ස්විට්සර්ලන්ත තානාපති හෑන්ස් පීටර් මොක් මහතා හා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර විශේෂ හමුවක් අද (17) දින පැවැත්වී තිබේ.
අද පෙරවරු 10.30ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම විශේෂ හමුව සිදුව ඇති අතර එහිදී ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනිය සම්බන්ධ සිදුවීම පිළිබදව දෙදෙනා අතර දීර්ඝව සාකච්ජා පැවැත්වී ඇත.
මෙහිදී අදාළ සිදුවීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා රජය පාර්ශ්වයෙන් කරුණු පැහැදිලි කිරීමක් කර ඇති අතර තානාපති කාර්යාලය පාර්ශ්වයෙන් මොක් මහතාද කරුණු පැහැදිලි කිරීමක් කර ඇති බව වාර්තා වේ.
කෙසේවෙතත් ජනාධිපතිවරයා අද දිනයේදී පුවත්පත් කතුවරුන් මුණගැසුණු අවස්ථාවේ මෙම සිද්ධිය පිළිබදවද අදහස් දක්වමින් ප්‍රකාශ කොට ඇත්තේ මෙම සිදුවීමේදී තානාපති කාර්යාලය නිසි ලෙස කටයුතු කර ඇති බවකි.










