• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බලධාරියො රකින අතර හොර සිල්!
තෙල් අදිනවා තෙල් බෙදනවා ත්‍රීවීල්…

July 12, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
බලධාරියො රකින අතර හොර සිල්!  තෙල් අදිනවා තෙල් බෙදනවා ත්‍රීවීල්…
Share on WhatsAppShare on Facebook

එකෝමත් එක දවසක හැන්දෑවක කොට්ට මෙට්ට ඇඳ ඇතිරිලි වාහනේ පටවගෙන කන බොන දේවල් ටිකකුයි තේ බෝතලේකුයි අරගෙන අපේ ඈත පළාත්වල ගම්තුලානවල ඇත්තෝ හේන් කොටන්න හේන රකින්න හේන් පැලට යන්නා සේ කාර් එකේ නැගලා තෙල් පෝලිමකට ගිය අත්දැකීමක් මේ ලියන මටත් තියෙනවා. මේ විදියට ෂෙඩ් එකක පෝලිමක රැය පහන් නොකරපු පවුලක, ගෙදරක කෙනෙක් ඉන්නවා කියන එක බොහොම අහම්බයක්. දවස් ගණන්, පැය ගණන්, සමහර වෙලාවට සති ගණන් පෝලිම්වල කට්ට කාලා අන්තිමට තෙල් බින්දු දෙකක් වාහනේට දාගන්න බැරිව සුසුම්ලමින් ගෙදර ආපු සොඳුරු අතීතයක මතක සටහන් ලියන මටත් තියෙනවා. ගොඩක් අයට එහෙම අත්දැකීම් ඇති.

