යුතුකම සංවාද කවය නම් සංවිධානය වෙතින් පොහොට්ටුවට එක් වූ අනූප පැස්කුවල් මන්ත්‍රීවරයා කියන්නේ තම සංවාද කවයේ නායකත්වය දරන ගෙවිඳු කුමාරතුංග මන්ත්‍රීවරයාට ඇත්තේ සජබ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අගමැති කිරීමට බවයි කියන්නේ. එහෙත් තමන් සහය දෙන්නේ පොහොට්ටුවේ වැඩපිළිවෙල අනුගමනය කරන වැ.බ. ජනාධිපති රනිල් වික්‍රමසිංහට බවයි මන්ත්‍රීවරයා කියන්නේ.
“සජීත් අගමැති කරන කතාවක් නේ දැන් උඩට ඇවිත් තියෙන්නේ. එයා කොහෙත්ම අගමැති කමට සුදුසු නෑ. එයා විරුද්ධ පක්ෂ නායකයා. 69 ලක්ෂයේ ජනතාව නියෝජනය කරන්නේ අපේ පොදුජන පෙරමුණ. ජනාධිපති සහ අගමැති පත් වෙන්න අවශ්‍ය අපේ මතයට. සජිත් අරගලය වෙලාවේ ගෙවල් වලටත් ගිනි තියන්න සම්බන්ධයි. එහෙම කෙනෙක් පොදුජන පෙරමුණේ ආණ්ඩුවක අගමැති හැටියට අපි භාරගන්නේ නෑ. කවුරු මොනවා කිවුවත් රනිල් එක්ක අපි හදන්නේ පොහොට්ටුවේ ආණ්ඩුවක්.
මීට අමතරව සජබය නියෝජනය කළ අරවින්ද් කුමාර් මහතාද රනිල් වික්‍රමසිංහට සහාය පළ කරන බව දන්වා තිබෙනවා.










