• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදන්න සියලු පක්ෂ සමග සාකච්ජා වට ගණනාවක් පැවැත්වුවා! එකඟතාවක් ඇතිවෙන්න ළඟයි! සජබෙ මහලේකම් මාධ්‍යයට කියයි! (VIDEO)

July 10, 2022
in Exclusive
Reading Time: 4 mins read
A A
රනිල්ට ගෝ හෝම් වෙන්න‌ දෙයක් නෑ! ගිය ජන්දෙදි මිනිස්සු එයාව ‌ගෝ හෝම් කළා! එයා එක්ක ඇමැතිකම් කරන්න යන්න අපේ පක්ෂයේ කවුරුත් නෑ! යනවානම් ඉතින් ඔළුවෙ අමාරුවක් තියෙන කෙනෙක් තමයි! සජබ මහලේකම් ප්‍රකාශයක් කරයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සදහා සියලු පාර්ශ්ව සමග සාකච්ජා ආරම්භ කළ බවත්, ඒ සම්බන්ධයෙන් යම් එකගතාවක් ඇති කරගත හැකි බවත් සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.

විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූ සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා.

ඊයේ වන විට මේ රටේ තිබුණු විශාලතම අරගලයක් තිබුණා එහිදී ලක්ෂ ගානක් කොළඹට ඇවිල්ල කිව්වා විධායක ජනාධිපතිට හා අගමැති ඇතුළු රජයට ගෙදර යන්න කියලා.ඉතිහාසයේ ප්‍රථම වරට ජනාධිපති මන්දිරයත් ජනාධිපති ලේකම් කාර්යාලයත් අරලියගහ මන්දිරයත් අරගල කරුවන් ගේ ග්‍රහණයට ලක්කර ගත්තා අපි වගකිව යුතු විපක්ෂය විදිහට රට අරාජික වෙලා තියෙන වෙලාවේ කතානායකතුමාට ඉල්ලීමක් කළා පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයෝ කැඳවන්න කියලා ඒ අනුව ඊයේ පක්ෂ නායකයින්ට zoom තාක්ෂණය ඔස්සේ රැස්වීමක් තිබුණා එහිදී තීරණ කළා ජනතාව මේ අරගලයට බැහැලා ජනාධිපතිට සහ අගමැති ඉල්ලා අස්වෙන්න කියනවා ඒ අනුව පක්ෂ නායකයින් ගේ 95% කග් ඉල්ලීම පරිදි තීන්දුව ජනාධිපතිවරයා කථානායකට දැනුම් දී තිබුණා ඒ අනුව රාත්‍රී වන විට ජනාධිපතිවරයා කතානායකට දැනුම් දී තිබුණා ලබන 13න් වැනිදා ජනාධිපති ධුරයෙන් අස් වෙනවා කියලා ඒ වෙලාවේ රටේ ජනතාවගෙන් අපි ඉල්ලන්නේ මේ ප්‍රශ්නය දැන් ප්‍රජාතන්ත්‍රවාදීව විසඳමු ඒ සඳහා සියලු දෙනා එකතු වෙලා කටයුතු කරමු .

