අ.පො.ස. සාමාන්‍ය පෙළ සමත්වූවන් 130,000කින් සමන්විත බහුකාර්ය සංවර්ධන කාර්ය සාධන බළකායක් පිහිටුවීමට ආණ්ඩුව තීන්දු කර ඇත.
ඒ සම්බන්ධයෙන් වූ කැබිනට් පත්‍රිකාව මේ වනවිටත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින්ම ඉදිරිපත් කොට ඇති බව දැනගන්නට තිබේ.
මාස 6ක පුහුණුවකින් පසු මෙම කණ්ඩායම ලබන ජනවාරි 15 දින සිට වෙනම දෙපාර්තමේන්තුවක් යටතේ ස්ථාපිත කිරීමට නියමිතය.