මිනින්සු තෙල් ටිකක් හොයාගන්න යන්නේ අමාරුවෙන් තමන්ගෙ දිවිසැරිය පවත්වාගෙන යන්න. හැබැයි එහෙම ගියාට පස්සේ තෙල් පෝලිමට අජානේය ඉස්කූටර්වලින් වඩින සර්වබලධාරී මහත්වරු තෙල් ඔක්කොම ටික තම තමන්ගෙ වාහනවල පටවගෙන ගෙවල්වලට අරගෙන ගිහිල්ලා හැරෙන තැපෑලෙන් ආයෙත් ඇවිල්ලා ආයෙත් තෙල් ටිකක් පටවගෙන ගිහින් අපූරු සෙල්ලමක් කරනවා. ඒ සෙල්ලමට උදව් කරන්න ශ්‍රී ලංකා පොලිසිය, යුද හමුදාව ඇතුළු සියලු බලධාරීන් ඉතසිතින් කැමැති වෙලයි ඉන්නේ. ඒ නිසා තෙල් පෝලිම්වල රැය පහන් කරලා, රොටි පුච්චගෙන කාලා, තැන් තැන්වල අගුපිල්වල දොට්ට පිලට ගිහිල්ලා, තේ වතුර බෝතල් හදාගෙන, වතුර බෝතල් පුරවගෙන, තෙල් ටිකක් ගහගන්න ගිය අපට ගෙදර එන්න වෙන්නේ අතපය වන වන. එතකොට කෝ තෙල්? සුරංගනා කතා කියන ඕ.අයි.සී. මහත්තුරු තෙල් ගැන ලස්සන සුන්දර කතන්දර කියනවා. ලියුම්කරුගෙ අත්දැකීම් එක්ක ගත්තට පස්සේ ෂෙඩ් එකේ මහත්තයා කියනවා ඉතුරු වෙලා තියෙන්නෙ තෙල් ලීටර් 80යිලු ටැංකියෙ. ඒ 80 මැන්නෙ කොයි කෝදුවෙන්ද කියලා ඇහුවම උන්දැට දෙන්න උත්තරයක් නෑ. අපි නම් දැකලා තියෙන්නේ දිග පොල්ලක් තෙල් ටැංකියට දාන එක. ඊට වඩා කොට පොල්ලක් දාලා අඩි කෝදුවෙන් මිලිමීටර් ගානට මැනලා කොහොම ගණන් හැදුවත් මේ 80 මැනගන්න විදියක් නෑ. ඕ.අයි.සී. මහත්තයා කියනවා මේ 80 ඉතුරු කරලා තියෙන්නේ පොලිසියෙ ජීප් එකට, ත්‍රීවීල් තුනට, පොලිසියෙ ට්‍රැෆික් බයිසිකල් ටිකට කියලා. අපිට හිතාගන්න බැරි මේ විදියට ලීටර් 80කින් ට්‍රැෆික් බයිසිකල් ටිකටයි, පොලිසියෙ ත්‍රීවිල්වලටයි, පොලිසියෙ ජීප් එකටයි, ඉන් පස්සේ ඉස්පිරිතාලෙකට ඕනෙ වුණොත් ඒකට දෙන්නයි කොහොමද තෙල් ඉතිරි කරගන්නෙ කියලා. කොහොම නමුත් සමුපකාරයක වැඩකරනවා නම් තෙල් තියෙනවා. සමුපකාර කියලා කියන්නේ අත්‍යාවශ්‍ය සේවා. බඩු කිරන කෙනාගෙ ඉඳලා සමුපකාරෙ සියලු රැකියා කරන කට්ටියට තෙලෙන් ස්වයංපෝෂිත අනාගතයක් ලබාදුන්නාට අයි.ඕ.සී. සමාගමටත්, අදාළ ෂෙඩ්වල තමන්ගෙ කොන්ද ගැන විශ්වාසයක් නැති ප්‍රධානීන්ටත් අපි ස්තුතිවන්ත විය යුතුයි. මොකද මේ රට කරගෙන යන්න අද සමුපකාරයට පුළුවන්. අපට කන්න දීලා, අපිව ජීවත් කරවලා, අපිව පරෙස්සම් කරලා, අපිට ජීවිකාවක් හොයලා දෙන්න තරම් අපේ රටේ සමුපකාරය අද වෙනකොට ඉතා ඉහළ තැනක තියෙන්නේ. මේ රටේ එක එක ව්‍යාපාර දියුණු කරන්න වලි කන අස්සේ සමුපකාරය දියුණු කරලා ගත්තා නම් රට මීට වඩා දියුණු තැනකට යනවා. හැබැයි සමුපකාරය ගැන කතා කරද්දී අපි සමුපකාර ෂෙඩ්වලට ගිහිල්ලා ඒ සේවකයන්ගෙ හැසිරීම ගැන අත්දැකීම් ලැබුවාම මේ ‘සමුපකාරය’ කියන නමේ අකුරු දෙක තුනක් අයින් කරලා මැද තියෙන අකුරු දෙකක් විතරක් ඉතුරු කරගන්න කියලා තමයි කියන්න තියෙන්නේ. ඉතිරි කරගන්නේ කොයි අකුරු දෙකද කියන එක ඔබ තීරණය කරගන්න.

එතකොට කෝ තෙල්? තෙල් තියෙනවා. තෙල් ලීටර් 6,600ක් ෂෙඩ් එකකට ආවට පස්සේ ඒකෙන් ලීටර් 2,500කට අඩු ප්‍රමාණයක් පෝලිමේ හිටපු මිනිසුන්ට දීලා ඉතිරි තෙල්වලින් අඩුම තරමේ ලීටර් 4,000ක් තමන්ගෙ හිතවතුන්ට, නෑදෑයන්ට, යාළුවන්ට, හිනාවෙන අයට, කතා කරන අයට, මැරයන්ට, අපරාධකාරයන්ට, තක්කඩින්ට, හොරුන්ට දුන්නාම ඒ තෙල්වලට මොකෝ කියලා අපෙන් අහලා වැඩක් නෑ. මේ බඩල්ගම කෙහෙල් ඇල්ල සමුපකාර ෂේඩ් එකේදි ලියුම්කරු මුහුණ දීපු අත්දැකීම. තෙල් පෝලිමේ හිටපු ත්‍රීවිල් සහ යතුරුපැදිවලට තෙල් ලීටර් 2,500කට අඩු ප්‍රමාණයක් දීලා ඉතිරි ලීටර් 4,000කට ආසන්න ප්‍රමාණය දෙන්නේ තම තමන්ගෙ හෙංචයියලට.

