• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කවුරුත් නොදන්න මීගමුවේ හැංගිලා තියෙන රාජපක්ෂ වලව්ව…

July 12, 2022
in Exclusive
Reading Time: 4 mins read
A A
කවුරුත් නොදන්න මීගමුවේ හැංගිලා තියෙන රාජපක්ෂ වලව්ව…
Share on WhatsAppShare on Facebook

මැග්ඩලීන් හවුස් ලෙස මුලින් හැඳින්වෙන මැග්ඩලීන් වාසල වලව්ව සහ රාජපක්ෂ වලව්ව ලෙසද හැඳින්වෙන මීගමුවේ මැග්ඩලීන් වලව්ව වර්ෂ 1860 ආසන්න කාලයේ ඉදිකොට ඇත. මුදලිඳු සහ සාමවිනිසුරු ජෝන් ද සිල්වා රාජපක්ෂ මෙහි මුල් හිමිකරු වන අතර ඔහුගෙන් පසු ඔහුගෙන් පැවත එන්නන් භුක්තිවිඳින ලදුව වර්තමානය දක්වා පැවත එයි. වර්ෂ 1860 ආසන්න කාලයේදී ජෝන් ද සිල්වා රාජපක්ෂට වයස 19¤ තරම් බැවින් බොහෝවිට ඔහු වෙනුවෙන් ඔහුගේ පියා විසින් මෙහි මුල් නිවෙස ඉදිකළා විය හැකිය. ‘මැග්ඩලීන් හවුස්’ ලෙස මෙම නිවෙස නම්කොට ඇත්තේ මුදලි ජෝන් ද සිල්වා මීගමුවේ මුහන්දිරම් ෆ්‍රැන්සිස් මෙන්ඩිස් අබේසේකරගේ මිණිබිරියක වූ මේරි මැග්ඩලීන් අබේසේකර සමග වර්ෂ 1861දී විවාහ වූ හෙයින් තම බිරිඳ සිහිකිරීම පිණිසය. බොහෝ විට සරණ බන්ධනය සහ ගෙට ගෙවැදීම එකවිට සිදුවූ බවට උපකල්පනය කළ හැකිය.

වලව්ව නැත්නම් බංගලාව ලෙස හෝ වෙනත් නම්වලින් හැඳින්වෙන, වර්තමානයේ දක්නට ඇති වසර සියයකට ආසන්න හෝ ඊට වඩා පැරණි වූ නිවාස ඉදිකිරීමට ඉවහල් වූ සමාජ, ආර්ථික පසුබිම ගවේෂණාත්මකව හෙළිදරව් කරගත යුතු වැදගත් ඉතිහාසයක් වන අතර ලංකාවේ පිහිටා ඇති පැරණි නිවෙස් ඉදිකොට ඇති සමාජ පන්ති 04ක් මූලිකව (අනුපිළිවෙළකට නොවේ) හඳුනාගත හැකිය.

කන්ද උඩරට රජ සමයේ සිට මාලිගාවේ නිලතල හෙබවූ රදළ පේරුවේ නිලමේවරුන්ගේ නිවාස. මෙයින් සමහරෙක් බි්‍රතාන්‍ය ආණ්ඩුවේද නිලතල හොබවා ඇත.
උදාහරණ : පානබොක්කේ, මීදෙණිය, නුගවෙල

පහතරට මුදලි, මුහන්දිරම් පේරුවේ නිවෙස් සහ බි්‍රතාන්‍ය යටත් විජිත ආණ්ඩුවේ සියලු මුලාදෑනීන්ගේ නිවෙස්.
උදාහරණ : ඔබේසේකර, බණ්ඩාරනායක, දැරණියගල, ඉලංගකෝන්

බි්‍රතාන්‍ය ආණ්ඩුව යටතේ රේන්ද, පතල් වැනි ව්‍යාපාරවලින් දියුණු වූ ඉඩම් හිමි පන්තිය.
සේනානායක, පවුලිස් සිල්වා, ද සොයිසා, ආටිගල

කුරුඳු වෙළෙඳාමට සම්බන්ධ මහබද්දේ දෙපාර්තමේන්තුවට සම්බන්ධ පවුල්.
උදාහරණ : බලපිටිය අහුන්ගල්ල අවට බොහොමයක් වලව් පවුල්, කප්පින වලව් පරපුර, මුදලි ජෝන් ද සිල්වා රාජපක්ෂගේ පරපුර, මිරැන්ඩෝ පරපුර

