• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තරු පටි ගලවපු අරගලයක් මැද කොල්ලො වෙනුවෙන් පෙරට ආපු කවුද මේ බ්‍රිගේඩියර් සෝමසිරි…

July 24, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
තරු පටි ගලවපු අරගලයක් මැද කොල්ලො වෙනුවෙන් පෙරට ආපු කවුද මේ බ්‍රිගේඩියර් සෝමසිරි…
Share on WhatsAppShare on Facebook

රට පුරා දැවැන්ත විරෝධතා පැවැති අතරතුරේ ඒකට විවිධ අය සහභාගි වුණා. එහෙම සහභාගි වූ අය අතර එසේ සහභාගි වීමට නීතියෙන් තහනම් අයත් හිටියා. ඒ විදියේ අය තමයි පොලිස් නිලධාරීන්. පොලිස් නිලධාරීන් නීතිය සහ සාමය ආරක්ෂා කිරීමේ රාජකාරිය පැවරිලා තියෙන අතරතුරේ ඔවුන්ට මේ ප්‍රශ්නය තමන්ගේ ප්‍රශ්නය යැයි දැනෙන්න පටන් ගත්තම ඔවුන් අරගල භූමියට ආවා. ඒක හරිද වැරැදිද කියන එක නීතියෙ රාමුවෙන්, නැත්නම් ඒ අයගේ රැකියාවේ ස්වභාවය අනුව මැනගන්න එක ඒගොල්ලන්ගෙ වැඩක්. සාමාන්‍ය ජනතාව විදියට අපට පෙනුණේ ඔවුන් වීරයො විදියට. මේ විදියට මුල්ම නිලධාරියා මේ අය අතරට එකතු වෙන්නේ තමන්ගෙ නිල ඇඳුම පිටින්මයි. ඔහු ඇවිල්ලා ඔහුගේ ප්‍රශ්නය ගැන කතා කරනවා. ඔහුගේ වේදනාව කියනවා. අපි ඔවුන්ගේ නම් ගම් සඳහන් නොකරන්නේ ඇත්තටම ඔවුන් සම්බන්ධව මේ වෙනකොට නීතිමය පියවර අරගෙන තියෙන නිසා සහ මේ විදියට ඔවුන්ගෙ නම් ගම් අපි විශාල වශයෙන් කියවන වෙබ් අඩවි හරහා ලෝකෙට ගියොත් සමහර විට ඒ හරහා ඔවුන්ට නීතිමය පියවර ගැනීමේදී බරපතළ ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිද්ධ වෙන්න ඉඩ තියෙන හින්දා.

ඒ වගේම ඉතාම තීරණාත්මක අවස්ථාවක් වුණේ පසුගිය 09 වැනිදා. ඉතා දැවැන්ත විරෝධතාවක් කොළඹදී සූදානම් වුණා. පිටස්තරයන් විශාල වශයෙන් කොළඹට ආවා. සමහර අය පාගමනින් ආවා. සමහර අය විරෝධතා පුවරු අරගෙන, උද්ඝෝෂණ කරමින් පාර දිගේ පෙළපාළි විදියට ආවා. එහෙම එනකොට මහරගම පැවැති විරෝධය අතරතුරේදී එක්තරා නිලධාරියෙක්, පොලිස් නිල කලිසම සහ පොලිස් ටී ෂර්ට් එක ඇඳලා, හිස් වැසුමත් පැලඳගෙන ඔහුගේ රාජකාරි යතුරුපැදියෙන් නිල වශයෙන් මේ අරගලකරුවන් අතරට එකතු වුණා. ඔහු ඇවිල්ලා හිස් වැසුම පොළවෙ ගහලා අරගලයට සහාය පළ කළා. මේ විදියට තවත් නම් ගම් නොදන්නා අතරමැදි නිලධාරීන් කිහිප දෙනකුත් අරගලයට සහභාගි වෙන අයුරුත් අපි දැක්කා. ඔවුන්ගෙ නම් ගම් ගැන සඳහන් නොවුණත් ඔවුනුත් මේකට සහභාගි වුණු බව අපි දැක්කා. ඒ කියන විදියට මේ අරගලය නිසා සමහර අයගෙ රැකියා පවා නැති වුණා. මේ කතා කරන්න යන්නෙත් ඒ වගේ චරිතයක් ගැන. ඔහු ගැන මේ වෙනකොට ඉතා විශාල වශයෙන් තොරතුරු පැතිරෙමින් තියෙනවා. ඔහු තමයි අනිල් සෝමවීර. කොළඹ ප්‍රදේශය භාර බල සේනාධිපති බි්‍රගේඩියර් අනිල් සෝමවීර. මේ නම් ගම් කියනකොට, මේ තනතුරු කියනකොට අපේ අතින් වරදක් වෙනවා නම් සමාවෙන්න. මොකද අපි දන්නවා මේ හමුදා නිලධාරියෙක්ගෙ තනතුර, තාන්න මාන්න ඉතා වැදගත්. නමුත් සමහර විට මේවා අපේ අතින් එහෙ මෙහෙ වෙන්න පුළුවන්.