ඊයේ රාත්‍රියේ අගමැතිතුමාගේ ගෙදර ගිනි බත් කරල තියෙනවා එවැනි කටයුතු අපි අනුමත කරන්නේ නෑ ඒ සිද්ධිය අපි තරයේ හෙළා දකිනවා. ඒ වගේම රටේ ගෞරවනීය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා සාමකාමීව ප්‍රශ්න විසඳගමු කියලා . රජයේ දේපළ වලට වත් ජනතාවට වත් හානියක් නොකර මේ කාරණය අපි විසඳාගමු. ඒ විතරක් නෙමෙයි අද විපක්ෂය මේ ප්‍රශ්නයට උත්තරයක් විදියට දිගින් දිගටම ඉල්ලා සිටියා සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදමු කියලා මේ රටේ මහා සංඝරත්නයත් කාදිනල් වහන්සේත් ආගමික නායකයින් සිවිල් සංවිධාන නීතිඥ සංවිධාන සියළු සංවිධාන ඉල්ලා සිටියේ මේ ප්‍රශ්නයට සියලු දෙනා එකතුවෙලා විසඳාගමු කියලා .විපක්ෂයේ ප්‍රධාන පක්ෂය විදිහට සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමාත් සියලු පක්ෂත් එක්ක මේ ප්‍රශ්නෙට විසඳුමක් හොයන්න සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන්න සාකච්ඡා කරනවා මේ සම්බන්ධව විපක්ෂයේ සියලු පක්ෂ එක්ක සාකච්ඡාව පවත්වා තියෙනවා තවමත් පවත්වාගෙන යනවා ඒ වගේම ආණ්ඩු පක්ෂයේ සර්ව පාක්ෂික ආණ්ඩුවකට කැමැත්ත ප්‍රකාශ කරන අනුමැතිය දීලා තියෙන කණ්ඩායමත් එක්ක කතා කරල තියනවා. අපි බලාපොරොත්තු වෙනවා ඉතාම ඉක්මනින් මේ අර්බුදය ප්‍රජාතන්ත්‍රවාදීව විසඳගන්න අවශ්‍ය කටයුතු කරන්න. ඒ වගේම සර්වපාක්ෂික සියලු දෙනාට අපි ආරාධනා කරනවා පක්ෂ පාට භේද අතහැරලා රට වෙනුවෙන් කටයුතු කරමු සියලු දෙනාම එකට එකතු වෙලා කටයුතු කරමු කාටවත් මේ ප්‍රශ්නේ වගකිවයුතු දේශපාලන පක්ෂ විදිහට ප්‍රජාතන්ත්‍රවාදී රටාව තුල මග හරින්න බැහැ. මේ රටේ සිංහල බෞද්ධ පක්ෂවලට ක්‍රිස්තියානි කතෝලික නියෝජනය ද්‍රවිඩ ඉස්ලාමීය නියෝජ්‍යත්වයට අපි ආරාධනා කරනවා සියලු දෙනා එකතු වෙනවා මේ ප්‍රශ්නය විසදන්න එකතු වෙමු අන්තර්කාලීන සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවා ගෙන දැවෙන ප්‍රශ්නවලට උත්තරයක් දීලා ඉතා ඉක්මනින් ජනතාවගේ කැමැත්ත තුළ රජයක් පිහිටුවා ගන්න මහ මැතිවරණයකට යමු කියලා අපි යෝජනා කරනවා.

සාමාන්‍ය ලොක දේශපාලන ක්‍රමයේ ආණ්ඩුවක් කඩා වැටුනම ජනාධිපති අස් වුණාම විපක්ෂ නායකවරයාට තමයි ඊළඟ නායකත්වයට ඉල්ලීම් කරන්නේ සහ නම් කරන්නේ නමුත් අපි වඩාත් ප්‍රජාතන්ත්‍රවාදීව අති බහුතරයක් සහිතව පත් කර ගැනීමේ ක්‍රමවේදය තමයි අපි යෝජනා කරන්නේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ පොහොට්ටුවේ කෙනෙක් නැවත ජනාධිපති කරන්න නෙමෙයි ඔවුන් බලාපොරොත්තු වෙන්නේ සර්ව පාක්ෂිකව සියලු දෙනා එකතුවෙලා රට ගොඩනගන්න පොහොට්ටුවේ දක්ෂ අය ඉන්නවා ඒ අය සමඟ සාකච්ඡා කරලා තීරණයකට එනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා.