ඉහත කී සිවුවැනි පරපුරට අයත් මුදලි ජෝන් ද සිල්වා රාජපක්ෂ ඉදිකළ මෙම ගෘහය ඉදිකිරීමට අවැසි ශක්තිය ගොඩනැගුණු සමාජයීය හා ආර්ථික පසුබිම පිළිබඳ ඉතිහාසය දැන් විමසා බලමු. පෘතුගීසි පාලන සමයේ සිට ලංකාවේ ඉබේ වැවෙන කුරුඳු නිස්සාරණය කොට යුරෝපා රටවලට අපනයනය කිරීමෙන් ලංකාවේ කුරුඳු වෙළෙඳාම ආරම්භ කළ අතර කුරුඳු වගාව සම්බන්ධව මහබද්දේ දෙපාර්තමේන්තුව නම් රාජ්‍ය ආයතනයක් ඇතිකළ අතර මහබද්දේ කපිතාන් යන නිලධාරියා යටතේ එය ක්‍රියාත්මක විය. දහහත්වැනි සියවසේදී ලංකාව අත්පත් කරගත් ලන්දේසීහුද පළමුව ඉබේ වැවෙන කුරුඳු වෙළෙඳාමට යොදාගත්‍තද පසුව වඩා විධිමත්ව කුරුඳු වෙළෙඳාම සංවර්ධනය කිරීමට උත්සාහ කළෝය. ඔවුන් මරදාන, කුරුඳුවත්ත, කදිරාන සහ කටුනායක යන ස්ථානවල ප්‍රථමයෙන් ආණ්ඩුව සතු කුරුඳු වගා ආරම්භ කොට ඇත. ලන්දේසින්ද මහබද්දේ දෙපාර්තමේන්තුව කුරුඳු වෙළෙඳාම හරහා රජයට ආදායම් එකතු කිරීමේ ආයතනයක් ලෙස අඛණ්ඩව පවත්වාගෙන ආ අතර එම වෙළෙඳාම හැසිරවීමට සම්බන්ධව දේශීය ප්‍රභූ පන්තියක්ද බිහිවිය. ඔවුන් බොහොමයක් බලපිටිය, අහුන්ගල්ල ආශ්‍රිතව වාසය කළ අතර වත්මන් කළුතර දිස්ත්‍රික්කයේ සහ ගාලු දිස්ත්‍රික්කයේ කොස්ගොඩ, වැලිතර, මාදම්පේ, රත්ගම, දඩල්ල, මාගාල්ල, ලනුමෝදර වැනි ප්‍රදේශවල සාරවත් කුරුඳු වතු පැවැති අතර ඒ අවට ගම්වල කුරුඳු වෙළෙඳාමේ සේවා සපයන්නෝද වාසය කළෝය. ලන්දේසි සමයේ සිට කුරුඳු වෙළෙඳාමට සම්බන්ධ මුදලි තත්ත්වයේ ප්‍රභූන් ලෙස මිරැන්ඩෝ, සොයිසා රාජපක්ෂ, ද ආබ්‍රෙව් රාජපක්ෂ, මෙන්ඩිස් වික්‍රමනායක, ද සිල්වා රාජපක්ෂ යන පරම්පරා මූලිකව හඳුනාගත හැකිය. ලන්දේසීන්ගෙන් පසු ඉංග්‍රීසින්ද කුරුඳු වගාව ප්‍රධාන ආදායම් මාර්ගයක් ලෙස භාවිත කළ අතර වර්ෂ 1815 වන විට ආණ්ඩුවේ කුරුඳු වතු අක්කර 11,426කින් කුරුඳු රාත්තල් 205,164ක් ලැබී ඇති අතර කදිරාන අක්කර 4,106කින් රාත්තල් 49,487ක් සහ ඒකල අක්කර 1,598කින් රාත්තල් 32,542ක්ද ලැබී ඇත. ඒකල සිට කටුනායක, කදිරාන දක්වා පැවැති මේ කුරුඳු ඉඩම් පසුව පොල් වගාවට පෙරළීමෙන්ද ඊටත් පසුව ඒ වතු ජනාවාස, වෙළෙඳ සහ කාර්මික කලාප, ගුවන්තොටුපළ, හමුදා කඳවුරු ආදියට වෙන්කිරීමෙන්ද කාලානුරූපීව වෙනස්වී ඇත. මීගමුව අවට මේ කුරුඳුවල උසස් තත්ත්වය වෙනුවෙන් ජාත්‍යන්තර පිළිගැනීමක්ද ලැබී තිබූ අතර කුරුඳු ව්‍යාපාරයේ යම් ප්‍රාමාණික වෙළෙඳ කොටසක් කදිරාන, කටුනායක කුරුඳු නියෝජනය කළේය. වර්තමානයේ කටුනායක ගුවන්තොටුපළ, ගුවන් හමුදා කඳවුරු ආදිය පිහිටා ඇති, ඒ සඳහා අක්කර දහසක් ලබාදුන්, මුතුවාඩිය රාජපක්ෂ වලව්වෙන් පාලනය වූ, බලපිටිය මහා කප්පින වලව්වේ වාසල මුදලි ටියුඩර් රාජපක්ෂ (මීගමුව මැග්ඩලීන් වලව්වට ඔහුගේ ඇති සම්බන්ධය පහත කියැවේ) ගේ කදිරාන වතුයාය ( කුරුඳු සහ පොල්) සහ මැග්ඩලීන් වලව්වේ කදිරාන ප්‍රදේශයේ කුරුඳු වතුද, 1915 සිංහල මුස්ලිම් කෝලාහල සමයේදී ඉංග්‍රීසි ආණ්ඩුවෙන් වෙඩිතබා ඝාතනය කළ පුරෝගාමී බෞද්ධ නායකයෙකු වූ රිචඩ් ඒඩි්‍රයන් මිරැන්ඩෝගේ අක්කර 800ක උළු අම්බලම වතුයාය (කුරුඳු සහ පොල්) යන වතුවල කුරුඳු වගාකොට තිබූ අතර කටුනායක, හීනටියන, උන්නාරුව, යටියන, දැවමොට්ටාව, පීල්ලවත්ත, ආඬිඅම්බලම, කටියල වැනි ඒ අවට ගම්මානවල කටුනායක, කදිරාන කුරුඳු කලාපයේ සේවා සපයන්නන් වාසය කළ අතර වර්තමානයේද ඔවුන්ගෙන් පැවැත එන්නන් එම ගම්වල වාසය කරයි.

