ස්විස් තානාපති කාර්යාලයේ සේවය කළ නිලධාරිනිය අත්අඩංගුවට ගැනීමත් සමග ඊයේ (16) රාත්‍රියේදීම ස්විට්සර්ලන්ත විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කිරීමට පියවර ගෙන තිබිණ.
ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනිය සම්බන්ධයෙන් සිදුවන පරීක්ෂණ කටයුතු නිසි ක්‍රියාදාමය අනුව සිදු නොවන බවත්, නීතියේ නියමිත ප්‍රතිපාදන අනුව සහ සිය තානාපති කාර්යාලයේ සේවිකාවගේ අයිතිවාසිකම් ආරක්ෂා වන අයුරින් පරීක්ෂණ සිදුවිය යුතු බවත් එම නිවේදනයේ සදහන්ය.
දුර්වල සෞඛ්‍ය තත්වය හා පරීක්ෂණ අවසන් වීමට ප්‍රථම ආණ්ඩුවේ ඇතැම් පුද්ගලයන්ගෙන් ප්‍රසිද්ධියේ එල්ල වන දැඩි විවේචන හමුවේ පැය තිහක කාලයක් ප්‍රශ්න කිරීම සම්බන්ධයෙන් දැඩි විවේචනයක් ස්විස්ටර්ලන්ත විදේශ කටයුතු අමාත්‍යංශය කර ඇත.
තමන් වර්ධනය වන තත්වයන් පිළිබද දැඩි අවධානයෙන් පසුවන බවත්, සිදුවන පරීක්ෂණ කටයුතු රටේ නීති පද්ධතියට හා අන්තර්ජාතික තත්වයන්ට අනුව සිදුවිය යූතු බවත්, තමන්ගේ කාර්ය මණ්ඩල සාමාජිකාව වෙනුවෙන් ලබාදිය හැකි උපරිම සහාය ලබාදීමට කටයුතු කරන බවත් ස්විස් විදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කරයි.










