• About us
  • Contact us
Tuesday, July 28, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රට වැසියන් අපායට යවන බුදු දහමේ බෲටස්ලා…

July 4, 2022
in Exclusive
Reading Time: 11 mins read
A A
රට වැසියන් අපායට යවන බුදු දහමේ බෲටස්ලා…
Share on WhatsAppShare on Facebook

කුවේණිය මේ රට පාලනය කරන සමයේ ඉන්දියාවෙන් හත්සියයක “හොර හැත්තකුත්” සමග පැමිණි “විජය” ඇතැමකුට කුමාරයකු වුවත් අපට නම් හොර තක්කඩියෙකි. ඒ තක්කඩියා “තාම්බ්‍රපරණියට” (තම්මැන්නාවට) ගොඩබැසීමත් බුදුන්වහන්සේගේ පරිනිර්වාණයත් එකම දිනයක සිදුවූ බව අපේ මුතුන් මිත්තන්ගෙන් ලද විස්තරයකි. ඇති පන්දහස් පන්සියයක් සහ නැති පන්දහස් පන්සියයක් පවත්නා මේ රටේ ශ්‍රී සම්බුද්ධ බුද්ධ ධර්මය ආරක්‍ෂා කිරීමට “අල්පේශාක්‍ය මහේශාක්‍ය මහා විෂ්ණු දිව්‍යරාජයාට” බුදුන් වහන්සේ විසින් පවරන ලද්දේ යැයි කියන මතයද අපට ලැබුණේ ඔන්න ඔය අන්දමිනි.

අප (බැතිමතුන්) ශ්‍රීපාද කරුණා කරන විට “සාසනේ භාරවූ විෂ්ණු දෙවියනේ, මේ හිම භාර වූ සමන් දෙවියනේ,” යැයි තාලයට කියන (ගයන) “ශ්‍රී පාද වන්දනා” නමැති කවි පොතේ ඒ පැදියෙන් ඉඟි කෙරෙන්නේ ඒ පුවත විය යුතුය.

බුද්ධ දේශිත නිර්මල ථෙරවාදී බුද්ධ ධර්මය පවත්නා එකම රට ලෙසට ලෝවැසි සමස්ත බෞද්ධ ප්‍රජාවගේ සත්කෙරෙන්තෝ, ගරුකෙරෙන්තෝ, මානෙංතෝ, පූජෙංතෝ (සත්කාරයට, ගෞරවයට, අභිමානයට, පූජනයට) ශ්‍රී ලංකාව පාත්‍රව තුබුණේ ඒ පවිත්‍ර ධර්මය නිසාමය. ඒ ධර්මය මුල මැද අග පැහැදිලි බව නිසාය. ඒහිපස්සික (විමසා බැලීමේ) ගුණය කරණකොට ගෙනය. එවන් ධර්මය දෙසූවෝ බුද්ධ දිවාකර (සූර්ය) යාණෝය. උන්වහන්සේ වඩින කල්හි “ගච්ඡති නීල පථේ විය චන්දෝ” (නුබගැබ සරණ චන්ද්‍රයා මෙනි).

ධර්මය මෙතෙක් රැක්කෝ මහ සංඝයා වහන්සේය. මහා සංඝයා මැද උන්වහන්සේ “තාරගනා පරිවේඨිත රූපෝ” (තරු පිරිවැරූ සඳු මෙනි).

චන්ද්‍රයාගේ පැවැත්ම පුර (වර්ධන) සහ අව (අඩුවීම) වශයෙන් දෙආකාර වේ.

සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර දෙදහස් පන්සියය (2500) යෙදුණේ එක්දහස් නවසිය පනස් හයේ (1956) වෙසක් පුන් පොහෝ දිනයේය. ඒ යුගය බුද්ධ ශාසනයේ පුර පක්‍ෂය වේ. ඇති පන්දහස් පන්සියය යැයි පැරැන්නන් කීවේ ඒ යුගයටය. ක්‍රිස්තු වර්ෂ එක්දහස් නවසිය පනස්හයෙන් (1956) පසු අව පක්‍ෂය වී තිබේ.