බොහෝ ත්‍රිරෝද රථ අද තියෙන්නේ තෙල් පෝලිම්වල. ත්‍රීවීල් පාක්වල ත්‍රීවීල් නෑ. හයර් දුවන්නෙ නෑ. හැබැයි ඒ ත්‍රීවීල් හැමදාම තෙල් පෝලිම්වල තියෙනවා. තෙල් ආපු ගමන් ඒ වාහන පමණට බඳු වේගයෙන් ගෙදර ගිහිල්ලා ආයෙත් කොහේ හරි පෝලිමකට එකතු වෙනවා. ඒක මහ පුදුම ලස්සන අත්දැකීමක්. අපි ඉන්නෙ දවස් දෙක තුනක ඉඳලා කට්ට කාලා එපා වෙලා. හැබැයි මේගොල්ලො දවස් දෙක තුනක ඉඳලා හිටියට කට්ට කාලා එපා වෙන්නෙ නෑ. මේ මොහොතේ මේ ෂෙඩ් එකේ, ඊළඟ මොහොතේ තව ෂෙඩ් එකක ඉඳලා කොහොම හරි තෙල් ටික පුරවා ගන්නවා. මේ වෙනකොට කළු කඩේ තෙල් ලීටරයක මිල සාමාන්‍යයෙන් රුපියල් 2,500 හෝ 3,000කට ආසන්න වෙනවා. කිරුලපන ප්‍රදේශයේ එක්තරා තැනකදී රුපියල් 3,000කට තෙල් බෝතලයක් දෙන්න උත්සාහ කරපු බව අපේ හිතවතෙක් පහුගිය දවසක තමන්ගෙ අයියගෙ අත්දැකීමක් විදියට ෆේස්බුක් එකේ දාලා තිබුණා. ඒ වගේම රඹුක්කන වගේ ප්‍රදේශවල බොහෝ තැන්වල තෙල් ලීටරය රුපියල් 1,500ට අලෙවි වන බවත් පහුගිය දවසක අපි දැනගත්තා. හැබැයි මේ වෙනකොට තෙල් ලීටරය රුපියල් 1,500ටත් වඩා ඉහළ ගිහින් කියලයි දැනගන්න තියෙන්නේ. එතකොට තෙල්වලට මොකද වෙන්නේ? ලංකාවට තෙල් එන්නෙ නෑ නෙවෙයි. තෙල් එන්නෙ නැති එකේ ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි මේ අය කරන්නේ ගොඩක් වෙලාවට තෙල් ගහලා ගෙදර ගිහින් ඒ තෙල් ටික ඇදලා, ආයෙත් පෝලිමට ඇවිත් තෙල් ගහගන්න එක. ආයෙත් ගෙදර ගිහින් ඒ තෙල් ටිකත් අදින එක. එහෙම ඇදපු තෙල් තමයි මේ විදියට කළු කඩේ රුපියල් 1,500 – 2,000 වගේ මිලකට අලෙවි වෙන්නේ. මේ කළු කඩ තියෙන්නේ කොහෙද? තෙල් ව්‍යාපාරිකයා ඇත්තටම කවුද? කෑන්වලට තෙල් ආවෙ කොහොමද? වගේ ප්‍රශ්න අපට අහන්න කෙනෙක් නෑ. තෙල් පෝලිමක ඉන්න ගමන් ඉස්සරහා ඉන්න එකාගෙන් ඕක අහලා වැඩකුත් නෑ. පිටිපස්සෙ ඉන්න එකා එක්ක ඔය ගැන කතා කරලා වැඩකුත් නෑ. ඇත්තටම වෙන්නේ රට අන්ධකාරයට යන එක.

