• About us
  • Contact us
Monday, July 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඊළඟ මාරයා මාබර්ග්…

July 25, 2022
in Exclusive
Reading Time: 5 mins read
A A
ඊළඟ මාරයා මාබර්ග්…
Share on WhatsAppShare on Facebook

පොඩ්ඩකට නවතින්න පුළුවන්ද? යන්නෙ හදිසි ගමනක් නම් මේ බාධාව ඔයාලට කරදරයක් අවහිරයක් වෙන්න පුළුවන්. හැබැයි කියන්නට යන මේ කාරණය ඔබේ ඒ හදිසියට වැඩිය වැදගත් වෙන්න පුළුවන්.
ඔක්කොටම කලින් අපි බලමුද ඔබේ මාස්ක් එක එහෙම නැත්නම් මුඛ ආවරණය කොහෙද තියෙන්නේ කියලා. කලබල වුණා නේද? ඇත්තටම කියනවා නම් කොරෝනාවෙන් පීඩා විඳින කාලේ ඔබේ එදිනෙදා කාර්යාලයට හෝ වැඩබිමට ගෙන යන අඩුවැඩිය අතර ප්‍රධානම සුවිශේෂ අංගයක් වුණු මාස්ක් එක දැන් ඔබට අමතකයි. සමහරුන්ගේ මාස්ක් එක නිකටට පහළින් එල්ලෙනවා. තවත් සමහරුන්ගේ මාස්ක් එක නහයෙන් පහළ ඔහේ අස්ථානගත වෙලා. ඔය හැම දෙනාම අතර ඉන්න තවත් පිරිසක් මාස්ක් එක ඩස්ට්බින් එකට දාලා. ඒ කියන්නේ නිදන කාමරය හෝ ගේ දොර අස්පස් කරන වෙලාවට මාස්ක් එක අනවශ්‍ය කැළිකසළවලට එකතු කරන්න තරම් එපා කරපු භාණ්ඩයක් වෙලා.

ඇයි එහෙම වුණේ?
ඒක ලෝක ස්වභාවය. දෙවියන්ව මතක තියෙන්නේ කරදරයක් එනකොට විතරයි. සොල්දාදුවාව මතක තියෙන්නේ යුද්ධයක් එනකොට විතරයි. ඒ වගේම තමයි මාස්ක් එක මතක තියෙන්නේ කොරෝනා වගේ වසංගතයක් තියෙනකොට විතරයි. මතකයිනේ ඒ දවස්වල ගෙවල් ඉස්සරහ කඩේට යන්නත් නහය කට හොඳට වැහෙන්න මාස්ක් එක දැම්මා. ඒකටත් එක්ක දැන්. ටවුන් එකට යන්නවත් මාස්ක් එක දාන්නේ නැහැ. තෙල් පෝලිමට ගෑස් පෝලිමට ගිහින් පොඩ්ඩක් ඔළුව දාලා බලන්න. මාස්ක් දාපු අයට වඩා නොදාපු අය ඕනෑ තරම්.

සමහර විට ඔයාලා හිතනවා ඇති අරගල රැසක් සමග ජනාධිපති මාරුවකුත් එක්ක රටතොට අලකලංචි මහ ගොඩක් සිද්ධ වෙච්ච වෙලාවක ඇයි මේ කොරෝනා අනුස්මරණයක් එක්ක මාස්ක් එකේ වැදගත්කම කියාපාන්නේ කියලා.

ඒකට විශේෂ හේතුවක් තියෙනවා. ඒ හේතුව ගැන කතා කරන්න තමයි යන ගමනත් ටිකකට නවත්තලා මාස්ක් එක කෝ කියලා බැලුවේ. බොහෝ විට හුඟ දෙනෙක් මේ කතා කරන්නට යන කාරණාව ගැන දන්නෙත් නැතිව ඇති. තව සමහර දෙනකුට ඒ ගැන වැටහීමක් නැතිව ඇති. නමත් ටිකක් අමුතුයිනේ. කොරෝනා කියන නම තරම් මේ වසංගතයේ නම උච්චාරණය කරන එකත් ඒ තරම් පහසු නැහැ.

වසංගතයක්…?
තවත් වසංගතයක් එන්නද සූදානම?
එන්න සූදානමක් නැහැ. තවත් වසංගතයක් දැනටමත් ලෝකය හමුවට ඇවිදින් ඉවරයි. අන්න ඒ හින්දම තමයි අපි හැමෝගෙම නහයයි කටයි ආවරණය කරන මාස්ක් එක ගැන නැවත මතක් කිරීමක් කළේ. ඒ විතරක් නෙවෙයි කොරෝනා වසංගතයත් හෙමින් හෙමින් ආයෙම ඔළුව උස්සනව කියලත් ආරංචියක් තියෙනවා. කොරෝනා වසංගතය ගැන නම් ඉතින් අපි දන්න කියන නිසා අලුත් වසංගතය ගැන කතා කරමු.