බුදුන් වහන්සේ “සමන්ත භද්‍රයෝය.” ඒ සෑම අතකින්ම යහපත් බැවිනි. සෑම අතින් කෙසේ වෙතත් නමින් පමණක් “හොඳටෝම යහපත්” යන අරුත ඇති “සුභද්‍ර” නම් මහණ කෙනෙක් ද බුදුන් කලම ශාසනේ උන්නේය.

නායකත්වයට එරෙහි වූවන් මතු වූයේ බැහැරින් නොව අනුගාමිකයන්ගෙන් වීම ඉතිහාසගත පොදු සාධකයකි. ජේසුස්වාමි දරුවාණන්ගේ මාරයා සිටියේ උන්වහන්සේගේම අන්තේවාසික ගෝලයන් අතර “ජුදාස්”නමිනි. ජූලියස් සීසර් නැසීමට ඔහුගේ ඉතාම හිතවතා වූ “බෲටස්” අවුත් සිටියේය.
බුද්ධ පරිනිර්වාණය දක්වාම වැසී තිබූ ශාසනය පිරිහීමේ fදාරටුව බුදුන් පිරිනිවී තෙමසක් ගතවෙන්නටත් මත්තෙන් විවර වූවේය. ඊට පෙර මත ගැටුම් නොතිබුණාද නොවේ. බුදුන් වහහන්සේ පාරිලෙයිය වනයට වැඩීම එක් අවස්ථාවකි.

එහෙත් නායකත්වය තවත් මිහිපිට නොවූ කල බළලා මල්ලෙන් එළියට පැන්නේය.

“එයා ඉන්නැද්දි ඕනැ එකටයි, එපා එකටයි අපට තහංචි දැම්ම. දැන් එහෙම දෙයක් නෑ. අපට ඕනැ හැටියට පිස්සු කෙළිය හැකියි.” හොඳටෝම යහපත් සුභද්‍ර කීවේය. වෙන්නට යන විනාශය වහා දුටු මහරහතන් වහන්සේලා “ප්‍රශ්නය පොරොවෙන් කපන්නට ඉඩ නොතබාම නියපොත්තෙන් කඩා දැමීමට” මහා පරීක්‍ෂණයක් (සංගායනාවක්) පවත්වා ආරක්‍ෂණ වැටකඩුලු බැන්දෝය.

“උම්හු” ඒ ටික කලකට පමණක් සීමාවූ පැලැස්තරයකි.

“විනයෝ නාම සාසනස්ස ආයු” සාසනයේ පවැත්ම විනයයි. විනය පිරිහීම සියල්ලටම මුලය. තමන් වහන්සේ (නායකත්වය) පිරිනිවූ කල ධර්මය ගුරුතන්හිලා සලකන්නැයි බුදුන්වහන්සේ මහ සඟනට අනුශාසනා කළහ. එහෙත් ඒ මාර්ගයෙන් බැහැර වූ ඇතැම් සඟුන් පිරිසක් පවත්නා ශික්‍ෂා පද තමන්ට අනුරූපීව “මොඩිෆයි” කර අකැප වස්තූන් කැප කරගන්නට වූහ.

කමිං කලර් ඊස් නෝ ගුඩ් (comming colour is no good) එන පොට හොඳ නැති බව දුටු මහරහතන් වහන්සේලා දෙවැනුවත් තෙවැනුවත් එවැනිම පරීක්‍ෂණ දෙකක් පවත්වා ශාසනයට “ෆුල් සුද්ධයක්” දැම්මෝය.

ලාබෙට මෙන්ම පහසුවටද සොයාගත හැකි “පඬු” සුදු රෙදිවලට පොවා (පඬුගසා) වස්ත්‍ර හැඳ ගත්තාවූ ධර්මයෙන් කෙසේ වෙතත් කඳින් බඩින් ආරා මෝරා උන් ස්ථුල තිස්සලා පරීක්‍ෂණයේදී “කැඳේ ගල බේරන්නා සේ” තෝරා බේරා උලුප්පා ප්‍රසිද්ධියේම වස්ත්‍ර ගලවා ශාසනයෙන් පන්නා දමන ලද්fදා්ය.

