• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලක් භූමි මගේ මා පුතුන් නුඹේ… ණය නැහැ අප හට අවසන් මොහොතේ… මේ ජීවිතයේ දුටු සිහිනය මා දිනුවා… මා යන්නම්…

July 17, 2022
in Exclusive
Reading Time: 6 mins read
A A
ලක් භූමි මගේ මා පුතුන් නුඹේ… ණය නැහැ අප හට අවසන් මොහොතේ… මේ ජීවිතයේ දුටු සිහිනය මා දිනුවා… මා යන්නම්…
Share on WhatsAppShare on Facebook

‘මගේ අන්තිම ගමන මේක… මගේ අන්තිම ආසාව මේක…’ යනුවෙන් පවසා ගාලුමුවදොර අරගල භූමියේ පිහිටි ඉතා උස විදුලි පහන් කණුවක් මතට නැඟ එහි ජාතික ධජය රැන්දූ තරුණයා හදිසි අනතුරකට ලක්ව මියගිය පුවත පසුගියදා සමාජ මාධ්‍යවලට හුවමාරු වෙන්නට වුණා. පසුගිය 09 වැනිදා පැවැති ජන අරගලයෙන් අනතුරුව නිවෙස බලා යමින් සිටි ඔහු අලව්ව දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටීමෙන් මියගිය බවයි එම තොරතුරුවලින් කියැවුණේ. කොටුව ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය සහ ජනාධිපති ලේකම් කාර්යාලය අරගලකරුවන් විසින් අත්පත් කරගැනීමෙන් පසු ගෝඨා ගෝ ගම අරගල භූමියේ සතුට සැමරීම සඳහා ඔහු ජාතික ධජය ඉහළ තැනක රැඳවූයේ රැස්ව සිටි ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ ඔල්වරසන් මධ්‍යයේයි. ඔහු එලෙස ජාතික ධජය විදුලි පහන් කණුව මුදුනේ රන්දා දෑත් එක්කොට ආචාර කළ හැටි තවමත් සිතේ නොමැකී තිබෙනවා. එම සිදුවීමෙන් පසු ඔහු ගැන තොරතුරු සොයා යද්දී දැනගන්නට ලැබුණේ ඔහු අලව්ව කුඩුමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි චමින්ද ලාල් කුමාර (39) නැමති තරුණයකු බවයි. ඔහු බේකරික සේවය කර තම දරු පවුල ජීවත් කළා. එදා අරගල බිමට යන ඔහු තම බිරියට හෝ පවසා තිබුණේ නැහැ. ඔහු ගැන බොහෝ දෙනා සමාජ මාධ්‍ය පිටුවල අදහස් පළ කර තිබුණා.

‘ආදරණීය චමින්ද, ඔබට ගමේ අය ආදරයට කිව්වේ මංජු එහෙම නැත්නම් චමින්ද කියලයි. ඔයා 09 වැනිදා සිංහ ධජය, ලයිට් කණුවේ නැඟලා දාලා ලක්මවට වැන්දේ රටට තියෙන ආදරේ නිසයි. ඔයා පැතුවේ ජනතාවටත්, හෙට උපදින දරුවන්ටත් රටක් ඉතිරි කර තබන්නටයි. ඔබ යන්නම ගිහින්. අප ලක්මවගේ ජාතික ධජය අහසේ රන්දා අපට ඒ මතකය ඉතිරි කළා….’

ජූලි 09 කියන්නේ ලංකාවට ආදරේ මිනිස්සු පාරට බැහැලා කෑගහපු දවස. අපට ඔබ වෙනුවෙන් හැඟීමක් සිතට නැඟුණේ ඔබ අපේ මාතෘ භූමිය වෙනුවෙන්ම හඬනැඟුව නිසයි. ඔබ ඒදා ලයිට් කණුවට නඟිමින් අරගලය ජයග්‍රහණය කළ හැටි වින්දා. අපේ රටේ දරුවන් අධ්‍යාපනය අඩාළ වීම නිසාත්, බඩට හරියට කෑමක් නැති නිසාත් දුක් විඳිනවා කියලා හිතුවා. ඔයා තාත්තා කෙනෙක් විදියට තමන්ගේ දරුවා වුණත් පිට දරුවෙක් වුණත් මේ රටේ අර්බුදය නිමා කරන්න උරදෙන්න ඕනේ කියලා හිතුවා. අලව්වේ ඉඳලා අරගලය දවසේ කොළඹ ආවේ රට ගැන තියෙන හැඟීම නිසයි. එදා ස්ටේෂන් එකේ සිටිය කෙනකුටත් ඔබ කියලා තිබුණේ ‘මම රට බේරගන්න යනවා’ කියලයි එදා බලධාරීන් ප්‍රවාහන පහසුකම් නොදෙනකොට දුම්රියක නැඟලා කිටි කිටියේ තදවෙලා ඒ බලාපොරොත්තු වෙනුවෙන් ඔබ කොළඹ ආවා. ඒත් 10 වැනිදා උදේ ඔයාව දක්නට ලැබුණේ දුම්රිය ළඟ වැටිලා ඉන්නවා. ඔයා අපිට නොකියාම යන්න ගිහින්…

