨතම අමාත්‍යවරයකු වන කාසිවිශ්වනාදන් ශම්මුගම් නමැත්තාය. ඔහු එරට වත්මන් රජයේ අධිකරණ කටයුතු ඇමැති ධුරය 2008 සිට මේ දක්වා දරන අතර එරට ස්වදේශ කටයුතු අමාත්‍ය ධුරයද 2015 සිට ඔහු උසුලනු ලබයි. මෙයින් පෙනී යන්නේ ඔහු වසර 21ක පමණ කාලයක් නොකඩවා අමාත්‍ය ධුරය දෙකක් දරන, රජයේ ප්‍රබලයකු බවය. ඉන්දියානු දෙමළ ජාතික සම්භවයක් ඇති, එහෙත් සිංගප්පූරු ජාතිකයකු වන මෙම අමාත්‍යවරයා වර්තමාන සිංගප්පූරු අගමැති ලී හයිසන් ලුන්ග්ගේ ප්‍රබල හිතවාදියකු ලෙසද සැලකෙයි. ඒ අනුව ඉහළ තනතුරු හරහා ඉහත ඉල්ලීම අමාත්‍යවරයා විසින් ගෝඨාභය රාජපක්ෂ වෙත ඉදිරිපත් කර ඇති බවද පැවසෙයි. මේ අතර සිංගප්පූරුවේ රාජ්‍ය නිල ප්‍රකාශයන්ට අනුව හෙළිවී ඇති තවත් සුවිශේෂ කරුණක් නම් මේ වන විට ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකා ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වී ඇති හෙයින් ඔහුට මෙතෙක් තිබුණු ජනාධිපති මුක්තියද අවසන්ව ඇති බවයි. මෙවැනි තත්ත්වයක් යටතේ හිටපු ජනාධිපතිවරයාට එරෙහිව සිංගප්පූරුව තුළ සිටින විටදී යම් පාර්ශ්වයක් විසින් අධිකරණ ක්‍රියමාර්ගයක් ගතහොත් එය සිංගප්පූරු රජයටද ප්‍රශ්නයක් වන බවට එරට රජය සඳහන් කර ඇත. ගෝඨාභය රාජපක්ෂට එරෙහිව විවිධ මානව හිමිකම් අපරාධ සහ දූෂණ වංචා චෝදනා රැසක්ද එල්ලවී ඇත.

එක් දිනකට පිටපත් ලක්ෂ 10කට වඩා අලෙවි වන සිංගප්පූරුවේ ප්‍රධානම ඉංග්‍රීසි පුවත්පත වන ‘ද ස්ටේ්‍රයිට්ස් ටයිම්ස්’ පුවත්පත මෙම අර්බුදය හමුවේ සිංගප්පූරුවේ ජනතාවගෙන් අදහස් විමසීමක් සිදුකර ඇත. මෙම ප්‍රකට පුවත්පතට අවුරුදු 177ක දීර්ඝ ඉතිහාසයක් ඇති අතර, එය දකුණු ආසියානු රටවල් වන මියන්මාරය සහ බෲනායි රාජ්‍යයන් තුළද ප්‍රකාශයට පත්කෙරෙයි. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සිංගප්පූරු ආගමනය ගැන මෙම පුවත්පත නිරන්තරයෙන් අවධානය යොමු කරමින් පුවත් පළ කළේය. මෙම ජනතා අදහස් විමසීමද ඔවුන් සිදුකර තිබුණේ එම මාධ්‍ය මෙහෙවරට අනුවය. මේ අනුව ඔවුන් සිංගප්පූරුවේ සිටින ප්‍රකට එහෙත් තමන්ගේ අනන්‍යතාව ප්‍රකාශ කිරීමට අකැමැති වූ අපරාධ නීතිය පිළිබඳ කටයුතු කරන ජ්‍යෙෂ්ඨ නීතිඥයකුගෙන් අදහස් විමසා තිබිණි. එම වගතුග මෙසේය.

‘ ගෝඨාභය රාජපක්ෂ සිංගප්පූරු රජය විසින් රැකවරණ ලබාදෙන්නට යන බව මම මුලින්ම අහපු වෙලාවෙ මහත් පුදුමයටත්, කනගාටුවටත් පත්වුණා. ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික සහ මූල්‍ය විනාශයට වගකිව යුත්තේ ඔහුයි. ඔහු ශ්‍රී ලංකාව මහත් විනාශයකට පත්කළ නායකයෙක්. එහෙම රට විනාශයට පත් කරලා ඔහු දැන් රටින් පැන යනවා. එවැනි පුද්ගලයකුට සිංගප්පූරුව රැකවරණ ලබාදෙන්නේ ඇයි? බෙදුම්වාදී ප්‍රතිපත්තිය ඉතා භයානකයි. අපි සුළු ජාතීන්ට නොසැලකිය යුතු ආකාරය පිළිබඳ ශ්‍රී ලංකාව හොඳ උදාහරණයක් බව ලී ක්වාන් යූ අගමැතිවරයා හැම විටම කියා සිටියා. එවැනි වටපිටාවක් යටතේ ගෝඨාභය රාජපක්ෂ මහතාට රට තුළට පිවිසීමට ඉඩ දීම නින්දාවක් නොවේද? 2009 වසරේ ශ්‍රී ලංකාව සිවිල් යුද්ධය අවසානයේදී ඔහු ආරක්ෂක ලේකම්වරයාව සිටියදී දහස් ගණනක් දෙමළ ජාතිකයන් ඝාතනය කිරීමේ වරදට වගකිව යුතුයි…’ යනුවෙන් මෙම නීති විශාරදයා ප්‍රකාශ කර ඇත.