සුපේශල ශික්ෂාකාමී මහා සංඝරත්නයට ශාසනේම සිටි වෙස්මුහුණුකාරයන්ගෙන් සේම පුරුතුගීසි, ලංදේසි සහ ඉංගිරිසි විදේශිකයන්ගෙනුත් බුද්ධ ධර්මය සමග ශාසනය ආරක්‍ෂා කරගැනීමට දීර්ඝ කාලයක් තිස්සේම දිවි පුදමින් තාඩන පීඩන විඳින්නට සිදුවිය. එපමණක් නම් මදැයි, මිථ්‍යා දෘෂ්ටිගත ශ්‍රී වික්‍රම වැනි වඩිගයන්ගෙන් ලද වධහිංසාද එමටය.

තම පියා මැරූ සිතාවක රාජසිංහ ලොක්කා අරිට්ඨකී වෙංඩු පෙරුමාල්ගේ උපදෙස් අනුව ගොස් මහා සංඝයා වහන්සේලා සැටනමක් පෙරවා සිටි සිවුරුවලින්ම දෙනම දෙනම බැගින් එකට ඈඳා බැඳ සීතාවක ගඟේ ගිල්වා මරා දැමීම මහපොළොව නූසුලන අපරාධයකි.

(උගෙ ආච්චිට හාල් ගරන්ඩ, ඒ කළ පාප කර්මයට ඇස්පනාපිටම (සාංදෘශ්ටික) විපාක පඩිසන්දී රාජසිංහ ලොක්කා නයකු ගසා මියගියේ අනිත් අයටත් පාඩමක් වෙන්නටය.)

මේ ටික කියන්නට සිද්ධ වූයේ වසර පන්දහසක් පවතින බව කියන ශාසනයේ සහ ධර්මයේ පුර පක්‍ෂයේදී සිදුවූ ශාසන විලෝපනය ගැන කීමටය. බුද්ධ ධර්මය රැකගන්නට අවංකවම කැපවූ මහ සඟ ගුණ කීමටය.

දැන් එළැඹ ඇත්තේ අව පක්‍ෂය හෙවත් පිරිහීමේ වසර දෙදහස් පන්සියයක (2500) කාලපරිච්ඡේදයයි.
ඒ ක්‍රිස්තු වර්ෂ 1956 සිට දැනට වසර හැටපහකට හැටහයකට (65-66) තරම් පෙර සිටය. මේ සුළු කාලයට මෙතරම් වින්නැහියක් වී ඇත්නම් අවසානය වන විට “බුදු අම්මෝ” මොන මොන දේ වෙත්දැයි සිතාගැනීමටද නොහැකිය.

හොරාගේ සිරිත හොරාකෑමය. වංචාකාරයාගේ සිරිත වංචා කිරීමය. එහෙත් හිතට උහුලන්නට බැරි කනගාටුව හොරකම් වංචා නැතිකරන්නට කැපවූ පේ වූ පිරිසෙන්ම ඒ වින්නැහිය සිද්ධවීමය. හරියටම කියනවා නම් රට කරවන්නට යන අපේ උන් රට කන එක වගේමය. මේ ධර්මද්වීපයට සිදුවී ඇත්තේද ඔන්න ඔය ටිකමය. රටේ පවතින්නේ මොන බුද්ධ ධර්මයද යන්නය. අපේ මහා සංඝරත්නයෙන් අසන්නට කියන්නට සිදුවී ඇත්තේද ඔය ටිකමය.

හාමුදුරුවරුන්ගෙන් ඔය ප්‍රශ්න බෞද්ධයකු අසන්නේ නම් ඉවසා සිටිය හැකිය. එහෙත් හතර විලිලැජ්ජාව නම් මුස්ලිම් භක්තිකයකු විසින් අසනු ලබන එකය.

අල්හාජ් මොහිදීන් බෙග් මෙසේ ඇසුවේය. “අහෝ මේකදෝ ධර්ම දීපේ බුදුන්ගේ….”
පුළුවන්නං දීපල්ලකො උත්තර.

