මේ මස 08 සහ 09 කොටුව ජනාධිපති මන්දිරය පිහිටි ප්‍රදේශයට උද්ගෝෂණකරුවන් ඇතුළු වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නැයි පොලිසිය විසින් කරන ලද ඉල්ලීමක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා විසින් ප්‍රතික්ෂේප කළා.
අපරාධයක් සිදු වූවොත් ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට බලතල තිබෙන හෙයින් අදාල ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවද අධිකරණය සඳහන් කළා.
කොටුව පොලීසියේ ස්ථානාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව අතිරේක මහේස්ත්‍රාත් විසින් මෙම නියෝගය කළා.