ලංකාවේ ඉහළ ප්‍රභූ පැලැන්තියේ අගනුවර වාසස්ථානය ලෙස කුරුඳුවත්ත ජනප්‍රිය වීමටද ප්‍රථම දකුණේ කුරුඳු වෙළෙඳාමට සම්බන්ධ ප්‍රභූ පවුල්වල කොළඹ නිවාස පිහිටා තිබුණේ මුතුවැල්ල (Mutuwal) ප්‍රදේශය හා ඒ අවටය. බොහෝ විට ඒ කොළඹ වරාය හරහා ඔවුන්ගේ ගනුදෙනු සිදුවීම සහ ආණ්ඩුවේ පරිපාලන කටයුතු කොළඹ ආශ්‍රිතව සිදුවීම නිසා විය හැකිය. කොළඹ කුරුඳුවත්ත ප්‍රදේශය ඒ අවධියේ පැවැතියේ කුරුඳු ඉඩමක් හැටියටය. ජෝන් ද සිල්වාගේ පියා වූ ඔගස්ටීන් ද සිල්වා සමරවීර රාජපක්ෂගේ ‘රාජපක්ෂ වලව්ව’ සහ බලපිටිය කප්පින වලව්වේ මහවිදාන මුදලි සැම්සන් රාජපක්ෂගේ ‘කාරළු වලව්ව’ද මෙම ප්‍රදේශයේ පිහිටියේය. ගාල්ල නාඔටුන්නේ මුදලිවරයකු වූ ජෝන් ද සිල්වාගේ සීයා සිමියොන් ද සිල්වා සමරවීර රාජපක්ෂ නම් වූ අතර ඔහු හෝ ඔහුගේ පුත් ඔගස්ටීන් රාජපක්ෂ කොළඹ නිවාස ඉදිකොට ඇති අතර කදිරාන සහ ඇවරියවත්ත කුරුඳු වගාවන්ට ළඟම සශ්‍රීක නගරය මීගමුව වූ හෙයින් ගාල්ලේ රාජපක්ෂවරු කොළඹ හරහා මීගමුවට සංක්‍රමණය වූවා විය හැකිය. වර්ෂ 1840 සිට නොයෙකුත් ඉඩම් ආඥා පනත් මගින් ඉංග්‍රීසි ආණ්ඩුව අත්පත් කරගත් දේශීය ඉඩම්, විශේෂයෙන් මීගමුව, කුලියාපිටිය, කුරුණෑගල, හලාවත වැනි ප්‍රදේශවල පොල් ඉඩම්ද මෙම ප්‍රභූ පරපුර මෙන්ම රේන්ද, පතල් වැනි ව්‍යාපාර හරහා දහනව වැනි, විසිවැනි සියවස්වලදී සපයාගත් ප්‍රාග්ධන සම්පාදනයෙන් බිහිවූ නව බුර්ෂුවා පන්තියද මිලදීගෙන ඇත.