වසංගතය හඳුන්වන්නේ ‘මාබර්ග්’ කියලයි. එය කොරෝනාවටත් වැඩිය මාරාන්තිකයි. ඉබෝලා වෛරසයට වඩාත්ම නෑකම් කියන මාබර්ග් (Marburg) වසංගතය වැලඳීම නිසා බටහිර අප්‍රිකාවේ ඝානාවල රෝගීන් දෙදෙනකු මියගිහින් කියලයි අලුත්ම ආරංචි මාර්ග සඳහන් කරන්නේ. ඒ වාගෙම මාබර්ග් වසංගතය නිසා 98 දෙනෙක් නිරෝධායනය වන වගත්, මාබර්ග්වලට විරුද්ධව සටන් කරන්නට හැකි බෙහෙතක් තවමත් සොයාගෙන නැති බවත් තවදුරටත් සඳහන් වෙනවා. මාබර්ග් වසංගතය ගැන ප්‍රචලිත වන මේ තොරතුරුව කිසිම අතිශයෝක්තියක් නොමැති අතර මේ සියලු විස්තර බටහිර අප්‍රිකානු රජයේ සෞඛ්‍ය නිලධාරීන් විසින් පර්යේෂණ මගින් තහවුරු කොට ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්ව තිබෙනවා.

මාබර්ග් වැලඳෙන්නේ කොහොමද? රෝග ලක්ෂණ මොනවාද?
මාබර්ග් වසංගත සහ එහි රෝග තත්ත්වය ගැන සරලව පහදනවා නම් මෙය අපිරිසිදු ලෙස ආහාර ගැනීමෙන් ඉතා ඉක්මනට බෝවන බව බටහිර අප්‍රිකානු රජයේ සෞඛ්‍ය සේවා නිලධාරීන් සනාථ කොට තිබෙන අතර මස් මාංශ වැනි ආහාර ඉතා හොඳින් පිරිසිදු කර ආහාරයට ගන්නා ලෙස මහජනයා දැනුවත් කොට තිබෙනවා. අප්‍රිකාවේ ඇන්ගෝලා, කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය, කෙන්යාව, දකුණු අප්‍රිකාව සහ උගන්ඩාව යන රටවල මීට වසර ගණනාවකට පෙර මාබර්ග් වසංගතය වරින් වර පැතිර තියෙන අතර එහිදී 2005 අවුරුද්දේ ඇංගෝලාවල රෝගීන් 200කට වැඩි පිරිසක් මරණයට පත්ව තිබෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා ඇත.

එලෙසම 1967 අවුරුද්දේ, ඒ කියන්නේ මීට වසර 55කට පමණ පෙර ජර්මනියේ මාබර්ග් වෛරසය ශරීරගත වීමෙන් රෝගීන් හත්දෙනකු මරු වැලඳගෙන තිබෙනවා.

බොහෝ විට මාරාන්තික තත්ත්වයක් ප්‍රකට කරවන මෙම වෛරසයෙහි ප්‍රධානම රෝග ලක්ෂණය විදියට හඳුන්වන්නේ තද හිසරදය, උණ, මාංශපේශි තුළින් නැගෙන අධික කැක්කුමය. එකී රෝග ස්වභාවයන් අතරට වමනය සමග ලේ වහනය වීම නිසා රෝගියා විජලනයට පත්වීමෙන් දැඩි කායික දුර්වලතාවකට පත්වන බවද කියැවේ.

මාබර්ග් වසංගතය ගැන පර්යේෂණවල නියැළෙන විශේෂඥ වෛද්‍ය සංගමය පවසා ඇත්තේ නිතර ජලය පානය කිරීම සහ වෛද්‍ය උපදෙස් සමග ප්‍රතිකාරවලට යොමුවීමෙන් රෝගය මාරාන්තික තත්ත්වයට පත්වීම වළක්වාගත හැකි බවයි. මස් මාංශ වැනි ආහාර වර්ග පිසින විට එය අර්ධ වශයෙන් පිළියෙල නොකොට සම්පූර්ණ වශයෙන් තැම්බීමකට බඳුන් කිරීම තුළින් මාබර්ග් වසංගතය අවදානම පලවා හරින්නට පුළුවන.