එහෙත් උජුපටිපන්න, සාමීචිපටිපන්න, ආහුනෙයිය, පාහුනෙයිය, දක්ඛිනෙයිය මහා සංඝරත්නයට “මගෙ හද මඬල පෝදා බුදු කුටිය කොට – ඔබ එහි වඩා හිඳවා මුතු කුඩය යට – හැම මොහොතේම වැන්දත් හිත මදිය මට” යනු කීම විනා අන් කවරක්ද? කනගාටුව සුළුතරයක් කෙරෙහි පමණි.
බුදුදහම ආරක්‍ෂා කිරීමේ ප්‍රධාන භාරකාරත්වය දරන මහාසංඝ රත්නයද කිසියම් යුගයක පිරිහීමට ලක්ව “ගණින්නාන්සේලා” බවට පත්වන්නේහයි උගැන්වෙත්. එකල්හි ඔවුහු සතුන් මරාකත්, සියලු දුරාචාරයන්හි යෙදෙත්. අඹුදරුවන් රකිත්. මහණකම පෑමට ඇති සංකේතය කරේ “කහ” පැහැති නූලක් පැලැඳ සිටීම පමණක් බව කියත්.

ඒ බැව් “කාසාව කණ්ඨකේ භික්ඛූ” යන පරිදි පැවසේ. මේ යුගයේ සිදුවන ක්‍රියාකාරකම් ඒ යුගය ආරම්භය සඳහාද?

සතර පේරුවේ දායක කාරකාදීන්ද ඇතුළුව ප්‍රජාවට “බහුජන හිතාය බහුජන සුඛාය” පරිද්දෙන් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කිරීමට සිටින මහා සංඝ රත්නයේ ඇතැම් (බලවන්තයින්) පිරිසක් “කිංකරිස්සන්ති” (කුමක්කරත්ද?)

මන්ද? මහා සංඝරත්නයේ වැඩිදෙනෙක් “බහුකතෝ බහුලීකතෝ” භාවිත කරන්නේ සිද්ධාර්ථ ගෞතම බුදුන් වහන්සේ විසින් දෙසන ලද්දාවූ ධර්මයම දැයි යන්න ගැන ඉතා දීර්ඝ කාලයක් තිස්සේ බෞද්ධ කාට කාටත් සැකයක් මතුව ඇති හෙයිනි.

අපට පැහැදිලිවම පෙනෙන අන්දමට ඇතැම් භික්‍ෂුන්වහන්සේලා බුද්ධං, ධම්මං, සංඝං නොව “රාජපක්‍ෂ සරණං ගච්ඡාමි වන හෙයිනි.

නැතහොත් “කාසාව කණ්ඨකේ භික්ඛූ, රාජපක්‍ෂ සරණං ගතේ” යන නිසාය.

මේ වන විට මහජනයාට අඹුදරුවන් රැකීමට මඟක් නැත. ආහාර ද්‍රව්‍ය ගිනි ගණන්ය. තෙල් නැත. දරුවන්ට අධ්‍යාපනයක් නැත. පෝලිම්වල මිනිස්සු ඇදවැටී මියැදෙති. හෙට අනිද්දා වන විට අත්‍යාවශ්‍ය ඖෂධ නැති වන නිසා රෝගීහු පෝලිමේ මියයත් (එසේ නොවේවායි පතමු) මේ ගැන අමුතුවෙන් අටුවා ටීකා සන්න ගැටපද ලියා කියා දියයුතු නැත.

“පෙරදිග මුතු ඇටය” ලෙසින් මේ රට හැඳින්වීමට කී ඒ වාක්‍යයේ දැන් (පුරුෂ පක්‍ෂයට පමණක්) ඉතුරුවී ඇත්තේ එහි “අන්තිම” වචනය පමණි. තව ටික දිනකින් ඒකවත් ඉතුරු වේදැයි යන්න කිව නොහැකිය.

මේ ටික කියන්නට “ඕකාස ද්වාරත්ථේන කතං සබ්බං අපරාධං කමතුමේ භන්ථෙ” (හාමුදුරුවනේ මගේ සිතින් කයින් වචනයෙන් වරදක් සිදුවී නම් මට සමාවන්න).