ජෝන් ද සිල්වා විජේගුණරත්න සමරවීර රාජපක්ෂ වර්ෂ 1841 දී කොළඹ මුතුවැල්ල රාජපක්ෂ වලව්වේ උපන් අතර කොළඹ ශාන්ත තෝමස් විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරීය. ඔහුගේ පියා ඔගස්ටීන් ද සිල්වා සමරවීර රාජපක්ෂ වූ අතර මව සීමන් මෙන්ඩිස් අබේසේකරගේ දියණියක වූ සෙලෙස්ටීන් අබේසේකරය. අධ්‍යාපනයෙන් පසු ඔහු රාජ්‍ය සේවයට ඇතුළත් වූ අතර කුරුණෑගල සහ මීගමුව කච්චේරිවල සරප් මුදලිවරයකු ලෙස සේවය කළේය. බි්‍රතාන්‍ය ආණ්ඩුව සමග සමීප සම්බන්ධයකින් කටයුතු කළ ඔහු වසර 22ක රාජ්‍ය සේවයෙන් පසු වර්ෂ 1892 දී විශ්‍රාම ගත් පසු වසර 12ක් සඳහා මීගමුව නගර පාලක සභාවටද, මීගමුව දිස්ත්‍රික් මාර්ග කමිටුවට සහ වසර තුනක් කොළඹ දිස්ත්‍රික් මාර්ග කමිටුවටද තේරී පත්විය. ඊට අමතරව ඔහු තම කුරුඳු, පොල් සහ කුඹුරු ආදී වතුපිටි පාලනයේද යෙදුණු අතර මීගමුව උසාවියේ ඉංග්‍රීසි භාෂාව භාවිත කරන ජූරි සභිකයකු ලෙසද කටයුතු කළේය. ඔහුට හිමි ඉඩම් අතර පිටිගල් කෝරළේ දකුණේ පිහිටි අක්කර 475ක කොස්හේන සහ ආඬියාගාර වතුයායන්ට අමතරව මීගමුව දිස්ත්‍රික්කයේ හොරහේන සහ ලිලීඩේල් වතුද විය. ජෝන් ද සිල්වා සහ මැග්ඩලීන් යුවලගේ වැඩිමහල් පුතු වාසලමුදලි එඩ්මන්ඩ් රාජපක්ෂ වූ අතර තවත් පුතකු වූ විල්ෆ්‍රඩ් මාර්ටින් රාජපක්ෂ මීගමුව උසාවියේ නීතිඥවරයකු ලෙස සේවය කළේය. තවත් පුතකු වූ වෝල්ටර් බෙන්ජමින් රාජපක්ෂ ඉඩම් හිමි වැවිලිකරවකු විය. රාජපක්ෂ යුවලගේ එක් දියණියක වූ ඇග්නස් ජෙමීමා රාජපක්ෂ කොළඹ නීතිඥ සහ නොතාරිස්වරයකු වූ ෆ්‍රෙඩ් ද සොයිසා සමග විවාහ වූ අතර දෙවැනි දියණිය ෆාන්සස් ලිලී රාජපක්ෂ බලපිටිය කප්පින වලව්වේ වාසලමුදලි ටියුඩර් රාජපක්ෂ සමග විවාහ වූවාය. ඔහුගේ බාලම දියණිය වූ ලූසී ග්‍රේස් රාජපක්ෂ කොළඹ මුහන්දිරම් එඩ්වඩ් ද සොයිසාගේ පුත් වූ ජෝන් එඩ්වඩ් ද සොයිසා සමග 1903දී විවාපත් වූ අතර වර්තමානයේ මීගමුවේ සමුපකාර සමිතියේ ප්‍රධාන කාර්යාලය පවත්වාගෙන යන ‘ග්‍රේස්ලීන්’ මන්දිරයේ ජීවත් වූහ.