රටේ තීරණාත්මක අවස්ථාවකට මුහුණ දී තිබෙනවා ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා අකර්මණ්‍ය තත්වයකට පත්වෙලා රජයක් නැතිවෙලා මේ නිසා වගකිව යුතුයි විපක්ෂයක් වශයෙන් විශාල වගකීමක් තියෙනවා. මෙවැනි අරාජික තත්වයක දී රට සාමාන්‍ය තත්ත්වයකට ගොඩනැගීමේ අරාජික තත්වය ඉවත් කරගැනීම සඳහා ඊයේ ඉඳලා නොයෙකුත් සාකච්ඡා වාර පැවැත්වූවා. අපිත් එක්ක මෙතෙක් වැඩ කරපු දේශපාලන පක්ෂ ඒ වගේම පොහොට්ටුවේ ආණ්ඩුවෙන් ස්වාධීන වෙච්ච කණ්ඩායම් සමග ස්වාධීන වෙලා මෙි රජයේම වාඩි වෙලා ඉන්න අයත් සාකච්ඡා කළා අද දවසේ තවත් සාකච්ඡා යනවා ඒ තත්ත්වය දිහා බැලුවම සාධනීය තත්ත්වයක් හැමකෙනාම මෙහි බැරෑරුම් තත්වය අවබෝධ කරගෙන හැමෝම කියන්නේ සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවා එක වැඩපිළිවෙළ සහයෝගය දෙන්න. එවැනි ආණ්ඩුවක් පිහිට වූ වත් ඊට පස්සේ අපට තියෙන්නෙ කාලපරිච්ඡේදයක් අරගෙන රට ගොඩ නැගීමයි.

මේ රටේ ජනතාවට අද කුසගින්නට ආහාර නැහැ,දරුවන්ට අවශ්‍ය කිරිපිටි නැහැ පෝෂණය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා රෝගීන්ට අවශ්‍ය බෙහෙත් නැහැ ප්‍රවාහනය සඳහා අවශ්‍ය ඉන්ධන නැහැ අපිට අවශ්‍ය උයන පිහන කටයුතුවලට භූමිතෙල් ගෑස් නැහැ. මුළු ජන සමාජයම කඩාගෙන වැටිලා රටේම මිනිස්සු පාරවල් වල ඉන්නේ ගෙවල් වල නෙමෙයි ඒ නිසා මේ පිහිටුවන රජයට අද තියෙන තිබෙන අර්බුදයට වඩා විශාල අර්බුදයක් ඇතිවෙනවා රටේ ජනතාවට අවශ්‍යතා සපයන වැඩපිළිවෙළක් සකස් කරන්න ඒ නිසා අපි වගකීමක් ඇති රජය පිහිටුවනවා එහි මූලික පරමාර්ථය දුකට පත්වෙලා ඉන්න මිනිස්සුන්ට යම් සහනයක් ලබා දීලා ඒ තත්ත්වයෙන් මුදවා ගෙන තත්ත්වය සමනය කරලා රට සාමාන්‍ය තත්ත්වයට පත් කරන්න ඕන .එතෙක් කවුරුත් ජනවරමක් ගැන කතා කරත් එයට අපට හැකියාවක් නැහැ රටේ විදුලිය නෑ ඉන්ධන නෑ පත්‍රිකා ගහන කඩදාසි වත් නැහැ ඒ නිසා අපි ජනවරමක් ගැන කතා කරත් එය ලබා ගැනීමට මැතිවරණයක් පැවැත්වීමේ කිසිදු හැකියාවක් කාටවත් නැහැ .ඒ නිසා අපි පුළුවන් ඉක්මනින් මේ රට සමනය කරලා ඒ සඳහා ඉදිරිපත් විය යුතුයි එයට ඉක්මන් දිනක ජනතාව පත්වෙලා ඉන්න දුක්ඛිත තත්ත්වයෙන් ඉවත් කරලා ඉන්පසු මැතිවරණයකට යා යුතුයි දැන් මැතිවරණයකට ගියොත් මුලින්ම අපිට ගහනවා.