මේ තත්ත්වයට මහජනයා පත්කරවීමට රටේ ඇතැම් බලගතු භික්‍ෂුන් වහන්සේලා මෙන්ම විහාරස්ථාන පවා වගකිවයුත්තේමය.

කැලණිය සහ නාරාහේන්පිට පැත්තේ ඇතැම් විහාරස්ථාන මහින්දගේ ගෝඨාගේ දේශපාලන ප්‍රචාරක මධ්‍යස්ථාන බවට පෙරැළිණි.

ඒවා ගැන මහජනතාවට අමුතුවෙන් ඇන ඇන කියාදීමට අවශ්‍යද නැත. ගෝඨා ගෙන ඒමට “උස්මුරුත්තට්ටුවේ, ගලඋඩ වත්තේ” ගොයියලා අල්ලපු කස්තිරං, නැටූ වන්නං, ගිය පන්දම් පෙළපාළි කියලා වැඩක් නැත.

කැලණිය පන්සලට නාග ලොවෙන් නාගයෙක් සර්වඥ ධාතුන් වහන්සේලා ප්ලාස්ටික් බෝතලයක දමා ගෙන ආවේය. ඒ ධාතුන් වහන්සේලා වන්දනා කිරීමට බැති සිතින් (කෙසේ වෙතත් මොන කෙහෙල්මලෙන් හෝ) මත්ව අපේ උවසු උවැසියන් ආවේ කැලණි ගඟෙන් ස්නානය කර සිඟාලෝවාද සූත්‍රයේ සඳහන් “අල්ල වත්ථො, අල්ලකේසෝ, පරිද්දෙන්මය”.

එසේ ස්නානය කර පැමිණි බැතිමතුන් අතර භද්‍ර යෞවනයේ උන් උපාසකම්මලාද අල්ල ශ්වේත වස්ත්‍රයෙන්ම සැරසුණාහුද වන්හ. ඒ සියල්ලන්ටම “නුපුබුදු තැඹිලිමල් උන් දඟ යුගට මනකල්” නොවුණද ඔවුනගේ ‌දෝතට “නුපුබුදු” නෙලුම බැගින් (නෙළුම් පොහාට්ටුවක්) දී යුතුකම ඉෂ්ට සිද්ධ කරන්නට නම් අනුශාසනා කළහ. ඒ අවස්ථාවේ ගෝඨා ඉදිරිපත් වූවේ නෙලුම් පොහොට්ටුවෙන් බව අමුතුවෙන් සිහිපත් කළ යුතු නැතැයි සිතමි. මේවා ගැන විස්තර කීමට ගියහොත් පන්සිය පනස් ජාතක පොතටද වඩා දිගු විය හැකිය. (ඉදින් කෙටියෙන් කිව යුත්තේ උන්නාන්සේලා විසින් මේ අගාධයට ඇද දැමූ මහජනයා විඳින දුක් කන්දරාව නොපෙනීමට උන්වහන්සේලා නැත්තේ රහත් වෙලාදැයි යන්න නම් නොදනිමි)

“පවුල් පන්සල් වෙනවා” යන්න ජනවහරේ එන්නකි. පන්සල් සේම විසල් ආරාමවලින්ද ශ්‍රී ලංකාව ආඪ්‍යය. ඒ ආරාම වනාහි පවුල් පන්සල්ය. රාමාට තබා රාවණාටවත් නැති තරමේ සුවිසල් මාලිගාය. හැබැයි ඇතැම් ඒවා ගම්මුන් කියන පරිදි “ගමෙන් පන්සලටත්, පන්සලෙන් ගමටත් පිහිට නැති” පන්සල්ය. එඩ්වඩ් ජයකොඩි කියන ජාතියේ පන්සල් නෙමේය.

ඇතැම් මහා සංඝයා වහන්සේලා පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ආසනයක් අරබයා අධිකරණයේ නඩුවක්ද පවරා හත්පොළේම ගාගත්හ.

