• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

ජාතික ඇදුමද-යුරෝපීය ඇදුමද-මන්ත්‍රී සූට් එකද? ‌ගෝඨා 3 දා අදින්නේ ‌මොකක්ද?

December 15, 2019
in News, Politics, Uncategorized
Reading Time: 5 mins read
A A
ජාතික ඇදුමද-යුරෝපීය ඇදුමද-මන්ත්‍රී සූට් එකද? ‌ගෝඨා 3 දා අදින්නේ ‌මොකක්ද?
Share on WhatsAppShare on Facebook

අභිනව ජනාධිපතිතුමන් පත්වීමත් එක්ක ඒ ගැන මේ රටේ විවිධ මට්ටමෙන් කතා කියවෙන්න ගත්තා. ඒක එහෙම වෙන්න හේතුව වුණේ අලුත් ජනාධිපතිතුමන්ගේ සමහර හැසිරීම්වල තිබුණ වෙනස. මොකද අපි රටක් විදියට පුරුදු වෙලා තිබුණ විදියක් තියෙනවා. ඒ නිසා අපි බලාපොරොත්තු වුණේ ජනාධිපතිතුමන්ගේ ඒ හැසිරීම. හැබැයි මේ වතාවෙ ඒ හුඟාක් දේවල් වෙනස් වුණා. ඒ විදියට වෙනස් වෙච්ච දෙයක් තමයි අලුත් ජනාධිපතිතුමාගෙ ඇඳුම.
මේ මාතෘකාව අපි නිතරම වගේ කතා කරපු එකක්. ඒ කියන්නෙ මැතිවරණ ජයග්‍රහණයට කලින් ඉඳලම අපි ඔය ගැන කතා කළා. ඒකට හේතුව වුණේ මෙදා ජනාධිපතිවරණ සටනට ආපු ප්‍රධාන අපේක්ෂකයො දෙන්නා නෙවෙයි තුන්දෙනාම ජාතික ඇඳුම ඇන්ද අය නොවීම. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඇන්දෙ සාමාන්‍ය අත් කොට කමිසයක් සහ කලිසමක්, ටී ෂර්ට් එකක් කලිසමක් ඇඳලා පරණ සෙරෙප්පු දෙකක් දාලා ආපු සජිත් ප්‍රේමදාස මහත්තයා ඉඳලා හිටලා ජාතික ඇඳුමට අදාළ කමිසය විතරක් ඇන්දා. ඒත් ඔහුත් කොහේවත් ජාති ඇඳුම ඇඳලා හිටියෙ නෑ. කොටින්ම අනුර කුමාර දිසානායක මහත්තය ඇන්දෙ දෙපැත්තෙ සාක්කු දෙකක් තියෙන ඩිරෙක්ට කමිස. අනුර කුමාර මහත්තයත් කොහෙවත් කොතැනවත් ජාතික ඇඳුම ඇන්දෙ නෑ. ඒ නිසා මේ කවුරු ජනාධිපති වුණත් ජාතික ඇඳුම නො අඳීවි වගේ එකක් පේන්න තිබුණා.
“වුණාම බලමුකො, අඳින හැටි…”

