වාර්තාගත ඉහළ උද්ධමනය, ඉහළ යන භාණ්ඩ මිල, විදුලි හිඟය, ඉන්ධන අර්බුදය ඇතුළු ශ්‍රී ලංකාවේ ආර්ථික කඩා වැටීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ස්වාධීන විශේෂඥයින් අනතුරු අඟවා තිබේ.
ඔවුන් පෙන්වා දී ඇත්තේ, මෙරට ආර්ථික කඩා වැටීම සම්බන්ධයෙන් ගෝලීය අවධානය යොමුවීම කඩිනමින් අවශ්‍ය බව ය.
ජාත්‍යන්තර මූල්‍ය ආයතන, පෞද්ගලික ණය දෙන්නන් සහ වෙනත් රටවල් ශ්‍රී ලංකාවට ආධාර කිරීම සඳහා ඉදිරිපත් විය යුතු බව ඔවුන් සඳහන් කර ඇත.
ණය අර්බුදයෙන් පීඩා විදින රටවල් මුහුණ දෙන බරපතළ ප්‍රතිවිපාක මානව හිමිකම් ක්‍රියාත්මක කිරීමට බලපාන බව විදේශ ණය සහ මානව හිමිකම් පිළිබඳව එක්සත් ජාතීන්ගේ ස්වාධීන විශේෂඥ අටියා වාරිස් පෙන්වා දී තිබේ.
ඇය වැඩිදුරට ත් සඳහන් කර ඇත්තේ, ආර්ථීක අර්බුදය සමනය කිරීම සඳහා වන ක්‍රියාවලියේදී රටේ මානව හිමිකම් කඩ නොවිය යුතු බව ය.










