ගෝඨාභය රාජපක්ෂගේ ජනවරම අහෝසි කිරීමත් සමග පොහොට්ටුවේ ජනවරම අවසන් වූ බවත්, නැවත දේශපාලන සෙල්ලම් කිරීමට සූදානම් නොවන ලෙසත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් මහතා පැවසීය.
එමනිසා පොහොට්ටුවේ සියලුම දෙනා පසෙකට වී නව දේශපාලන ගමනට බාධා නොකළ යුතු බවද ඒ මහතා කීය.
එමෙන්ම සිරස මාධ්‍යයට පහර දීම දේශපාලන කුමන්ත්‍රණයක් බවද ඒ මහතා පෙන්වා දුන්නේය.