සමහරු එහෙම කිව්වා. ඇත්තටම එහෙම කියන්න හේතුවක් තිබුණා. මේ සටනින් අනුර කුමාර මහත්තයට දිනන්න ලේසි නෑ කියලා පේන්න තිබුණා. ප්‍රධාන අපේක්ෂකයො දෙන්නම ආවෙ දේශපාලනයෙ මුල් ඇතිව. එක්කෙනෙක් ලංකාවෙ දෙවැනි විධායක ජනාධිපති ආර්. ප්්‍රමදාසගෙ පුතා. අනිත් කෙනා පස්වැනි විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂගෙ මල්ලි. මේ දෙන්නම ජාතික ඇඳුම ඇන්ද අය. මහින්ද මහත්තයා තව සාටකේකුත් දැම්මා. ඒ නිසා මේ අයත් ජාතික ඇඳුමට හුරුවෙන බව පේන්නම තිබ්බා.
හැබැයි මැතිවරණය වෙනකල්ම කවුරුවත්ම ජාතික ඇඳුමට බැස්සෙ නෑ. මේ වෙනකොට පත් වුණ විධායක ජනාධිපතිවරු අතරින් ජාතික ඇඳුම නොඇන්ද කෙනෙක් නෑ. චන්ද්‍රිකා නෝනා අන්දෙත් ඔසරිය. ඒ කියන්නෙ ඒකත් අයිති ජාතික ඇඳුමට. පළමුවැනි ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන, දෙවැනියා ආර්. ප්‍රේමදාස, තුන්වැනියා ඩී.බී. විජයතුංග, මහින්ද රාජපක්ෂ වගේම මෛත්‍රීපාල සිරිසේනත් ඇන්දෙ ජාතික ඇඳුම. ඒ නිසා මේ වතාවෙ රෙද්ද බැනියම නොඅඳින කෙනෙක් ජනාධිපති වෙයිද කියන එක මුළු රටටම ලොකු ප්‍රශ්නයක් වෙලා තිබ්බෙ. කොහොම නමුත් කවුරු ආවත් රෙද්ද බැනියමට මාරු වෙයි කියලා හැමෝම හිතමින් උන්නා.
ඔය අතරෙ ප්‍රතිඵල නිකුත් වුණා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වුණා. 17 වැනිදා හැන්දෑ වෙනකොට මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ නිල ප්‍රතිඵල ප්‍රකාශ කිරීමේ අවස්ථාව තිබුණා. ජනාධිපතිවරණය ජයග්‍රහණය කරපු ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මහින්ද සහ සහෝදර පිරිස එක්ක ආවා. හැබැයි ඒ එනකොටත් ඔහු සරමට මාරු වෙලා තිබ්බෙ නෑ. ජාතික ඇඳුම වෙනුවට ඔහු හිටියෙ පරණ පුරුදු කළු කලිසම සහ අත්කොට කුරක්කන් පාට කමිසය ඇඳලා. හැබැයි ඒ වෙනකොටත් මහින්ද මහත්තයගෙ පවුලම අඳින්නෙ ජාතික ඇඳුම. චමල් රාජපක්ෂ මහත්තයා ඇන්දෙ ජාතික ඇඳුම. බැසිල් රාජපක්ෂ ඇන්දෙත් ජාතික ඇඳුම. නාමල් රාජපක්ෂත් එහෙමයි. හැබැයි ගෝඨාභය ඒ වෙනකල්ම ජාතික ඇඳුමට මාරු වුණේ නෑ.
ඊළඟට තිබුණෙ දිවුරුම් දීමේ උත්සවය. ඒක අතිශය සංස්කෘතික එකක්. තැන විදියට තෝරගෙන තිබුණෙ රුවන්මැලි සෑයේ සලපතළ මළුව. එදා නිල වශයෙන් ජනාධිපති වෙනකොට ජාතික ඇඳුම ඇඳ ගෝඨාභය රාජපක්ෂ මහත්තයව බලන්න මිනිස්සු බලාගෙන උන්නා. හැබැයි ඒ වෙනුවට ඔහු ආවෙ සාමාන්‍ය සුදු කමිසයක් ඇඳලා. වෙනස් වෙලා තිබුණෙ කමිසෙ පාට විතරයි. ජනාධිපතිතුමා කරළියට ආවෙ ජාතික ඇඳුම සහිතව නෙවෙයි. ඒ වෙනකොටත් කිසිම අවස්ථාවක ගෝඨාභය මහත්තයා ජාතික ඇඳුම ඇන්දෙ නෑ. හැබැයි කොයි වෙලේ හරි අඳීවි කියලා හැමෝම හිතමින් උන්නා. ඒත් ඔහු සාමාන්‍ය මනුස්සයෙක් විදියට සාමාන්‍ය ඇඳුමෙන්ම සැරසුණා. ජනාධිපති නෙවේ කවුරු වුණත් වෙනස් වෙන්නෙ නෑ කියන විදියට ඔහු කටයුතු කළා.

