ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුවට ගෙදර යන ලෙස බලකරමින් හෙට (09) කොළඹ පැවැත්වෙන දැවැන්ත ජන අරගලයට සහාය පළකරමින් බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවරද උද්ඝෝෂණයක් ක්‍රියාත්මක කර තිබෙනවා.
ආණ්ඩුවට එරෙහි සටන් පාඨ කියමින් ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් එම උද්ඝෝෂණයට එක්ව සිටි අයුරු දැකගත හැකි වුණා.
එසේම තවත් යුරෝපා රටවල් කිහිපයකම හෙට දිනයේ මෙවැනි විරෝධතා සංවිධාන කර ඇති බවද වාර්තා වනවා.