මේ අතර ‘ස්ටේ‍රයිට් ටයිම්ස්’ පුවත්පත විසින් සාකච්ඡා කරන ලද තවත් සිවිල් පුද්ගලයන් රැසක් සඳහන් කර ඇත්තේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සිංගප්පූරුවේ රැඳී සිටීමට ඉඩදීම යනු දූෂණයට සහ ජාතිවාදයට එරෙහි සිංගප්පූරුවේ දැඩි ස්ථාවරයට එරෙහිව යෑමක් බවයි. එසේම සමහර පිරිස් මත ඉදිරිපත් කිරීමෙන් වැළකී ඇත. තවත් පිරිසක් ප්‍රකාශ කර ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයේ සිටියදී සිංගප්පූරුවට ඇතුළු වීමේ වරදක් නොමැති බවය. එසේම ඔහු කිසිදු දේශපාලන රැකවරණයක් ඉල්ලා නොතිබීමද අවධානයට යොමු කළ යුතු බවද ප්‍රකාශ කර ඇත. සමහරු සේ නිදහස් මත ප්‍රකාශ කළද බහුතරයක් ගෝඨාභය රාජපක්ෂගේ සිංගප්පූරු ආගමනයට දැඩි විරෝධයක් පළ කර ඇත. මේ අතර තවත් සුවිශේෂ පුවතක් ලෙස වාර්තා වන්නේ සිංගප්පූරුවේ සිටින ‘බ්ලොක් චේන්’ නමැති අන්තර්ජාල මූල්‍ය ජාලයට සම්බන්ධ ව්‍යාපාරිකයකු වන රේමන්ඩ් නග් විසින් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව එරට පොලිස් වංචා විමර්ශන ඒකකයට පැමිණිල්ලක් ගොනුකර තිබීමය. එනම් මුදල් විශුද්ධිකරණයට අදාළව එම පැමිණිල්ල ගොනු කරමින් ඔහු පවසා ඇත්තේ සිංගප්පූරුවට ඇති තමාගේ භක්තිය නිසා එසේ සිදුකළ බවය. කෙසේ හෝ මේ වන විට අන්තර්ජාලය තුළ ක්‍රියාත්මක වන මාර්ගගත පෙත්සම සඳහා පුද්ගලයන් 2,000කට අධික පිරිසක් අස්සන් තබා ඇතැයි පැවසෙයි. මෙම පිරිස සිංගප්පූරුවේ සිටින ශ්‍රී ලාංකිකයන් බවද පැවැසෙයි. මේ අතර සිංගප්පූරු රජයේ නිල ට්විටර් ගිණුමටද බොහෝ දෙනකු තම ප්‍රතිචාර දක්වා ඇත.

ශ්‍රී ලංකාවෙන් පලාගිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිසා සිංගප්පූරුව තුළ උද්ගතව තිබෙන අර්බුදය දැන් ඔබට පැහැදිලි වනු ඇත. කෙසේ හෝ ගෝඨාභය රාජපක්ෂ සහ ඔහුගේ බිරිය සිංගප්පූරුවේ සිටින අතර, ඔවුන් වාසය කරන ස්ථානයක් ගැන නිසි තොරතුරක් මාධ්‍ය වාර්තාවලින් හෙළිවී නොමැත. හිතවත් ව්‍යාපාරිකයකු සතු නිවෙසක රාජපක්ෂ යුවලත්, ආරක්ෂක නිලධාරීන් දෙදෙනකුත් වාසය කරන බව පැවසෙයි. කෙසේ හෝ සිංගප්පූරු රජයේ ආරක්ෂාවද ඔවුන්ට ඍජුව නොපෙනෙන ආකාරයෙන් ලැබෙන බවද ඇතැම් මාධ්‍ය වාර්තා සඳහන් කර ඇත.

සිංගප්පූරුව යනු ලෝකයේ තිබෙන ඉතා කුඩා රටක් වන අතර එහි විශාලත්වය වර්ග කිලෝමීටර් 733කි. ජනගහනය ලක්ෂ 55කට ආසන්න වෙයි. එනම් සිංගප්පූරුවේ දිගු අතට දුර ප්‍රමාණය කි.මී. 50ක් පමණ වන අතර, පළල කි.මී. 27කි. මෙවැනි කුඩා රටක් වුවද මේ වන විට සිංගප්පූරුව යනු ලෝකයේ අතිශයින්ම ධනවත් සහ දියුණු රාජ්‍යයකි. මෙහි ඒකපුද්ගල ආදායම අදහාගත නොහැකි තරමේ අගයක් වන අතර එම ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් 79,576කි. මෙය ලෝකයේ 07 වැනි ස්ථානයට තිබෙන ඒකපුද්ගල ආදායම වන අතර එය යුරෝපයේ සමහර ධනවත් රටවල ඒකපුද්ගල ආදායම අබිභවා යෑමකි. එසේම 2022 වසරට අදාළව මේ වන විට සිංගප්පූරුවේ දළ දේශීය නිෂ්පාදිතය ඇමෙරිකානු ඩොලර් බිලියන 425 ඉක්මවා ඇතැයි නිල දත්ත පෙන්නුම් කරයි.