ඔහුට ජූලි 13 වැනිදා අග්‍රාමාත්‍ය කාර්යාලය ළඟ තත්ත්වය පාලනය කිරීම සඳහා විශේෂ රාජකාරියක් පැවරෙනවා. මේ අවස්ථාවේදී අපි මේ සිදුවීම සම්බන්ධව අපේ අදහස් පළකරන්නටවත් ඒ සිදුවීමේ හොඳ නරක කියන්නටවත් උත්සාහ කරනවා නෙවෙයි. යම් කිසි අරගල ව්‍යාපාරයක් සිදුවුණා. ඒකට නීතිමය ආකාරයේ බැල්මක් වෙනම තියෙනවා. ඒ වගේම හෘදයාංගම බැල්මක් වෙනම තියෙනවා. අපට ඒක හදවතින් බලනකොට පේන්නෙ එක විදියකට. නීතියෙ ඇසින් බලනකොට පේන්නෙ එක විදියකට. කොහොම නමුත් මේක අරගලය පැත්තෙන් එක විදියක්. රටේ නීතිය හා සාමය පැත්තෙන් තවත් විදියක්. ඒ නිසා ඒ විදිය කොයි විදියද කියන එක අපි අටුවා ටීකා ටිප්පනි සහිතව පැහැදිලි කරන්න අවශ්‍ය නෑ. කොහොම නමුත් මේ නිලධාරියා ඒ වෙලාවෙ කරන දේ හරිද වැරැදිද කියන එකත් අපි ආයෙමත් අර පොලිස් නිලධාරීන් ගැන කිව්වා වගේම තමයි කියන්න වෙන්නේ. ඒකට හේතුව යම් කිසි නිලධාරියෙක් විසින් සිදුකරන කාරණාවක් හරි නම් ඒ හරි වෙන්නේ මනුෂ්‍යයො විදියට සමාන්‍ය පුරවැසියො විදියට නැත්නම් අපි පිටස්තරයන් විදියට බලනකොට අපිට පේන විදිය වෙන්න පුළුවන්. සමහර විට ඔවුන් රැකියාවට බඳවාගන්නා විට ඔවුන්ට පැනවූ නීති රීතිවලට අනුව සමහර විට ඒවා වැරැදි වෙන්නත් පුළුවන්. ඒ නිසා මේවායෙ හරි වැරැද්ද ගැන අදහස් දක්වන්න තරම් අපි දැනුවත් නෑ. නමුත් මේ සිදුවීම ගැන අපි ලිවිය යුතුය. ඒ වගේම මේ නිලධාරියා ගැනත් අපි ලිවිය යුතුයි. ඔහු හොඳ මිනිහෙක්ද, නරක මිනිහෙක්ද කියන එකට එදා සිදුවීම අදාළ වෙන්නේ නෑ. අපි ඔහු ගැන හෙව්වා. ඔහු ගැන හොයනකොට අපිට විවිධ තැන්වල විවිධ දේවල් දකින්න ලැබුණා. ඒ අතරතුරේ අපිට දකින්න ලැබුණා ඔහුගේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් තබා තිබූ ෆේස්බුක් සටහනකුත්. මම තීරණය කළා මේ ලිපියට ඒ තොරතුරු ටික අදාළ කරගන්න. ඒකට හේතුව වෙන්නේ ඔහුගෙ නම ගම පාසලට වඩා වැදගත් වෙන්නේ ඔහු එදා හැසිරුණු විදිය සහ ඔහුගේ දක්ෂතාවන්. ඔහුගේ ආත්ම විශ්වාසය සහ දරාගැනීම ගැන මේ උසස් නිලධාරියා කියන හින්දා.