මුදලි ජෝන් ද සිල්වා රාජපක්ෂගේ ඇවෑමෙන් මෙම වලව්ව හිමිවූයේ ඔහුගේ වැඩිමහල් පුත් වාසල මුදලි ඇලෙක්සැන්ඩර් එඩ්මන්ඩ් ද සිල්වා විජේගුණරත්න සමරවීර රාජපක්ෂටය. ඔහු වර්ෂ 1866 කොළඹදී උපන් අතර කොළඹ වෙස්ලි සහ රාජකීය විද්‍යාලයන්ගෙන් අධ්‍යාපනය හැදෑරීය. ඉන්පසු වසර 03ක් ඔහු ලංකා කෘෂිකර්ම විද්‍යාලයේ කෘෂිකර්මය පිළිබඳ වැඩිදුර අධ්‍යාපනය ලද අතර එම විදුහලේ ඉලක්ක සර්වාකාරයෙන්ම සම්පූර්ණ කළ එකම උපාධිධාරියා ලෙස ඔහු එවක සැලකිනි. ඉඩම් හිමි වැවිලිකරුවකු ලෙස සිය වෘත්තීය ජීවිතය තම පියාගේ හොරහේන වතු යායෙන් ආරම්භ කළ ඔහු, කෘෂිකාර්මික වගාවන්ට උචිත පොහොර ගැන ලංකාවේ විවිධ ප්‍රදේශවල පොල්වතු ආශ්‍රිතව විශාල වශයෙන් කළ පර්යේෂණ නිබන්ධනයක් ලෙස කොළඹ ෆෘඩන්බර්ග් සහ සමාගමෙහි මුද්‍රණය කොට ප්‍රසිද්ධ කළේය. වර්ෂ 1900 මුල වන විට ඔහු වාර්ෂිකව රුපියල් 10,000ක කෘත්‍රිම පොහොර තමන්ගේ වතු වෙනුවෙන්ද ඒ හා සමාන ප්‍රමාණයක් තම පියාගේ වතු වෙනුවෙන්ද මිලයට ගත්තේය. ඔහුට හිමි මීගමුව දිස්ත්‍රික්කයේ අමන්දොළුව සහ හෙබිල්බද්දර වතුද හලාවත දිස්ත්‍රික්කයේ බත්ගම්පොල සහ තබ්බෝව වතුද කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඉරබඩගම සහ තවත් කුඩා වතු කීපයකටද අමතරව අක්කර 1000ක් වූ ඔහුගේ මස්සිනා වූ වාසල මුදලි ටියුඩර් රාජපක්ෂට හිමි කටුනායක – කදිරාන අතරවූ කදිරාන වතුයායේ (කුරුඳු සහ පොල්) පාලිත ප්‍රධානියෙක් වූ අතර ලංකාවේ තවත් ප්‍රසිද්ධ වතු කීපයක් වූ මීගමුව දිස්ත්‍රික්කයේ කටුකෙන්ද වත්ත, දකුණු පළාතේ කැකිරිකන්ද සහ කොහිලවගුර (තේ සහ පොල්) වතු ඔහු බදු පදනම මත පාලනය කළේය. වර්ෂ 1927 වන විට ඔහු ඉඩම් අක්කර 1,664ක හිමිකරුවකු විය. ඒ.ඊ. රාජපක්ෂ තම කදිරානේ පිහිටි ඉඩමේ කොප්පරා නිෂ්පාදනය කළ අතර ඔහුගේ චිරප්‍රසිද්ධ S.A.D.R. KADIRANA වෙළෙඳ නාමයෙන් යුත් කුරුඳු එංගලන්තයට අපනයනය කළේය. ඔහුගේ කෘෂිකාර්මික නිෂ්පාදන උදෙසා දෙස් විදෙස් රන් හා රිදී පදක්කම් සහ සහතික ලැබුණු අතර කුරුඳු සහ කුරුඳු තෙල් උදෙසා වර්ෂ 1904දී ශාන්ත ලුයිස් ප්‍රදර්ශනයේදී සහ 1906 ජූනි මාසයේදී ලංකා කෘෂිකාර්මික සමාජය එළිදැක්වූ කෘෂිකාර්මික උද්‍යාන විද්‍යා ප්‍රදර්ශනයේදී ලැබුණු රන් පදක්කම් ඒ අතරින් සුවිශේෂ වේ. වර්ෂ 1903 දී බි්‍රතාන්‍ය ආණ්ඩුකාර ශ්‍රීමත් වෙස්ට් රිජ්වේ ඔහුට මුහන්දිරම් තනතුර පිරිනැමූ අතර 1906 දී ආණ්ඩුකාර හෙන්රි බ්ලේක් ඔහුට වාසලමුදලි තනතුර පිරිනමනු ලැබීය. ඒ.ඊ රාජපක්ෂ වර්ෂ 1889දී මුහන්දිරම් ජෝන් ඇලෙක්සැන්ඩර් මෙන්ඩිස් ගුණසේකරගේ දියණියක වූ ඇලෙක්සැන්ඩ්‍රා ඇලිස් එංගල්තිනා හා විවාහවූ අතර ඔහුට ජෝන් එරික් පර්සිවල් සහ ලීලා මිල්රඩ් නමින් පුතෙක් සහ දියණියක් විය.