මෑතදී දින කිහිපයකට පෙර උගන්ඩාවේ වෛද්‍ය සංගමයක් විසින් නවතම පර්යේෂණයකින් අනතුරුව අනාරක්ෂිත ලිංගික සබඳතා ද මාබර්ග් වසංගතයට මුල්වන වග සොයාගෙන ඇත. ඉබෝලා වෛරසයට මෙය සමාන යැයි පැවසුවද සමහර රෝග ලක්ෂණ සහ වෛරසය වැලඳෙන හේතු බලන විට සමහර අවස්ථාවන්හි එම සමානකම් යම් නොගැළපීම් ඇති කරයි. මස් මාංශ හොඳින් පිසගැනීම වාගේම අමුවෙන් ආහාරයට ගන්නා පලතුරු සහ එළවළුද හොඳින් පිරිසිදු කර ආහාරයට ගැනීමෙන් වෛරසයෙන් ආරක්ෂා විය හැකියි. කොරෝනා වසංගතය නිමවූ ආසන්නයේම තවත් වසංගතයකට මිනිසුන් මුහුණ දීම කෙබඳු වේද?

එයට උත්තර ඇත්තේ මිනිසුන් වූ අපට වඩා ලොව පාලනය කරනවාය කියන දෙවියන් තුළ සහ ඉර හඳ පාලනය සමග ලොවෙහි බලය පතුරුවන සොබාදහම තුළ පමණය. කොරෝනාව නිමවූ ආසන්නයේ යැයි කට වචනයට කිව්වාට සමහර රටවල කොරෝනාව තවමත් සැරිසරන්නේය. ලංකාවේද කොරෝනා රෝගීන් තවමත් මතුවෙමින් සිටින වගත්, ඒ මතුව ඒම දැන් දැන් වැඩි ප්‍රවණතාවක් ඇති කරමින් සිටියි. ඉතා ශෝචනීය ලෙස ආර්ථිකය විනාශ කළ කොරෝනාව ලොව අවසන් වසංගතය යැයි කොතැනකවත් සඳහන් නොවුණා සේම තවමත් හරියකට කලඑළි නොබැසි මාබර්ග් වසංගතය ගෝලීය වශයෙන් කුමන ආකාරයේ ඵලවිපාකයක් පෙන්නාවිද? එය ලොව අවසාන වසංගතය වන්නේයැයි කියාවත් කියන්නට හැකි විශ්මකර්මයකු ලොව පහළ වන්නේ නැත.

‘අම්මෝ යන්තම් මාස්ක් එක අයින් කළා…’ යැයි කියමින් නීතිගත තැනකට පමණක් මුහුණු ආවරණය දමා අන් තැන්වලදී එය පයට පෑගෙන්නට දැමූ බොහොමයක් දෙනාට නැවත එය පැලඳීමට මාබර්ග් වසංගතය නපුරු පසුබිමක් සකසනු නැතැයිද ඇතැයිද කියා කිව හැක්කේ කාටද?

මාබර්ග්හි නිර්මාණය හෝ පැවැත්ම දේව නියමයකි, නැතිනම් සොබාදහමේ දඬුවමකි. තරාතිරමක් නැතිව පදික වේදිකාවේ හිඟන මිනිසාටත්, සඳලුතලවලට වී රසමසවුළු බුදින ධනවතාටත් එකම හැන්දෙන් බෙදන කර්මයද ඔය කෙළවරක කොහේ හෝ සිටිනු ඇත.

මාර්බර්ග් ලොව ගිලගනීද?

සුළඟක් සේ පැමිණ එසැණින් පහව යයිද?
කොරෝනාවට වඩා දරුණු වේද?

ලොව පුරා සෑම මට්ටමකම මිනිස්සු ඉහත කාරණයන් ගැන වෙහෙසෙන දවස වැඩි ඈතක නොවන්නට පුළුවන.

කොහොම වෙතත් සොබාදහම සමග කරන අරගල මිනිසුන් සමග කරන අරගල තරම් පහසු නොවන්නේය.

මුහුද හත් ගව්වක් තියා අමුඩය තදකිරීම විහිළුවක් වුවද අවදානමට පළමුව සූදානම යම් අස්වැසිල්ලක් වූ අවස්ථා එමටය.

එහෙනම් හිත සුව පිණිස මුහුණු ආවරණය ඉවත දැමූ ඉක්මනින්ම නැවත නහය කට වසා පැලඳගනිමු.

දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

අන්තිම ඉලක්කමත් ඉවරයි! අගෝස්තු 01 සිට තෙල් QR කෝඩ් එකට විතරයි! ඒත් තෙල් තිබ්බොත් විතරයි!

