2022 වසරේ සැප්තැම්බර් මස ඇරඹෙන නව කණ්ඩායම් සඳහා ශ්‍රී ලංකික සිසුන්ගේ අයදුම්පත් බාර ගැනීම නවතා ඇතැයි මහා බ්‍රිතාන්‍යයේ සවුත් වේල්ස් විශ්ව විද්‍යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.
ශ්‍රී ලංකාව මුහුණ දී සිටින වත්මන් දුෂ්කරතා සහ විදේශ විනිමය සීමා කිරීම් හේතුවෙන් මෙම තත්ත්වය උදා වී ඇත.
දැනට සවුත් වේල්ස් විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික සිසුන් බොහොමයක් නියමිත වේලාවට පාඨමාලා ගාස්තු ගෙවීමට අපොහොසත් වී ඇතැයි එම නිවේදනයේ දැක්වේ.
ඒ හේතුවෙන් එම සිසුන් පාඨමාලාවෙන් ඉවත් කිරීමේ අවදානමකට මුහුණ දී සිටින බවත් බ්‍රිතාන්‍යයේ වීසා සහ ආගමන කාර්යාලයේ එම සිසුන් පිළිබඳ පැමිණිල්ලක් ගොනු වීමේ අවදානමක් තිබෙන බවත් සවුත් වේල්ස් විශ්ව විද්‍යාලය පෙන්වා දුන්නේය.










