උග්‍ර තෙල් හිගය මේ වනවිට බටහිර සහ යුරෝපා තානාපති කාර්යාලවලටද ඉතා අහිතකර ලෙස බලපා ඇති බව වාර්තා වේ.
ඒ අනුව මෙම සතිය අවසානය වනවිට ඉන්ධන නොමැති වීම හේතුවෙන් බටහිර සහ යුරෝපා තානාපති කාර්යාල වසා දැමීමට නියමිතව ඇති බව දැනගන්නට තිබේ.
පසුගිය සතියේදී මේ බව ඔවුන් විදේශ කටයුතු අමාත්‍යංශයට නිල වශයෙන් දැනුම් දී ඇති බවද පැවසේ.
ඔවුන් චෝදනා කරන්නේ ආණ්ඩුව වියානා සම්මුතිය බිද දමමින් විදෙස් තානාපති කාර්යාල පවත්වාගෙන යාම සදහා අවශ්‍ය පහසුකම් නොසපයන බවකි.