ඔයාටත් පොඩි දරුවන් දෙදෙනෙක් ඉන්නවා. ඔයා වගේම රටේ සියලු දෙනා රට මුහුණපා ඇති ආර්ථික අර්බුදයෙන් පීඩා විඳිනවා. ඔබට ඒවා දරාගන්න බැරිවෙන්න ඇති. ඒ නිසාම ගෙදරටත් නොකියාම ඔයා කොළඹ අරගල භූමියට ආවා. එහෙම ආවේ දරුවන්ට රටක් ඉතිරි කරගන්නයි. ඔයා එදා හරියට සතුටට පත්වුණේ ජනාධිපති මැඳුරත් අරලියගහ මන්දිරයත් ජනාධිපති ලේකම් කාර්යාලයත් ජනසතු වුණාම ඒ සතුට වින්දේ අරගල භූමියේ ලයිට් කණුවක නැගලා සිංහ ධජය දාලා ලෙළදෙනකොට ලයිට් කණුවේ මුදුනේ ඉඳලා මේ මාතෘ භූමියට වැන්දා. ඔයා සතුටු වෙලා යාළුවොත් එක්ක දුම්රියේ ගෙදර යනකොට යාළුවන්ට කිව්වේ ‘මගේ අන්තිම ගමන මේක, මගේ අන්තිම ආසාව මේක’ කියලයි. ඒ කිව්ව දේ යාළුවෙක් වීඩියෝ කරලා තබුණා. සිංහ ධජය ගුවනේ ලෙළදෙනකොට අපිට කියාගන්න බැරි සතුටක් ඇතිවුණා. එදා ඔයා ලයිට් කණුවක නගිනකොට ඒ භයානකකම ගැනවත් හිතුවේ නැහැ. ඔයා ලක්මවගේ ඇත්තම වීර පුතෙක්. අන්තිම මොහොතේදී ඔයාගේ යුතුකම රටට ඉෂ්ට කළා…

ඔයා ලස්සන රටක් උදාවීමේ සිහිනය දැක්කා. දැකලා සතුටු වුණා. ඔයාගේ මරණයට ගමේ අය විතරක් නෙවෙයි ලෝකවාසීන්ම දුක් වුණා. ඔයා මාතෘ භූමියට ණය නැති පුතෙක්.

චමින්දගේ හදිසි අභාවය සම්බන්ධයෙන් ඔහුගේ සහෝදරයා පවසා සිටියේ මෙවැන්නක්.

‘අයියා කියන්නේ හිත හයිය කෙනෙක්. එයාට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. ඒ දරුවන්ගේ අනාගතය ගැන හිතලා ඒ කරපු දේ ගැන සතුටු වෙනවා. අයියා නැතිවුණු එක ගැන දුකයි. අපිට හිතාගන්නවත් බැහැ. ඒ දරුවෝ දෙන්නට පුළුවන් නම් උදව් කරන්න. පොඩි පුතා ඉස්කෝලේ හතර වසරේ. ලොකු දරුවා සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටිනවා. ඒ දරුවෝ දෙන්නට ඉගෙනගන්න පුළුවන් නම් උදව්වක් කරන්න…’

අපේ රටේ දනට පිනට නැඹුරු වූ බොහෝ අය සිටිනවා. මේ අහිංසක දරු දෙදෙනා වෙනුවෙන් පුළුවන් උපකාරයක් කරන ලෙස අපි එවැනි සත්පුරුෂයන්ගෙන් ඉල්ලා සිටිනවා. දරුවන් සම්බන්ධ කරගත හැකි දුරකතන අංකයයි මේ. 0713321925

අරගල භූමියේදී තවත් තරුණයෙක් පසුගිය 13 වැනිදා මියගියා.

අග්‍රාමාත්‍ය කාර්යාලය ඉදිරිපිටදී පොලිසිය එල්ල කළ කඳුළු ගෑෂ් ප්‍රහාරයට ලක්ව සිටි ඔහු ආසාදන තත්තවයක් හේතුවෙන් එලෙස මියගොස් තිබුණා.