ඔහු කියනවා ශ්‍රී ලංකා පාබල හමුදාවේ 04 වැනි බළඇණියේ මේ නිලධාරියා අණදෙන නිලධාරියා ලෙස කටයුතු කරද්දී එහි මාණ්ඩලික රාජකාරිය ඉටුකරන නිලධාරියා ලෙස කටයුතු කළේ මේ බි්‍රගේඩියර්වරයා. ඔහු කොච්චර දක්ෂද කියන එක ගැන විවිධ දේවල් මේ නිලධාරියා ලියලා තිබුණා. ඒ අතර ඔහු කියනවා ඔහු විශිෂ්ටතම නිලධාරියෙක්. ඔහු කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ආරක්ෂක කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධිධරයෙක් කියලා. ඒ වගේම යුද හමුදාවේ හිටපු ටෙනිස් ශූරයෙක්. ඒ වගේම මේ පුද්ගලයා යුද්ධයෙන් පසුව හමුදාවට එකතු වෙච්ච ආධුනික නිලධාරියෙක් නෙවෙයි. ඔහු සංග්‍රාම භූමියෙ ඇති පදම් රිදුම් දෙන තුවාල සහිතව වේදනා සහිතව යුද්ධයට සහභාගි වෙච්ච කෙනෙක්. ඒ නිසා ඔහු රණවිරුවෙක් කියන එකට 100% සුදුසුකම් සහිත පුද්ගලයෙක්. මේ මනුස්සයාගේ හැකියාවන් අතර තියෙන ඉතා වැදගත් කොටසක් තමයි මේ ටෙනිස් ශූරයෙක් කියන එක. ඒ වගේම අපේ සොයාබැලීමේදී අපට දැනගන්න ලැබුණා ඔහු බොහෝ ක්‍රීඩාවල දක්ෂතා දැක්වූ අයෙක් බවත්. මේ ක්‍රීඩකයෙක් වීම නිසාම ඔවුන්ට ලැබෙනවා අමතර විනයක්. ඒ වගේම අමතර දරාගැනීමේ හැකියාවක්. ක්‍රීඩාවේදී තරහා ගන්න එක, රණ්ඩු කරන එක, ආවේගශීලී වෙන එක අඩුයි. මේ නිලධාරියාගේ එදින හැසිරීමට හේතුව කුමක්ද යන්න අපි දන්නෙ නෑ. නමුත් ඒ සම්බන්ධවත් විවිධ ආකාරයේ අදහස් ඉදිරිපත් වෙලා තිබුණා. නමුත් අපට ඒ අදහස්වලට වඩා වැදගත් වෙන්නේ ඔහු කවුද කියන එක. ඔහු එක්සත් ජාතීන්ගේ සංවිධානය යටතේ කොංගෝ රාජ්‍යයේ ක්‍රියාත්මක සාමසාධක මෙහෙයුම් නිරීක්ෂකයෙක් හැටියට අවුරුදු ගණනාවක් සේවය කරපු අයෙක්. ඒ වගේම ඔහුට මේ වගේ ඉතා දරුණු සංග්‍රාම භූමියක් සමථයට පත්කිරීමට, කළමනාකරණය කිරීමට විශේෂ හැකියාවක් තිබෙන කෙනකු ලෙසයි සැලකෙන්නේ. ඔහු උද්වේගයෙන් තරහා ගන්නා, කලබල වෙන නිලධාරියෙක් නෙවෙයි කියලා මේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා කියනවා. ‘සමහර වෙලාවට මම මගේ ආවේග ඔහු තුළින් පිටකළත් ඔහු කවදාවත් ඒවට තරහකින් ප්‍රතිචාර දක්වපු කෙනෙක් නෙවෙයි’ කියලා මේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා කියනවා. ඒ කියන්නේ ඔහු කලබල වෙන පුද්ගලයෙක් නෙවෙයි කියන එක. ඔහුගේ නිවැරැදි තීරණ සහ ක්‍රියාවන් නිසා ජීවිත විශාල සංඛ්‍යාවක් බේරුණා වගේම, ශ්‍රී ලංකා යුද හමුදාවේ කීර්තිනාමයටත්, රටේ ජාත්‍යන්තර ප්‍රතිරූපයටත් මේ නිලධාරියාගේ දක්ෂතාවන් තුළින් විශාල පන්නරයක් ලැබුණා කියලත් ජ්‍යෙෂ්ඨ නිලධාරියා කියනවා. එහෙම නම් මේ නිලධාරියා ඉතා වටිනා පුද්ගලයෙක්.