එමතුද නොව, පූජාවලියේ එක් කථාවත්ථුවක “බීජෝධරණය” යන පදයක් ඇත. එහි අර්ථය වෘෂභයන් වැනි පුංලිඟු සත්වයන්ගේ අණ්ඩ කෝෂ පොලුවලින් තලා මිරිකා “පුස්සන්” (වන්ධ්‍යා) බවට පත්කිරීමය.

නඩු කියා අතන මෙතැන කොතැන නොගොස් පාර්ලිමේන්තුවටම වැඩිය උන්නාන්සේට සභා ගැබේ අරගලයක් ඇති වූ අවස්ථාවක දී කෘතහස්ත දේශපාලනඥයකු වන මර්වින් සිල්වා ආචාර්යවරයාණන් විසින්ම “බීජෝද්ධරණ” කර්මයම කළ බව ඒ දිනවල පුවත්පත්වලද මහ ඉහළින් පළවී තිබුණේය.

රටේ කීර්තිමත් උගතකු සහ නිදහස් චින්තකයකු වූද ඉතා අල්පේච්ඡ ධාර්මික ජීවිතයක් ගතකළ අවිවාහක ඊ.ඩබ්ලිව්. අධිකාරම් මහතා නවසිය හැට ගණන්වලදී ගුවන්විදුලියේ ධර්ම සාකච්ඡාවකට සහභාගි වූ අවස්ථාවේදී නිවේදකයා එතුමාගෙන් ප්‍රශ්නයක් ඇසුවේය.

“ඔබ මේ ජීවිතයේදී අපේක්‍ෂා කරන යම් දෙයක් තිබේද?” යන්නය. පිළිතුර “ඔව්” යැයි කීයෙන් ඒ කුමක් දැයි නිවේදක තැන යළි විමසුවේය.

“බෞද්ධ හාමුදුරු නමක් දැකීම” යැයි එතුමා කීවේය.

විමලරත්න කුමාරගම විසින් ලියන ලද “මුතුගේ ප්‍රශ්න” යන කවි පංතියට පාදක වූයේ ගං ඉවුරක පදිංචි ගැමි පවුලක අවුරුදු පහ හයක් තරමේ “මුතු” නමැති දැරිය සහ ඇය ළෙන්ගතුව සිටි “තොටියා” අතර ඇතිවූ ප්‍රශ්නයය.

ඇය නොදත් දේ ඔහුගෙන් අසා දැන ගත්තීය.

වරක් ගඟ දෙස ඉතා ඕනෑකමෙන් බොහෝ වේලාවක් බලා සිටි ඇය “මේ ගඟේ මෙගොඩ වගේම එගොඩත් ගැඹුරු දැයි ඇසුවාය.

හාමුදුරුවරුන් පිරිසක් එතෙර කර ආපසු පැමිණි තොටියාගෙන් ඇය ඇසුවේ රටේ ඉන්න සෑම හාමුදුරුනමක්ම බුද්ධාගමේද? යන්නය.

තොටියා මුනිවත රැක්කේය. ඇත්තටම ඒ ප්‍රශ්නයට ඔබ ළඟ හෝ පිළිතුරක් තිබේද?



චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

ටයර් නැතිව CTB බස් ඩිපෝවල කොට උඩ! ඒ අස්සේ ටයර් තොගයක් වරායේ හිරකරගෙන!

Next Post

විශේෂ ප්‍රකාශ! විශේෂ ප්‍රකාශ! විශේෂ ප්‍රකාශ! රනිල්ගෙන් හෙට පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක්! EXCLUSIVE

MORE NEWS

නීතීඥ සංගමයේ සභාපති කියනවා ජනමත විචාරණයකට යන්න වෙයි කියලා! අධිකරණ ඇමැතියි සෞඛ්‍ය ඇමැතියි කියනවා ජනමත විචාරණයකට යන්න ඕන නෑ කියලා! බලමු කව්රු කියන එක හරි යයිද කියලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමයේ සභාපති කියනවා ජනමත විචාරණයකට යන්න වෙයි කියලා! අධිකරණ ඇමැතියි සෞඛ්‍ය ඇමැතියි කියනවා ජනමත විචාරණයකට යන්න ඕන නෑ කියලා! බලමු කව්රු කියන එක හරි යයිද කියලා! VIDEO I Sri Lanka Latest News