අද ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා ත් නැහැ ඒකට විකල්ප අග්‍රාමාත්‍යවරයා රටේ විපක්ෂනායකවරයා තමයි අග්‍රාමාත්‍යවරයා ලෝකෙ ඕනම රාජතාන්ත්‍රික නායකයෙක් ජාත්‍යන්තර සංවිධානයක් ඕනම රටකට ආවම අග්‍රාමාත්‍යවරයාත් හමුවෙලා විපක්ෂනායකවරයා හමුවෙලා තමයි යන්නේ අපි විපක්ෂ නායක තුමත් එක්ක එකතු වෙලා එයාගෙ නායකත්වය මේ අර්බුදයට සියලු දෙනා එකතු කරගෙන අපි අපි අතර බලය බෙදා ගෙන පුළුවන් ඉක්මනට මේ රජය බිහි කරලා මිනිසුන්ගේ දුක්ගැනවිල්ල සමනය කිරීම අපේ බලාපොරොත්තුවයි. මෞ යන ගමනේදී අපිට අරගලකරුවන් මිලිටරි මානසිකත්වයෙන් ඉන්න ජනාධිපතිවරයෙක් ව දන ගස්වල තියෙනවා ජනාධිපතිගෙන් ලොස්ඇන්ජලීස්වල තියෙන නිවසක් වටකරගෙන එහි විරෝධතා දක්වනවා නිසා ඒ අරගලකරුවන් ඉතාමත් ශ්‍රේෂ්ඨ අන්දමින් අරගෙන එක්තරා මිම්මකට පැන්නා අපි එක්ක කිව්වේ මේක අවසන් කර යුත්තේ පාර්ලිමේන්තුව හරහා එහෙම නැත්නම් මේ රට අරාජික තත්වයක් ඇතිවුණොත් ඇෆ්ගනිස්ථානය සුඩාන යක් හෝ ටියුනීසියාව කරන්නට බැහැ වගකිවයුතු දේශපාලන නායකයන් වශයෙන් මූලික පරමාර්ථය අරාජිකත්වය න් ඉවත් කිරීම රටේ දුක් ජනතාවගේ දුක් ගැනවිලි නැතිකිරීම ඉන්පසු රාජ්‍යකරණය ගැන කතා කිරීම .

ඊයේ අග්‍රාමාත්‍ය මාගේ ගේ ගිනිතිව්වා ඒක ලංකාවෙ දැනට උතුරේ යාපනය තිබුන පුස්තකාලයට පස්සේ තිබුණු විශාලතම පුස්තකාලය මං දන්න මෙතුමා කාමර දෙකක් එකට එකතු කරලා ලොකු කාමරයක් හදලා තමයි පුස්තකාලය බවට පත්කළේ එතුමා බලාපොරොත්තු වුනේ ඒ නිවස රාජකීය විද්‍යාලයට පරිත්‍යාග කරන්න ශ්‍රේෂ්ඨ පුස්තකාලයක් තිබුණා ලංකාවේ කොහෙවත් ඒ සමහර පොත් නැහැ සමහරක් ඒවා ලෝකෙ කොහේ තියෙනවාද කියන්න දන්නේ නැහැ එවැන්නක් නැති කරගත්තම ඒක කවදාවත් හදා ගන්න බැහැ ගෙයක් හදාගන්න පුළුවන් පුස්තකාලයක් හදාගන්න බැහැ නමුත් මෙම ස්ථානයට ගිනිතියලා සියල්ල විනාශ කරලා නොසන්ඩාල වැඩක් මට සැකයි අරගලකරුවන් ගේ ප්‍රධානීන් එක්ක මා කතා කළා.ඔවුන් අහනව කොහොමද එහෙම වුණේ අපේ කවුරුත් මෙයට සම්බන්ධ නෑ කියලා ඒ අය අහන්නේ මෙච්චර ප්‍රමාණයක් විනාශ කරන්නෙ කොහොමද . මුලින් තිබුණු ගිනිතැබූ වීම් වලත් විශාල ප්‍රශ්න තියෙනවා ඒ ගිනි තැබීම් එකම විලාසය ගිනිතැබීම් මේ ගිනි තැබීමත් ගැන ඉදිරියේදී සොයා බැලිය යුතුයි මතක ඇති ජර්මනියේ හිට්ලර් ජර්මන් පාර්ලිමේන්තුවට ගිනි තැබුවා සේ ගිනි තැබුවේ හිට්ලර් වුණත් ලෝකෙටම ප්‍රචාරය කළේ කොමියුනිස්ට් පක්ෂය විසින් ගිනිතියලා කිවුවා කියලා හිට්ලර් කවදාවත් පුස්තකාලයක් ගිනි කිව්වේ නෑ කාවේ හිටපු ත්‍රස්තවාදී නායකයින් වත් කිසි දවසක කාලයකටත් ඇතිවූයේ නැහැ ඒ පිළිබඳ කිසිම වටිනාකමක් නැති ඒවා ගැන දන්නෙ නැති පුද්ගලයින් මෙම අරගලය හරහා යම් ක්‍රියාදාමයකට පැමිණි තිබෙනවා අපි මේ පිළිබඳව වගකීමෙන් වැඩ කරන්න ඕන විමසිල්ලෙන් මේ ක්‍රියාවලිය ඉදිරියට ගෙනියන්න ඕන අපිට ඕන අපේ මාතෘ භූමිය දියුණු රටක් බවට පත්කරගන්න භෞතික සහ අධ්‍යාත්මික වශයෙන් දියුණු රටක් පත්කර ගැනීමට තමයි අපිදේශපාලනයේ නියුතු වෙලා ඉන්න ඒ සඳහා යන ගමනේ දී මෙවැනි දේවල් සිදු වෙනකොට ඒවා නැති කරගෙන මේ ගමන ඉදිරියට යන්නේ කොහොමද කියන එක හැම සංවිධානයක්ම පක්ෂයක්ම සලකා බලාගෙන කටයුතු කරන්න ඕන.