26 හැවිරිදි ජාලිය දිසානායක නම් මේ තරුණයා පදිංචිව සිටියේ කුරුණෑගල දළදාගම ප්‍රදේශයේ. ඔහු සිඟිති පුතකුගේ ආදරණීය පියෙක්.

ආදරණීය ජාලිය,
ඔයාගේ පුතාට කවදා හරි කියයි තාත්තාත් ජාතිය වෙනුවෙන් පණ දීපු විරයෙක් කියලා. ඒක ඔයාගේ පුතාට දවසක ආඩම්බරයෙන් කියන්න පුළුවන්. ඉතිහාසය ඉගෙන ගනිද්දී 22 වැනි සියවසේ පුතාගේ ඇස්වලින් කදුළු වැටෙයි. ඒදාට හැම කෙනෙක්ම කියාවි ඔබේ තාත්තා වීරයෙක්, තාත්තා පණ දුන්නේ නිදහස් ලංකාවක් බිහිකරන්නට බව. ඔයාගේ බිරිඳ අමාරුවෙන් දුක දරාගනියි. ඔයාගේ යාළුවෝ කියලා තිබුණේ ‘රටට කළ කැපකිරීම්වලට ස්තුතියි මචං’ කියලයි. ‘උඹ දැන් අපෙන් ගොඩාක් ඈතට ගිහින් ඉවරයි.

ඒ අරගලය නිසා සිදුවූ තවත් දුක්ඛිත සිදුවීමකි.

වත්මන් දේශපාලන අර්බුදය නිසා රටේ බොහෝ දෙනෙක් දුක් විඳිනවා. ඒ අතර අපේ රටේ පුංචි දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කරගෙන මේ දේශපාලනඥයන් නිසා වන්දි ගෙවමින් සිටිනවා. මේ දුක්විඳින අහිංසක දරුවන් ගැන සමාජ මාධ්‍යයේ පළවූ දුක්ඛිත කතාවක්. ඒ කතාව අපේ හදවත් කම්පා කළා. දරුවන් මේ තරම් ගස් ගල් යට දුක්විඳිනවාද කියලා හිතුණා.

‘මගේ අක්කාගේ පුතා 08 වැනිදා රෑ දොළහට තනියම ෆුට් බයිසිකලයෙන් අඹේපුස්සේ ඉඳන් කොළඹ ගෝඨා ගෝ ගමට ඇවිත්. ඔහු මේ අවුරුද්දේ සාමාන්‍ය පෙළ විභාගය කරන්න ඉන්න දරුවෙක්. උදේ 6ට කොළඹට ඇවිත් බයිසිකලේ තියන්න තැනක් නැහැ කියලා දෙල්කඳට ඇවිත් අපේ ගෙදරින් බයිසිකලේ තියලා ආයෙමත් අරගල භූමියට ගියා. නිදි මතයි පුංචි කියලා අරගල බිමේ ගහක් යට නිදි. උඹ පතන ලෝකය වැඩි ඈතක නොවෙයි පුතේ….’ යනුවෙන් ඇය සිය සටහනේ දක්වා තිබුණා.

මේ අහිංසක දරුවන් දුක් විඳින්නේ ඔවුන්ට අධ්‍යාපනය ලබන්නට තිබෙන කාලය කැපකරලයි. රටේ දේශපාලකයන්ගෙ ප්‍රශ්නවලට මේ අහිංසක දරුවන් පලි නැහැ. මේ දරුවන්ගේ ජීවිත කොයි තරම් අවදානමකද කියලා අපට හිතාගන්නවත් බැහැ. හැම පැත්තකින්ම දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වෙලා.

මේ සියල්ලන්ගේම ඉල්ලීම්වල ආර්ථික සහ සදාචාරමය පදනමක් තිබ්බා. ඔයාලා සමුගෙන ගියත් ඒ වීරත්වය අපට කවදාවත් අමතක වෙන්නේ නැහැ. ඔයාලා සැබෑම වීරයෝ. අනාගතයේ මේ පියවරු අහිමි වූ දරුවන්ගේ ඇස්වලින් කඳුළු වැටෙයි නිදහස් මාතෘ භූමියක් වෙනුවෙන් සටන් වැදුණේ අපේ පියවරු කියලා. මෙහෙම දෙයක් රටට වුණේ බල තණ්හාවෙන් පිරුණු නායකයෝ වැඩි පිරිසක් ඉන්න නිසයි. ඒත් මේ අරගලය ජයගත්තේ ඒ දූෂිත දේශපාලකයන්ට එරෙහිව දහස් ගණනක් එක තැනකට එකතු වුණු නිසයි. මිනිසුන්ගේ බලාපොරොත්තුවල අවසාන භාගයේයි දැන් අපි පසුවන්නේ. ඔයාලා ආවේ මේ පොළොව වෙනුවෙන් මැරෙන්නයි.