Next Post

තෙල් ගන්න පෝලිම්වල මරාගන්න අතරේ අනුරපුරේ අම්මා කෙනෙකුට පිහිටවූ මනුස්සකම! (VIDEO)

MORE NEWS

IMF එකේ ප්‍රධානියා හදිසියේම අනුරට කතා කරලා ‘BRAVO… BRAVO’ කිව්වේ ඇයි? මෙන්න හේතුව හර්ෂ හෙළිකරනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

IMF එක ලංකාව උඩින්ම තියයි! වේගයෙන්ම දියුණු වන රටවල් අතර 4 වැනි තැනට! I Sri Lanka Latest News

‘පාර්ලිමේන්තු කැන්ටිමේ ගෑනු දෙන්නෙක් එක්ක කෑම කකා හිටියා! නිකමටවත් අපිත් එක්ක කතා කළේ නෑ!’ පරාටේ නීතිය ගැන කතාකරන්න පාර්ලිමේන්තුවට ගිය කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ඇමැති චතුරංගව ඉවරම කරයි! මන්ත්‍රීකම ගන්න තරු පහේ හෝටලයක කරපු උදව්ව ගැනත් මතක් කරයි! අපි රැවටුණා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනිවාර්යයෙන් විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කරනවා! නියෝජ්‍ය ඇමැති චතුරංග අබේසිංහ නීතීඥ සංගමයටත් අභියෝගයක් කරයි! විජේදාස ගැන හරි විජේදාසගේ පුතා ගැන හරි නීතීඥ සංගමය ප්‍රකාශයක් කරනවා නම් හරි සතුටුයි! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

නීති රකින පොලිස් නිලධාරීන් අතරේ මේ වගේ දැන දැන නීති කඩන OICලාත් ඉන්නවා! I Sri Lanka Latest News

ලංකාව ගැන ජපානයෙන් හරියටම කියයි! I Sri Lanka Latest News
Exclusive

පිච්චි පිච්චි හිටපු අයට හෙට ඉඳන් පොඩි සැනසීමක්! I Sri Lanka Latest News

2026 වසර නීතියටම වෙන් කරයි! කිසිම දරුවෙක් මත්ද්‍රව්‍යට ගොදුරු නොවන රටක්! කාටවත් ගැති නොවන ස්වාධීන විදෙස් ප්‍රතිපත්තියක්! අනුර නුවරඑළියේදී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව අද කැබිනට් මණ්ඩලයට! අපි කිව්වා අනිවාර්යයෙන් කරන්න තීන්දු කළා කියලා! I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

දෙපැත්තම යුද්ධය නතර කළා…! බොර තෙල් බැරලය බැස්සා! I Sri Lanka Latest News

Load More
IMF එකේ ප්‍රධානියා හදිසියේම අනුරට කතා කරලා ‘BRAVO… BRAVO’ කිව්වේ ඇයි? මෙන්න හේතුව හර්ෂ හෙළිකරනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

IMF එක ලංකාව උඩින්ම තියයි! වේගයෙන්ම දියුණු වන රටවල් අතර 4 වැනි තැනට! I Sri Lanka Latest News

වියට්නාමය, බලීස් සහ මොසැම්බික් යන රටවලට පසුව, වේගයෙන් දියුණුවන රටවල් අතර සිව්වන ස්ථානයට ලංකාව පත්ව තිබෙන බව ජාත්‍යන්තර මූල්‍ය ආයතනය...

Read more
‘පාර්ලිමේන්තු කැන්ටිමේ ගෑනු දෙන්නෙක් එක්ක කෑම කකා හිටියා! නිකමටවත් අපිත් එක්ක කතා කළේ නෑ!’ පරාටේ නීතිය ගැන කතාකරන්න පාර්ලිමේන්තුවට ගිය කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ඇමැති චතුරංගව ඉවරම කරයි! මන්ත්‍රීකම ගන්න තරු පහේ හෝටලයක කරපු උදව්ව ගැනත් මතක් කරයි! අපි රැවටුණා! VIDEO I Sri Lanka Latest News

අනිවාර්යයෙන් විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කරනවා! නියෝජ්‍ය ඇමැති චතුරංග අබේසිංහ නීතීඥ සංගමයටත් අභියෝගයක් කරයි! විජේදාස ගැන හරි විජේදාසගේ පුතා ගැන හරි නීතීඥ සංගමය ප්‍රකාශයක් කරනවා නම් හරි සතුටුයි! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

නීති රකින පොලිස් නිලධාරීන් අතරේ මේ වගේ දැන දැන නීති කඩන OICලාත් ඉන්නවා! I Sri Lanka Latest News

ලංකාව ගැන ජපානයෙන් හරියටම කියයි! I Sri Lanka Latest News

පිච්චි පිච්චි හිටපු අයට හෙට ඉඳන් පොඩි සැනසීමක්! I Sri Lanka Latest News

2026 වසර නීතියටම වෙන් කරයි! කිසිම දරුවෙක් මත්ද්‍රව්‍යට ගොදුරු නොවන රටක්! කාටවත් ගැති නොවන ස්වාධීන විදෙස් ප්‍රතිපත්තියක්! අනුර නුවරඑළියේදී! PHOTOS I Sri Lanka Latest News

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව අද කැබිනට් මණ්ඩලයට! අපි කිව්වා අනිවාර්යයෙන් කරන්න තීන්දු කළා කියලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.