පාර්ලිමේන්තු මන්ත්‍රීනි තලතා අතුකොරළ මැතිනිය ද අදහස් දැක්විය .

SendShareShare
Previous Post

වැඩේ ඉවර නෑ! පාර්ලිමේන්තුවෙන් පිටත ජනතා කවුන්සිලයක් හදන්න පෙරටුගාමීන් තීන්දු කරයි! (VIDEO)

Next Post

සාමකාමීව සහ ප්‍රජාතන්ත්‍රවාදීව බලය හුවමාරු කරගෙන නව ආණ්ඩුවක් පිහිටුවන්න! මාධ්‍යවේදීන්ට පහර දීම ගැන පූර්ණ විමර්ශනයක් කරන්න! අමෙරිකාවෙන් ආණ්ඩුවට පණිවුඩයක්!

MORE NEWS

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News
Exclusive

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!
Exclusive

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගාණක් තිස්සේ කැබිනට් ඇමැතිවරු පෝලිමක් හිටියත් අවුරුදු 5ට අඩු වැඩිම මන්දපෝෂණය තියෙන ළමයි ඉන්නේ ඌවේ..!  I Sri Lanka Latest News

පාසල්වලට ස්මාර්ට්ෆෝන් අරන් ඒම තහනම් කරයි! දරුවන් සමාජ මාධ්‍ය මාරයාගෙන් බේරාගන්න පාසල් රැසක් දැඩි තීන්දුවක! I Sri Lanka Latest News
Exclusive

‘අන්තර්ජාලය නිසා දරුවන් මියයනවා!’ බාල වයස්කරුවන්ට කැනඩාවෙත් සෝෂල් මීඩියා තහනම්! කලින්ම ඕස්ට්‍රේලියාවත් කළා! I Sri Lanka Latest News

Load More
සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවන විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේගේ භාර්යාව වන මනෝරි සලේ බන්දුසේන විසින් එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි...

Read more
බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

Sri Lanka Latest News

අවුරුදු ගාණක් තිස්සේ කැබිනට් ඇමැතිවරු පෝලිමක් හිටියත් අවුරුදු 5ට අඩු වැඩිම මන්දපෝෂණය තියෙන ළමයි ඉන්නේ ඌවේ..!  I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.