වර්ෂ 1922 දී ඒ.ඊ. රාජපක්ෂ මීගමුව නගර සභාවේ පළමු නගරාධිපති ලෙස පත්වූ අතර ඔහු දෙවතාවක්ම එම ධුරය දැරීය. 1932 දී ලංකා නගර සභා සම්මේලනයේ ප්‍රථම සභාපති ධුරයටද ඔහු පත්විය. වර්ෂ 1931 දී ඩොනමෝර් කොමිෂන් සභා ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ යටතේ පැවැති පළමු රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණයෙන් මීගමුව ආසනය නියෝජනය කරමින් තේරී පත්විය. 1936 දී නැවතත් දෙවැනි රාජ්‍ය මන්ත්‍රණ සභාවටද තරග කොට ජයග්‍රහණය කළ ඔහු එහි ඉඩම් හා කෘෂිකර්ම කමිටුවේද සේවය කළේය. මීගමුව නගරයේ කොළඹ පාරට ආසන්නව තිබෙන රාජපක්ෂ නාගරික උද්‍යානය මුදලිඳු ඒ.ඊ. රාජපක්ෂගේ පරිත්‍යාගයකි. ඔහුගේ පියා සිහිවීම පිණිස නගර සභාවට පරිත්‍යාග කළ මෙම අක්කර 06ක ඉඩමේ තැනූ උද්‍යානය වර්ෂ 1941දී ඇන්ඩෘ කොල්ටිකෝඩ් ලංකාණ්ඩුකාර තැන විසින් විවෘත කොට ඇත.

මීගමුව මඤ්ඤොක්කාහේන සුසාන භූමියේ මුල් ඉඩම්ද රාජපක්ෂ පරපුර විසින් පරිත්‍යාග කොට ඇත. වර්ෂ 1924/11/25 දින මීගමුව මහ වීදිය ඉපැරැණි කතෝලික දේවස්ථානයේ පෝල් එම්. ඇලෙක්ස් පියතුමන් සහ වාසල මුදලි ඒ.ඊ. රාජපක්ෂගේ මූලිකත්වයෙන් ආරම්භ වූ මීගමුව සමුපකාර ව්‍යාපාරය තව දුරටත් ඉදිරියට රැගෙන යමින් ඔහුගේ බෑනණුවන් වූ ඒ.එන්.ඩී.ඒ. අබේසිංහ මහතාද මීගමුවේ සමුපකාර ක්ෂේත්‍රයට විශාල සේවයක් කොට ඇත. විශේෂයෙන් ඔහු රාජපක්ෂ පරපුරට අයත් වූ වර්තමානයේ විශාල වානිජ වටිනාකමකින් යුත් ‘ග්‍රේස්ලීන්’ මන්දිරය මීගමුව සමුපකාර සමිතියේ ප්‍රධාන කාර්යාලය පවත්වාගෙන යාම උදෙසා ප‍රිත්‍යාග කොට ඇත.

