අද පෙරවරු 10ට කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිව තිබූ තිරණාත්මක පක්ෂ නායක රැස්වීම දහවල් 2 දක්වා කල් ගොස් තිබේ.
ඒ අනුව දහවල් 2ට එය පාර්ලිමේන්තු කමිටු ශාලා අංක පහේදී පැවැත්වීමට නියමිතය.
පවතින වාතාවරණය යටතේ ඊට පක්ෂ නායකයන්ට සහභාගී විය හැකි නමුත් කැමැති අයට ඊට සූම් තාක්ෂණය ඔස්සේ සහභාගී වීමට අවස්ථාව සලසා තිබේ.
මෙහිදී නව ජනාධිපතිවරයකු සහ අගමැතිවරයකු පත්කර ගැනීම සම්බන්ධයෙන් සහ නව ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් සාකච්ජා පැවැත්වීමට නියමිතය.









