• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රෑට බෝල ගහන්න මාස 6න් හදපු ඛෙත්තාරාම ක්‍රීඩාංගණයේ ඔබ නොදත් කතාව…

July 4, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
රෑට බෝල ගහන්න මාස 6න් හදපු ඛෙත්තාරාම ක්‍රීඩාංගණයේ ඔබ නොදත් කතාව…
Share on WhatsAppShare on Facebook

ලාංකිකයන්ගේ ක්‍රිකට් මහගෙදර හෙවත් ඛෙත්තාරාම ක්‍රීඩාංගණය (R.Premadasa Stadium) ඉදිකිරීමේ අපූරු කතා පුවත පිළිබඳ අද නවක පරපුර දැනුවත් කිරීම වැදගත් යැයි මා විශ්වාස කරමි. 1985 වර්ෂයේදී එවක අගමැතිවරයාව සිටි රණසිංහ ප්‍රේමදාස මහතා නිල සංචාරයක් සඳහා ඔස්ටේ්‍රලියාව බලා ගමන් ගන්නා අතර එහිදී එතුමාට ‘පර්ත්’ ක්‍රීඩාංගණයේ පැවැති දිවා රාත්‍රී ක්‍රිකට් තරගයක් නැරඹීමේ අවස්ථාව හිමිවෙනවා.

එහිදී තමන්ගේ රටේත් මෙවැනි ක්‍රීඩාංගණයක් ඉදිකිරීම සඳහා ඔහුට දැඩි ආශාවක් ඇතිවූ අතර ඔහු ලංකාවට පැමිණි වහාම ඉංජිනේරු සංස්ථාවේ එවක සිටි ප්‍රධාන ඉංජිනේරුවරයා කැඳවා ‘අපිට රෑට බෝල ගහන්න පිට්ටනියක් හදන්න පුළුවන්දැ’යි විමසා සිටිනවා. එහිදී ඔහු වික්ෂිප්ත වී ටික වේලාවක් බලා සිට ‘පුළුවන් සර්’ යැයි පිළිතුරු ලබාදෙනවා. ඒ ඔහුට පුළුවන් නිසා නොව, තමාගේ රැකියාවට ඇති ආදරය හේතුවෙන්. මොකද ප්‍රේමදාස මහතා තුළ ‘නැහැ’, ‘බැහැ’ කියන වචන ඇසීමට ඇති අකැමැති බව ඔහු දැන සිටියා. ඉන් පසුව ප්‍රධාන ඉංජිනේරුවරයාට ප්‍රේමදාස අගමැතිවරයා ‘මම ඔයාට මාස 6ක් දෙන්නම් මේක හදන්න’ යැයි පවසා සිටිනවා. ප්‍රධාන ඉංජිනේරුවරයා කරකියා ගැනීමට දෙයක් නොමැතිව එම ස්ථානයෙන් පිටව යනවා.

ප්‍රේමදාස අගමැතිවරයා අවශ්‍ය මුදල් සියල්ලම ඉංජිනේරු සංස්ථාවට ලබාදෙනවා. මෙහිදී මාස 4ක කාලයක් තුළ ඔවුන් විදුලි ආලෝක කුලුනු හැර අනෙකුත් ඉදිකිරීම් සිදුකරනු ලබනවා. මෙම ක්‍රීඩාංගණය ඉදිකිරීමේ කාලය තුළ බොහෝ වතාවක් අගමැතිවරයා එය නිරීක්ෂණය කිරීම සඳහා පැමිණෙනවා. ක්‍රීඩා භූමිය නිර්මාණය කිරීමෙන් පසුව අගමැතිවරයා ඉංජිනේරු සංස්ථාවෙන් අසා සිටින්නේ ‘ඔබට මාගෙන් තවදුරටත් අවශ්‍ය වන්නේ කුමක්ද?’ යන්නයි. එහිදී ඔවුන් පවාසා සිටින්නේ මෙම ක්‍රීඩාංගණයට විදුලි බුබුළු සවිකිරීම සම්බන්ධයෙන් ඔවුන්ට දැනුමක් නොමැති බවයි. එය විමසීමෙන් පසුව අගමැතිවරයා සංස්ථාවේ ඉංජිනේරුවන් ඔස්ටේ්‍රලියාව බලා පිටත් කර යවන්නේ විදුලි බුබුළු දැමීම සඳහා අවශ්‍ය දැනුම හා තාක්ෂණය ලබාගැනීම සඳහායි.