හැබැයි ජනාධිපතිතුමාගෙ පළමුවැනි විදේශ සංචාරය යෙදෙන්නෙ ඔය අතර. ඒ සංචාරය යෙදිලා තිබුණෙ ඉන්දියාවට. කොහොමත් අපේ කට්ටිය ඉන්දියාවට යන්නෙ එන්නෙම එක විදියකට. යනකොට කොහොම ගියත් මෝඩි ළඟට යනකොට අඳීවි කියලා බොහෝ දෙනෙක් හිතුවා. හැබැයි එහෙම වුණෙත් නෑ. ජනාධිපතිතුමා එදා ඇන්දෙත් පරණ පුරුදු අත් කොට ලිනන් කමිසෙයි දිග කලිසමයි. හැබැයි දැන් පාර්ලිමේන්තුව වාර අවසන් කරලයි තියෙන්නෙ. අලුතෙන් පාර්ලිමේන්තු වාරය ආරම්භ කරන දවසට ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට සහභාගි විය යුතුයි. එතකොට මොකද වෙන්නෙ? අපි බලාගෙන ඉන්නවා. නිල ප්‍රතිඵල නිකුත් වුණ දවසෙ වගේම, දිවුරුම් දෙන දවසෙ වගේම, ඉන්දියාවෙ ගියපු දවසෙ වගේම. පාර්ලිමේන්තුවේ ඇඳුමෙ වෙනසක් වෙයිද? නැත්නම් ජනාධිපතිතුමාගෙ වෙනසක් වෙයිද? කියලා.
මේ සම්බන්ධව තිබුණ සඳහන් කිරීම්වල තිබුණෙ ඇත්තටම “නිසි ඇඳුමක්” කියලා. ඒ අතර පාර්ලිමේන්තුවෙ තියෙන සම්ප්‍රදායක් විදියට නියම වෙච්ච ඇඳුමක්. ඒ එක්කො බහුතරයක් පාර්ලිමේන්තු මන්ත්‍රිවරු අඳින විදිහට එක්කෝ ජාතික ඇඳුම විය යුතුයි. එහෙම නැත්නම් බටහිර ක්‍රමයට අඳින කෝට් කිට් එක විය හැකියි. එහෙම නැත්නම් ‘මන්ත්‍රි ඇඳුම’ කියන ටියුලිප් කොලර් එක සහිත අත්දිග කමිසය සහ කලිසම විය හැකියි. එහෙම නැත්නම් අඳින ඇඳුම්වලට එරෙහිව පාර්ලිමේන්තුව කටයුතු කරපු අවස්ථා කීපයක්ම ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයෙ වාර්තා වෙනවා. ඉන් එකක් වෙන්නෙ දහනායක මහත්තයා විරෝධයක් පළකරමින් අමුඩයකින් සැරසිලා ආපු අවස්ථාව. ඒ වෙලාවෙ දහනායක මහත්තයට පාර්ලිමේන්තුවට ඇතුළු වීමට අවස්ථාවක් ලැබෙන්නෙ නෑ. ඒ වගේම තවත් අවස්ථාවක ශ්‍රීමතී ඇතුලත්මුදලි මහත්මිය වෙනස් ඇඳුමකින් සැරසිලා එනවා. දැන ගන්න තියෙන්නෙ ඒ වෙලාවේ ශ්‍රීමති ඇතුලත්මුදලි නෝනටත් පාර්ලිමේන්තුවට ඇතුළු වෙන්න ලැබෙන්නෙ නෑ. ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට ආපු ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රිනි අජාන් උම්මා නෝනටත් විශේෂ ෆර්දාව සහිත ඇඳුම ඇඳලා පාර්ලිමේන්තු සභා ගැබට ඇතුළු වෙන්න විශේෂ අවසරයක් ගන්න සිදුවෙනවා. ඒ විදිහට ගත්තම ජනාධිපතිතුමන්ගෙ මේ සරල සාමාන්‍ය ඇඳුම් විලාසිතාව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවෙ සම්ප්‍රදායට ප්‍රශ්නයක් වෙයිද?
අපි මේ කතා කරන්නෙ ඒ ගැන. දැන් හැමෝම බලාගෙන ඉන්නෙ පාර්ලිමේන්තු සභා ගැබට ඇතුළු වෙන ජනාධිපතිතුමාගෙ රූපය දකින්න. එතුමා ඇඳලා ඉන්න විදිය දකින්න. මොකද කීප වතාවක්ම ඡායාරූපවලින් අපි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ටයි කෝට් සහිතව සැරසිලා ඉන්නවා දැකලා තියෙනවා. හැබැයි ඔය කියන ටියුලිප් කොලර් සහිත මන්ත්‍රි ඇඳුමවත්, පවුලටම හුරු පුරුදු ජාතික ඇඳුම සහ කුරක්කන් සාටකයවත් ඔහු ඇඳලා ඉන්නවා රටේ ජනතාව දැකලවත් නෑ. ඒ නිසා අපි හැමෝම බලාගෙන ඉන්නවා. එහෙනම් ඉතින් බලාගෙන ඉඳිමු අලුත් අවුරුද්දෙ අලුත් විදියට ජනාධිපතිතුමන්ව දකින්න ලැබෙයිද කියලා.