මුදලි ජෝන් ද සිල්වා රාජපක්ෂගේ දෙවැනි පුතුවූ විල්ෆ්‍රඩ් මාර්ටින් විජේගුණරත්න සමරවීර රාජපක්ෂ වර්ෂ 1868 කොළඹදී උපන් අතර කොළඹ රාජකීය විද්‍යාලයෙන් ඉගෙනුම ලැබීය. පසුව රාජ නීතිඥ ෆෙඩි්‍රක් ඩෝර්න්හෝස්ට් යටතේ නීතිය හැදෑරූ ඔහු නොතාරිස්වරයකු මෙන්ම 1890දී දිස්ත්‍රික් උසාවියේ නීතිඥවරයකු ලෙස හා 1894දී සුප්‍රීම් උසාවියේ නීතිඥවරයකු හැටියටද පත්විය. මීගමුව උසාවියේ තම රාජකාරි කටයුතු කළ ඔහු දිසා විනිසුරුවරයකු සහ පොලිස් මහෙස්ත්‍රාත්වරයකු ලෙසද කටයුතු කළේය. ලංකා කෘෂිකාර්මික සමාජයේද සාමාජිකයකු වූ ඔහු මීගමුව ‘රිටි්‍රට්’ නිවෙසේ වාසය කළේය. වර්ෂ 1892දී කැතරීන් මෙන්ඩිස් හා විවාහවූ ඔහු මීගමුව දිස්ත්‍රික්කයේ පොත්තෝඩේ වත්ත, වලහපිටිය වත්ත සහ හලාවත දිස්ත්‍රික්කයේ බණ්ඩිරිප්පුව වත්ත යන ඉඩම්වල හිමිකරු විය.

මැග්ඩලීන් වලව්ව මුලින්ම අක්කර 2ක් සහ පර්චස් 22ක් ඉඩමකින් යුක්ත වූ අතර කාලයත් සමග රාජපක්ෂ පළල් පාර, ලංකා බැංකුව සහ කඩ සාප්පු කිහිපයකටද වෙන්වීමෙන් අනතුරුව වර්තමාන ගොඩනැගිල්ල සමග ඉඩම ඉතිරිවී තිබේ. වලව්වේ මුල් ඉඩම දුම්රියපොළ පාරට මායිම්ව ලංකා බැංකු ඉඩමේ කෙළවර තෙක්ම විහිදී ගොස් තිබී ඇති අතර සීගිරි හාඩ්වෙයාර් ආයතනය අසලින්ද පිවිසුමක් ඇති අතර එහි ඉපැරැණි විශාල ගේට්ටු කණු දෙකක්ද දක්නට ලැබේ. 1860 සිට කාමර කීපයක් සහ ඒ සැම එක්කළ දිගු වැරැන්ඩාවක් සහිත නිවසක් වූ මැග්ඩලීන් වලව්ව වර්ෂ 1906 දී ඇලෙක්සැන්ඩර් එඩ්මන්ඩ් රාජපක්ෂ හට වාසල මුදලි තනතුර පිරිනැමීමෙන් අනතුරුව උඩු මහලක් එක්කොට දෙමහල් නිවෙසක් බවට පත්කරනු ලැබූ අතර මැග්ඩලීන් වාසල වලව්ව ලෙස නැවත නම්කරනු ලැබීය. මෙම මහල එක්කිරීමෙන් පසුව නිවෙසේ මුල් හැඩය මුළුමනින්ම පාහේ වෙනස්වූ අතර බි්‍රතාන්‍ය ගෘහ නිර්මාණයක පෙනුමක් ගත්තේය. ලංකාවේ පළමු ෆෝඩ් ලින්කන් මෝටර් රථවලින් එකක් ඔහු සතුවූ අතර අශ්වයන් නවතා තැබීම සඳහා ඉස්තාලයක්ද මැග්ඩලීන් වලව්වේ පසෙකින් විය.