ශ්‍රී ලංකා නීතීඥ සංගමයත් මැදිහත් වෙයි! හදිසි තත්ත්වය වහාම අවලංගු කරන්නැයි ජනපතිගෙන් ඉල්ලයි! (VIDEO)
Exclusive

නීතීඥ සංගමයේ විශේෂ මහ සභා රැස්වීමක් හෙට! සමගි නීතීඥ සංගමයෙන් විශේෂ ආරාධනාවක්! I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉරාන යුද්දෙට අමෙරිකාවෙන් තුනෙන් දෙකක්ම අකැමැත්තෙන්! අලුත්ම මත විමසුමෙන් ට්‍රම්ප් ඉවරයි! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

දැන්ම තියා ලෑස්ති වෙන්න! ලබන මාසයේ විශාල නියඟයක් එනවා! බොන්නවත් වතුර නැතිවෙන්නයි යන්නේ..!  Sri Lanka Latest News

ඕකා ඉන්න ඕන හිරේ..! ගොවියො ලාල්කාන්තට අමතනවා ඇමතිල්ලක්..! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඕකා ඉන්න ඕන හිරේ..! ගොවියො ලාල්කාන්තට අමතනවා ඇමතිල්ලක්..! VIDEO I Sri Lanka Latest News

ගිනිගත්හේනට ජාත්‍යන්තර මට්ටමේ කීර්තියක් අරන් ආ හෙසලිට ගමම ආචාර කරපු හැටි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගිනිගත්හේනට ජාත්‍යන්තර මට්ටමේ කීර්තියක් අරන් ආ හෙසලිට ගමම ආචාර කරපු හැටි! PHOTOS I Sri Lanka Latest News

Load More
නීතීඥ සංගමයේ සභාපති කියනවා ජනමත විචාරණයකට යන්න වෙයි කියලා! අධිකරණ ඇමැතියි සෞඛ්‍ය ඇමැතියි කියනවා ජනමත විචාරණයකට යන්න ඕන නෑ කියලා! බලමු කව්රු කියන එක හරි යයිද කියලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමයේ සභාපති කියනවා ජනමත විචාරණයකට යන්න වෙයි කියලා! අධිකරණ ඇමැතියි සෞඛ්‍ය ඇමැතියි කියනවා ජනමත විචාරණයකට යන්න ඕන නෑ කියලා! බලමු කව්රු කියන එක හරි යයිද කියලා! VIDEO I Sri Lanka Latest News

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ තීරණය සම්බන්ධයෙන් ජනමත විචාරණයකට යාමේ අවශ්‍යයතාවයක් නොමැති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස...

Read more
ශ්‍රී ලංකා නීතීඥ සංගමයත් මැදිහත් වෙයි! හදිසි තත්ත්වය වහාම අවලංගු කරන්නැයි ජනපතිගෙන් ඉල්ලයි! (VIDEO)

නීතීඥ සංගමයේ විශේෂ මහ සභා රැස්වීමක් හෙට! සමගි නීතීඥ සංගමයෙන් විශේෂ ආරාධනාවක්! I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News

ඉරාන යුද්දෙට අමෙරිකාවෙන් තුනෙන් දෙකක්ම අකැමැත්තෙන්! අලුත්ම මත විමසුමෙන් ට්‍රම්ප් ඉවරයි! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News

දැන්ම තියා ලෑස්ති වෙන්න! ලබන මාසයේ විශාල නියඟයක් එනවා! බොන්නවත් වතුර නැතිවෙන්නයි යන්නේ..!  Sri Lanka Latest News

ඕකා ඉන්න ඕන හිරේ..! ගොවියො ලාල්කාන්තට අමතනවා ඇමතිල්ලක්..! VIDEO I Sri Lanka Latest News

ඕකා ඉන්න ඕන හිරේ..! ගොවියො ලාල්කාන්තට අමතනවා ඇමතිල්ලක්..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.