මේ ආකාරයට බලන විට මේ වන විට ගෝඨාභය රාජපක්ෂ වෙසෙන්නේ ලෝකයේ 07 වැනි ධනවත්ම රාජ්‍යය තුළය. කෙසේ හෝ ඔහු සහ බිරිය සිංගප්පූරුවේ සිට මැදපෙරදිග රාජ්‍යයක් වෙත ගමන් කරන බව මුලින් ප්‍රකාශ වී තිබුණද මේ වන විට එම ගමනාන්තය ගැන නිශ්චිත තොරතුරක් නොමැත. තත්ත්වය එසේ වුවද හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සිංගප්පූරුව සමග සමීප සබඳකම් තිබුණු බවද යම් සිදුවීම් පෙන්නුම් කරයි. මෙහිදී කැපීපෙනෙන විශේෂ සිදුවීමක් ලෙස වාර්තා වූයේ 2019 මැයි මාසයේදී ගෝඨාභය රාජපක්ෂට කිරීටක ධමනි හෘද සැත්කමක් සිංගප්පූරුවේදී සිදුකර තිබීමය. බයිපාස් සැත්කම යනු අද ශ්‍රී ලංකාවේද ඉතා සුලබව සහ අතිසාර්ථකව සිදුවන සැත්කමක් වුවත් ගෝඨාභය රාජපක්ෂ ඒ සඳහා ශ්‍රී ලංකාව තෝරා නොගෙන සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් රෝහල තෝරා ගත්තේය. මවුන්ට් එලිසබෙත් රෝහල සිංගප්පූරුවේ තිබෙන මිල අධිකම සුපිරි රෝහල වන අතර, එය ලෝකයේ ඇති අධික මිලක් අයකරන රෝහල් අතරින් ප්‍රමුඛස්ථානයක සිටියි. ගෝඨාභය රාජපක්ෂ 2019 ජූලි මාසයේදී මෙම සැත්කම සිදුකරන විටදී සිංගප්පූරුවේදී මෙවැනි සැත්කමක් සිදුකිරීම සඳහා සිංගප්පූරු ඩොලර් 76,000ක (ශ්‍රී ලංකා මුදලින් රුපියල් 1,86,20,000) අතිවිශාල මුදලක් වැය වී ඇත. එනම් එය රුපියල් එක් කෝටි අසූහය ලක්ෂයකි. මෙම තොරතුරු ඔබට ලියා තැබුවේ 2019 වසරට අදාළව සිංගප්පූරුවේ රෝහල් ගාස්තු කෙසේදැයි අන්තර්ජාල දත්ත පරීක්ෂා කිරීමෙන් අනතුරුවය. ඒ අනුව එම මුදල පූර්ණ සත්‍යයකි. කෙසේ හෝ 2019 ජනාධිපතිවරණයට හරියටම මාස 04කට පෙර සිදුකළ සැත්කම සඳහා රාජපක්ෂ යුවලට ගමන් වියදම් හා නවාතැන් වියදම් සඳහාම තවත් ලක්ෂ 15ක් වත් යන්නට ඇත. මේ අනුව බලන කල ශ්‍රී ලංකාවේදී රුපියල් ලක්ෂ 20ක් වැනි මුදලකින් සිදුකළ හැකි බයිපාස් සැත්කම සඳහා ඔහු රුපියල් කෝටි 02ක (මිලියන 20ක්) අධික මුදලක් වැයකර ඇත. මේ මුදල් කාගේදැයි නිශ්චයක් නැත. කෙසේ හෝ මෙවැනි සිදුවීම් මගින් ගෝඨාභය රාජපක්ෂගේ සිංගප්පූරු සබඳතා තවත් ස්ථාවර වෙයි. ඔහු සිංගප්පූරුවෙන් නැවත එන්නේ ශ්‍රී ලංකාවටද?



ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

ජනාධිපති මාධ්‍ය අංශය ධනුෂ්කටයි ශානුකටයි බාර දෙයි!

Next Post

විපක්ෂේ ඉඳන් රනිල්ට හොරෙන් ජන්දෙ දුන්න අය 27 වෙනිදට හෙළි වෙන්නේ මෙහෙමයි! (VIDEO)

MORE NEWS

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News
Exclusive

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News
Exclusive

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News
Exclusive

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

Load More
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය පැවැත්වීමට අවශ්‍ය නීතිය සම්පාදනය වූ පසු එය පවත්වන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.Sri Lanka Latest News

Read more
පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.