අඳුර උදාවෙන කොට ලයිට් එකක් පත්තු කරගන්න බැරි තරමට මේ රට තුෂ්ණිම්භූත වෙලා විනාශ වෙලා තයෙන අස්සේ මිනිස්සුන්ට පුරවගන්න තියෙන තෙල් ටික ගෙදර ගිහින්, කෑන්වලට පුරවලා, අනෙක් පැත්තෙන් රුපියල් 1,500ට 2,000ට විකුණන එවුන් තමයි තෙල් මාෆියාවෙ ඉන්න ඇත්තම තුට්ටු දෙකේ මිනිස්සු. එහෙම මිනිස්සු ඉන්නවා. ඒ විදියට තෙල් ටික එකතු කරගෙන තමන්ගෙ ජාවාරම, තමන්ගෙ ව්‍යාපාරය තෙල් බවට පත්කරගත්තු බොහෝ දෙනෙක් ඉන්නවා. නම් ගම් සහිතව ලියන්න ඉඩක් නැති වුණාට බොහෝ විට ලියුම්කරුත් ඒ ගැන දන්නවා. ඒ නිසාම තමයි මේ වෙනකොට තෙල් අර්බුදය උඩු යටිකුරු වෙලා තියෙන්නේ. බොහෝ යතුරුපැදි බොහෝ ත්‍රිරෝද රථ එක ෂෙඩ් එකක නතර කරගෙන ඉඳලා එතැනින් තෙල් ටික ගහගත්ත ගමන් තවත් ෂෙඩ් එකක ගිහින් නතර කරනවා. ඒ නතර කරලා එදා තෙල් නොආවත්, කවදා හරි තෙල් එනකන් එතැන කට්ට කන්න ඒ අයට සල්ලි තියෙනවා. ඒ නිසා මේ තෙල් ප්‍රශ්නය කියලා කියන්නේ රජයේ විතරක් හෝ මේ සම්බන්ධ වගකිව යුත්තන්ගේ විතරක් ප්‍රශ්නයක් නෙවෙයි. තෙල් ප්‍රශ්නය කියන්නේ මිනිස්සුන්ගෙ ප්‍රශ්නයක්. ත්‍රීවීල් එකෙන් බයිසිකලෙන් තෙල් ගහලා හැරෙන තැපෑලෙන් ගෙදර ගිහින් තෙල් ටික ඇදලා කෑන් එකකට පුරවලා කොහේ හරි ඉන්න එකෙකුට රුපියල් 1,500ට 2,000ට විකුණලා ආයෙත් පෝලිමට එන මිනිස්සු 100ක් හිටියොත් මේ තෙල් සෙල්ලම කරන්න බැරි වෙනවා. ආණ්ඩුවත් ඉතින් කරන්නෙ කාගෙ හරි ඇඟේ ගහලා, කාගෙ හරි පැත්තට කරකවලා ජාමෙ බේරගන්න එක. ඒක නිසා ඒ ගැන කාටවත් අපි කියලා වැඩක් නෑ. ඒත් තෙල් ප්‍රශ්නය සම්බන්ධව බලධාරීන්ට අපි අමුතුවෙන් කියන්න දේකුත් නෑ. බොහෝ වෙලාවට බලධාරීන් එහෙන් මෙහෙන් උත්සාහ කරලා ඊට පස්සේ කරන්නේ ඒකා හොරකම් කරගත්තු තෙල් ටිකෙන් පොඩි ප්‍රමාණයක් හරි තමනුත් ගසාකන එක. ඒක නිසා තෙල් ප්‍රශ්නෙ දැන් තනිකරම වෙනස් මුහුණුවරක් අරගෙන ඉවරයි. පාරෙ ත්‍රිරෝද රථයක් නැතුව යනකොට අපිට බෑ ත්‍රිරෝද රථ රස්සාව කරන හැමෝටම චෝදනා කරන්න, ඒගොල්ලො කරන්නේ ගෙදර ගිහින් තෙල් අදින එක කියලා. ඒත් අපේ රටේ තෙල් අදිනවා කියන එක ස්ථිරවම සිදුවෙනවා. ඒක තමයි මේ තෙල් අර්බුදයෙ එක පැතිකඩකට හේතුව.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

අපි දන්නෙ නෑනෙ ලෝකයා අපි ගැන කතා කරන්නෙ මොනවද කියලා දැනගන්න මේ ලිපිය කියවන්න…

Next Post

අගමැති සිරසට ගහයි! සිරස අගමැතිට උත්තර දෙයි! (VIDEO)

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3)  අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...

Read more
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.