වාසල මුදලි ඒ.ඊ. රාජපක්ෂගෙන් පසුව ඔහුගේ දියණිය ලීලා මිල්රඩ් රාජපක්ෂට මෙම නිවෙස හිමිවූ අතර ඇය අහුන්ගල්ල ගල්වෙහෙර කුරුඳුවත්ත වලව්වේ නිකලස් ඇලෙක්සැන්ඩර් ද ආබ්‍රෙව් අබේසිංහ සමග විවාහ විය. වාසල මුදලි ඇලෙක්සැන්ඩර් ද ආබ්‍රෙව් අබේසිංහ සහ ලුයිසා ද මෙන්ඩිස් වීරසිංහ යුවලගේ පුත් වූ වර්ෂ 1894 උපන් ඇලෙක්සැන්ඩර් නිකලොස් ද ආබ්‍රෙව් අබේසිංහ 1915දී ලීලා මිල්ඩ්‍රඩ් රාජපක්ෂ සමග විවාහ විය. ඔහු 1949දී කුණ්ඩවිල ආසනයෙන් මීගමුව නගර සභාවට පත්ව 1950දී මීගමුව මහ නගර සභාවේ ප්‍රථම නගරාධිපතිවරයා වශයෙන් පත්වී සාම විනිසුරු, නිල නොලත් මහෙස්ත්‍රාත් පදවිවලින්ද පිදුම් ලැබීය. බි්‍රතාන්‍ය ආණ්ඩුවේ ඕ.බී.ඊ., සී.බී.ඊ. ගෞරව නාමයන්ගෙන්ද පුද ලද ඔහු, මීගමුව ආසනය නියෝජනය කරමින් 1952දී පාර්ලිමේන්තුවට පත්වූ අතර 1956 දක්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් සේවය කළේය. මීගමුව අබේසිංහපුර නිවාස සංකීර්ණය සඳහා ඉඩම් ද ඔහු පරිත්‍යාග කොට ඇත. අබේසිංහ යුවල මේ නිවෙසේ වාසය කළ කාලය තුළ මීගමුව කෙළින් වීදියේ සිට බැලූ විට පෙනෙන ඉදිරිපස කොටස වලව්වට එක්කරන ලදී. ඔවුන්ට එක් දරුවෙක් වූ අතර ඔහු වර්ෂ 1926 දී උපත ලද ඇලෙක්සැන්ඩර් එඩ්මන්ඩ් රාජපක්ෂ අබේසිංහය. ශ්‍රී ලංකා යුද හමුදාවේ ස්වේච්ඡා බලසේනාවේ බි්‍රගේඩියර්වරයකු වූ ඔහු, එහි නියෝජ්‍ය සේනා විධායක ධුරයද හෙබවූ අතර වර්ෂ 2018දී අභාවප්‍රාප්ත විය. වසර 160ක් පමණ පැරණි මෙම වලව්වේ අවිවාහකව ජීවත්වූ ඔහුගෙන් පසුව රාජපක්ෂ ඥාතිත්වය ඇති පාර්ශ්වයකට වලව්වේ අයිතිය හිමිව ඇත.

මෙහි පළවූ යම් ඡායාරූප උපුටාගැනීම අන්තර්ජාලයෙනි. හිමිකම් මුල් අයිතිකරුවන්ගේය.

උපුටා ගැනීම අන්තර්ජාලයෙනි

SendShareShare
Previous Post

පාන් ගෙඩියක මිලත් අද රෑ සිට තවත් 20කින් වැඩිවෙයි! දැන් පාන් ගෙඩියක් 190යි!

Next Post

ගෝඨාභයට අමෙරිකාවේ දොර වැහෙයි!

MORE NEWS

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!
Exclusive

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

Load More
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඕස්ට්‍රේලියාව තුළ දුම්පානය ආශ්‍රිත රෝගාබාධ හේතුවෙන් මියයන පුද්ගලයන්ගේ සංඛ්‍යාව මින් පෙර ඇස්තමේන්තු කර තිබූ ප්‍රමාණයට වඩා බෙහෙවින් වැඩි බව ලෝක...

Read more
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.