ජීවන පහන් තිලිණ

SendShareShare
Previous Post

රනිල් ඉන්නවා: සජිත් යනවා: ‌ගෝඨාභයගේ ප්‍රශ්නය (රාජ්‍ය රහස්)

Next Post

දිවුලපිටි‌යෙන් ඇමැති පුටුවට ආ කවුද ‌මේ අනුරුද්ධ?

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Uncategorized

ගල්කිස්සේත් වෙඩි තිබ්බා..! වෙලාවට පත්තු වෙලා නෑ! I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Uncategorized

ලබන අවුරුද්දේවත් අඩුවට මාළු කෑල්ලක් කන්න පුළුවන් වෙයිද? අනුර ධීවර අමාත්‍යංශයේ නිලධාරීන් ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවයි! PHOTOS I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Uncategorized

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Uncategorized

හෝමාගම කර්මාන්ත ශාලාවේ ගින්නෙන් 5ක් මරුට! හිරවී සිටින අය සොයා තවදුරටත් මෙහෙයුම්! I Sri Lanka Latest News

කතානායකට බරපතළ චෝදනාවක්! මේ පාර ලොන්ඩරි කේස් එකක්! හෙළිදරව්ව ගම්මන්පිලගෙන්! අල්ලස් කොමිසම ඇක්ෂන් එකක් ගනියිද? VIDEO I Sri Lanka Latest News
Uncategorized

කතානායකට බරපතළ චෝදනාවක්! මේ පාර ලොන්ඩරි කේස් එකක්! හෙළිදරව්ව ගම්මන්පිලගෙන්! අල්ලස් කොමිසම ඇක්ෂන් එකක් ගනියිද? VIDEO I Sri Lanka Latest News

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

Load More
අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පසුගිය පක්ෂ නායක රැස්වීමේ දී ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය යන රාජ්‍ය පාලනයේ ප්‍රධාන කුළුණු තුන (Tripartite System of Government) හා...

Read more
දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

ගල්කිස්සේත් වෙඩි තිබ්බා..! වෙලාවට පත්තු වෙලා නෑ! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.