මේ මොහොතේ ඔහු මේ රාජකාරියට එන්නෙත් සමහර විට ඒ තියෙන දක්ෂතාව ඒ තියෙන කැපවීමේ හැකියාව සහ ඒ තියෙන දරාගැනීම ගැන යුද හමුදාව දන්නා නිසා වෙන්න පුළුවන්. ඒ නිසා එදා සංග්‍රාම භූමියේ කුමක් වුණත්, එදා ඔහුට උද්ඝෝෂකයන් අතරදී වෙඩි තියන්නෙ නෑ කියන එක කියන්න සිද්ධ වුණේ උපක්‍රමශීලීවද, නැත්නම් ඔහු එදා වෙඩි තිබ්බා නම් මුළු රටක් ගිනිගනී කියලා ඔහුට හිතුණු නිසාද? මේ වෙනකොටත් අරගල භූමියෙ යම්කිසි විදියකට පාලනය ඔවුන්ගෙන් ගිලිහිලාද තිබුණෙ? මේ දේවල් දන්නෙ ඔහු. කොහොම නමුත් අපි මේ පුද්ගලයො ගැන වර්ණනා කරන්නේ ඔවුන් රණවිරුවො කියන තැන ඉඳලම නෙවෙයි. රණවිරුවෙක් මිනීමරුවෙක් නම් අපි ඒ රණවිරුවාව වර්ණනා කරන තැනක නෑ. රණවිරුවෙක් දුෂ්ටයෙක් නම්, නරක මිනිහෙක් නම්, අපිට ඔහු යුද බිමේ හිටියා කියා කරේ තියාගන්න අවශ්‍ය නෑ. රණවිරුවෙක් නරක නම් අපිට ඔහු පන්නා දැමීමට එකඟතාවක් නැත්තෙ නෑ. නමුත් මනුෂ්‍යයෙක් වීරයෙක් නම් ඔහු ගුණයහපත් නම්, ඔහු දක්ෂයෙක් නම්, ඔහුගේ විනයගරුක බව අපට පිටස්තරින් පේනවා නම් අපි ඔහු ගැන ආදරෙන් කතා කළ යුතුයි. ඒ නිසයි අපි අනිල් සෝමවීර ගැන මේ විදියට කතා කළේ. මෙය ඔහුට කඩේ යෑමක්වත්, ඔහුත් සමග තිබෙන කිසිදු හිතවත්කමක් හින්දාවත් ‘මව්රට’ අපි ලියපු ලිපියක් නෙවෙයි. අපි මේ ලිව්වේ ඔහු ගැන හොයා බලලා දැනගත්ත ඇත්ත. ඒ පිළිබඳ සොයා බලා, ඔහුගේ සේවය අත්හිටුවීම සිද්ධ වෙලා යැයි පැවසුවත් අපට පසුව දැනගන්න ලැබුණා නෑ, ඔහුගේ සේවය අත්හිටුවලා නෑ කියලා. අපි දන්නෙ නෑ හමුදාවේ නීතිමය පසුබිම මොකක්ද කියන්න. ඒ නීතිමය පසුබිම ගැන ප්‍රශ්න කරන්නටවත්, යෝජනා චෝදනා කරන්නටවත්, කිසිදු අවශ්‍යතාවක්වත්, වුවමනාවක්වත්, කැමැත්තක්වත් අපට නෑ. හැබැයි අපි ඔහු ගැන ලිව්වේ ඔහු වීරයෙක් හින්දා. අපි ඔහුට අත්පුඩි ගහනවා. එදා ඔහුගේ ක්‍රියාව හින්දා විතරක් නෙවෙයි. මෙතෙක් අපේ රට වෙනුවෙන් කරපු සේවයට.

ජය වේවා ඔබට…!



ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

ගෝල්ෆේස් ප්‍රහාරය ජිනීවාවලටම යයි! ජාතික ගීය ගයමින් ලාංකිකයෝ ආණ්ඩුවට විරෝධය පළ කරයි! (VIDEO)

Next Post

ලසන්තව ඝාතනය කරපු හැටි, පරීක්ෂණ යට ගිය හැටි, ගෝඨා බලයට එනකොටම රටින් පැනල ගිය රහස් පොලීසියේ IPනිශාන්ත ජාත්‍යන්තර අධිකරණයේදී විශේෂ හෙළිදරව්වක් කරයි…

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.