දෙමළ ජාතික සන්ධානය ඩලස් අලහප්පෙරුම මහතාට සහාය පළ කිරීමට ගත් තීන්දුව සම්බන්ධයෙන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි මහතා එම පක්ෂයේ නායක ආර්. සම්බන්ධන් මහතාට කතාකොට බැන වැදී ඇති බවට හිරු වෙබ් අඩවිය අද පළ කොට ඇති පුවත සම්පූර්ණ අසත්‍යයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා සදහන් කරයි.
ඒ මහතා පෙන්වා දෙන්නේ එවැනි කිසිදු සිදූවීමක් සිදු නොවූ බවත්, හිරු වෙබ් අඩවිය අසත්‍ය පුවතක් පළ කොට ඇති බවත්ය.
එමෙන්ම ඩලස් අලහප්පෙරුම මහතාට සහාය දීමට ගත් තීන්දුවේ කිසිදු වෙනසක් නොමැති බවද සුමන්තිරන් මහතා සදහන් කොට ඇත.










