අද පැවකි පක්ෂ නායක රැස්වීමේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හය වතාවක් අගමැති ධූරයෙන් ඉවත් විය නොහැකි බව දැනුම් දී ඇති බව වාර්තා වේ.
නමුත් මෙහිදී සියලුම පක්ෂ නායකයන් ඊට දැඩි විරෝධයක් පළ කොට ඇති අතර ඔවුන් පෙන්වා දී ඇත්තේ මේ මොහොතේ රටේ පවතින තත්ත්වය දෙස බලා තීන්දු ගත යුතු බවකි.
ජනතාව මේ මොහොතේ ජනාධිපතිවරයා පමණක් නොව අගමැතිවරයාද ඉවත් විය යුතු බවට වූ ස්ථාවරයේ සිටින බව ඔවුන් පෙන්වා දී තිබේ.
ඒ අනුව අගමැතිවරයාටද අවසානයේ පක්ෂ නායකයන්ගේ තීන්දුවට අවනතව ඊට එකග වීමට සිදුව ඇති බව දැනගන්නට ඇත.