ඔවුන් පර්ත් ක්‍රීඩාංගණය ඉදිකළ ඉංජිනේරුවන් හා ක්‍රීඩාංගණය භාර ප්‍රධාන නිලධාරියාද හමුවෙනවා. එහිදී ඔවුන් අවශ්‍ය තාක්ෂණය ලබාදෙන අතර ඔවුන් විමසා සිටිනවා ‘මේ දේවල් කරන්න ඔයාලට කොච්චර කල් තියෙනවාද’ යනුවෙන්.

එහිදී අප ඉංජිනේරුවන් පවසා සිටින්නේ ‘තව මාස 3ක් විතරයි’ කියායි. එසේ කියූ සැණින් ඔවුන් සිනාසී ‘අපිට මේකෙ බල්බ් දාන්න අවුරුද්දකට වැඩියෙන් ගියා. ඕක කරන්න පුළුවන් දෙයක් නෙවෙයි’ යනුවෙන් පවසා සිටිනවා. අනතුරුව ඔවුන් ලංකාවට පැමිණීමෙන් පසු මාසයක් තුළ අවශ්‍ය උපකරණ සියල්ල ලබාගන්නා අතර තවත් මාසයක කාලයක් සඳහා කල් ලබා ගැනීමට අගමැතිවරයා අවස්ථාව ලබා දෙනවා.

පසුව ඔවුන් මාස 3ක කාලය තුළ විදුලි බුබුළු සවිකිරීමට සමත් වෙනවා. නමුත් එම විදුලි ආලෝකය තුළ තරග ක්‍රීඩා කළ හැකි වුවත් කැමරා කිරීම සඳහා එම එළිය ප්‍රමාණවත් වන්නේ නැහැ. ඉන් පසුව ඔවුන් මේ පිළිබඳ අගමැතිවරයා දැනුවත් කරනවා. එහිදී අගමැතිවරයා විමසන්නේ දැන් කුමක් සිදුකළ යුතුද යන්නයි. එහිදී ඉංජිනේරුවරුන් මේ පිළිබඳ තව දුරටත් සොයා බැලීමෙන් පසුව මෙම විදුලි බුබුළුවලට වඩා දීප්තියෙන් ඉහළ විදුලි බුබුළු ගෙන්වා ගැනීමට සමත් වන අතර පැරණි විදුලි බුබුළු නැවත හරවා යැවීමට කටයුතු කරනවා.

මෙය ඉදිකිරීමෙන් පසුව විවෘත කිරීමේ උළෙල සඳහා පර්ත් ක්‍රීඩාංගණය භාර නිලධාරියාටද ආරාධනා කරනු ලබනවා. එහිදී ඔහු ක්‍රීඩාංගණය දැක විස්මයට පත්වන අතර ‘මෙම ක්‍රීඩාංගණයේ තත්ත්වය පර්ත් ක්‍රීඩාංගණයටත් වඩා හොඳයි’ යනුවෙන් පවසා සටහනක් ද තබනු ලබනවා.

එවක ඉංජිනේරු සංස්ථාව වැනි දේශීය ආයතන කාර්යක්ෂමව යොදාගන්නේ කෙසේදැයි රණසිංහ ප්‍රේමදාස මහතා පෙන්නුම් කළා. මෙම ක්‍රීඩාංගණය ‘ඛෙත්තාරාම ක්‍රීඩාංගණය’ ලෙස නම්කරනු ලැබුවා. ප්‍රේමදාස මහතාගේ අභාවයෙන් පසු මෙම ක්‍රීඩාංගනය ආර්. ප්‍රේමදාස අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණය ලෙස නම්කරනු ලැබුවා.

දැනට වසර කිහිපයකට පෙර ‘දොරමඩලාව’ රූපවාහිනී වැඩසටහනට පැමිණි එවක රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ ප්‍රධාන ඉංජිනේරුවරයාගේ ප්‍රකාශය ඇසුරෙන් මෙම ලිපිය ලියන ලදී.

සුදේශ් කරුණාතිලක

SendShareShare
Previous Post

ජැක්සන්ව ICU එකට යවපු වල් අලියට වෙලා තියෙන දේ!

Next Post

ෂෙඩ්වල තෙල් නැති වුණත් බවුසර් 15ක තෙල් ගෙවල්වල!

MORE NEWS

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.