වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වැඩ භාර ගැනීමත් සමග ගෑස් ටෙන්ඩරයෙන් රුපියල් බිලියන 6ක පමණ වංචාවක් සිදු කොට ඇති බව නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ ඉකුත් වතාවේ බලය ගත් සැණින් මහබැංකු කොල්ලයෙන් බිලියන 12ක් ගසා කෑ බවත්, මෙවර ඉන් හරි අඩක් හොරා කා ඇති බවත්ය.
මීට අගමැතිවරයා සහ සාගල රත්නායක මහතා සම්බන්ධ බවද ඒ මහතා කියා සිටියේය.