රටේ අනාගතය භාරගන්නා දරුවන් ගැන කියැවෙන මේ ගීය අපේ මතකයට නැගෙන්නේ නිතැතින්මයි. ඒ ගීය ගායනා කරන්නේ සුජාතා අත්තනායක මහත්මියයි.

‘නුඹට රටක් ඇත පුතුනේ
නුඹට දැයක් ඇත පුතුනේ
කොහේ ගියත් කුමක් කළත්
උරුමය නුඹටයි පුතුනේ…’

අපි ලක්වාසීන් විදියට ජය පැන් බොන්නට කලින් රට වෙනුවෙන් දිවි පිදූ පුද්ගලයන් වෙනුවෙන් යමක් කළ යුතුයි. මේ අයට ගෞරව කළ යුතුයි. බොහෝ දෙනෙකුට කදුළු ගෑස් වදින්නට ඇති. ඔවුන් මේ සියලු දුක් වේදනා වින්දේ රට වෙනුවෙන්. බොහෝ දෙනෙක් රෝහල් ගතවෙලා තවමත් ප්‍රතිකාර ලබනවා. සමහරු දැඩිසත්කාර ඒකකයේ. ඒ නිවෙස්වල අද සතුටෙන් බතක් ඉදෙන්නේ නැහැ. ඒ අය වෙනුවෙන් අසල්වසීන් විදියට සොයාබලා ඔවුන් වෙනුවෙන් එකතු වෙමු. ඔවුන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු. රට වෙනුවෙන් ලේ වැගිරූ සියලු දෙනාට ජාතියේ උපහාරය….

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

බොරුව අතේ මාට්ටු! ගිය සතියෙ ඉල්ලා අස්වුණා කියපු අමරවීර තාම ඇමැතිකමේ වැඩ! කාටද මේ බොරු කරන්නේ!

Next Post

සජබෙ පිට පිට තුන්වෙනි දිනටත් රැස්වෙයි! ජනාධිපති ජන්දය ගැන දීර්ඝව කතා කරයි! (VIDEO)

MORE NEWS

අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට දිසා විනිසුරුවන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළත් අධිකරණ සේවා සංගමය ඒකමතිකව විරුද්ධ වෙයි! ඡන්ද විමසුමේදී ආපු 65ම විරුද්ධව ඡන්දය දීලා! Sri Lanka Latest News
Exclusive

කලින් ඒකමතිකව යෝජනාවකුත් සම්මත කළා! විශාල අවුලක්! විනිසුරුවරුත් ඉන්න අධිකරණ සේවා සංගමය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට දැඩි විරෝධය පළ කරමින් අධිකරණ ඇමැතිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News
Exclusive

නාමල් වහාම ජනමත විචාරණයක් ඉල්ලයි! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී EPF-ETF එකට විශාල බලපෑමක් වුණා! වහාම නිවැරදි කරන්න! විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි! I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

බයික් එක පාර අයිනෙ නතර කරපු කොල්ලට නිකරුණේ සද්දෙ දාපු වතුපිටිවල SI මතකද? කොල්ලත් අතෑරියේ නෑ! වීඩියෝ එක එළියට දැම්මට පස්සේ අන්න වැඩ තහනම් වෙලා! චෝදනාව රාජකාරියට නුසුදුසු වන ආකාරයට හැසිරෙමින් මහජනතාවට තර්ජනාත්මක ප්‍රකාශ සිදුකිරීම! VIDEO I Sri Lanka Latest News

Load More
අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට දිසා විනිසුරුවන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළත් අධිකරණ සේවා සංගමය ඒකමතිකව විරුද්ධ වෙයි! ඡන්ද විමසුමේදී ආපු 65ම විරුද්ධව ඡන්දය දීලා! Sri Lanka Latest News
Exclusive

කලින් ඒකමතිකව යෝජනාවකුත් සම්මත කළා! විශාල අවුලක්! විනිසුරුවරුත් ඉන්න අධිකරණ සේවා සංගමය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට දැඩි විරෝධය පළ කරමින් අධිකරණ ඇමැතිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ දිසා විනිසුරුවරුන් සහ මහේස්ත්‍රාත්වරුන් නියෝජනය කරන ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය (JSA) විනිසුරුවරුන්ගේ ව්‍යවස්ථාපිත විශ්‍රාම වයස දීර්ඝ කිරීම...

Read more
රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

නාමල් වහාම ජනමත විචාරණයක් ඉල්ලයි! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී EPF-ETF එකට විශාල බලපෑමක් වුණා! වහාම නිවැරදි කරන්න! විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි! I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.